ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට 2023 වසරේදී අත්දකින්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම් මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ pharmaceutical benefits scheme (PBS) හෙවත් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ වසර 75ක ඉතිහාසයේ ප්‍රථම වතාවට, රජයේ සහනාධාර සහිත බෙහෙත් වට්ටෝරු ඖෂධවල උපරිම මිල පහත වැටේ.

People crossing a busy street in Adelaide.

With the new year comes changes to parts of everyday life for many Australians. Source: Getty / James O'Neil

උද්ධමනය, ආරථික අර්බුද, කොවිඩ් වසංගතය මැදින් 2022 වසරේ සිට 2023 වසරට අපි දැන් පිවිස ඇත්තෙමු.

2023 වසරේදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට අත්දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් මොනවාද කියා මේ ලිපියෙන් දැනගනිමු.

Centrelink ගෙවීම් වැඩි කිරීම

2023 නව වසරේදී තරුණ හා ශිෂ්‍ය ගෙවීම් ඉහළ යනු ඇත. ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් වසර පුරා විවිධ දිනවලදී විවිධ Centerlink ගෙවීම් සකස් කරනු ඇත.

2023 ජනවාරි වන විට Youth Allowance සහ Austudy ගෙවීම් 6.1% කින් වැඩිවනු ඇත.

මෙම වැඩි කිරීම් ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන ජීවන වියදම් වැඩිවීමේ ආතතිය අඩු කිරීමට අදහස් කරන නමුත් එය ප්‍රමාණවත් නොවන බව ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Cassandra Goldie පැවසුවාය.

Students going in both directions up and down stairs.
Austudy is among a number of payments that will rise with indexation as of January 1. Source: Getty / SolStock

මිල අඩු ඖෂධ

ඔස්ට්‍රේලියාවේ pharmaceutical benefits scheme (PBS) හෙවත් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ වසර 75ක ඉතිහාසයේ ප්‍රථම වතාවට, රජයේ සහනාධාර සහිත බෙහෙත් වට්ටෝරු ඖෂධවල උපරිම මිල පහත වැටේ.

PBS යටතේ වැටෙන ඖෂධ සඳහා ඔස්ට්‍රේලියානුවන් ගෙවනු ලබන උපරිම මුදල ජනවාරි 1 පටන් $42.50 සිට $30 දක්වා පහත වැටේ.

මෙම වෙනස නිසා මසකට එක් ඖෂධයක් පමණක් ගන්නා පුද්ගලයෙකුට වසරකට ඩොලර් 150ක් දක්වා ඉතිරි කර ගත හැකි බව ගණන් බලා ඇත.

Medicare සහන ලැබෙන මනෝවිද්‍යා සැසි අඩු කෙරේ

ඔස්ට්‍රේලියානුවන්ට ලබා ගත හැකි Medicare සහන ලැබෙන මනෝවිද්‍යා සැසි 2023 දී අඩකින් කපා හරිනු ඇත.

COVID-19 වසංගතය අතරතුර, හිටපු ලිබරල් සන්ධාන රජය lockdown කිරීම්වලදී එල්ලවන මානසික සෞඛ්‍ය බලපෑම් විසඳීමට උපකාර කිරීම සඳහා මනෝවිද්‍යා සැසි 20 ක් දක්වා Medicare සහන ලබා දීමට අරමුදල් වෙන් කරන ලදී.

එම කාලය 2023 න් අවසන් වන බවත් 2023 වසරේදී එම ප්‍රමාණය යළි පෙර පැවති ප්‍රමාණයට එනම් සැසි 10 දක්වා ගෙන එන බවත් වත්මන් කම්කරු පක්ෂ රජය ප්‍රකාශ කළේය.

නමුත් මේ තීරණය පිළිබඳ යළි සිතා බැලිය යුතු බව මෙල්බර්න් Macnamara ආසනය නියෝජනය කරන කම්කරු පක්ෂයේ මන්ත්‍රී Josh Burns ට්විටර් පණිවිඩයකින් කියා සිටියේය.

PCR පරීක්ෂණ කරගැනීම සඳහා අඩු ප්‍රවේශයක්

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව පසුගිය වසරේ PCR පරීක්ෂණ සඳහා පැය ගණන් පෝලිම්වල ගත කළ නමුත් COVID-19 සඳහා ජාතික ප්‍රවේශය 2023 දී බෙහෙවින් වෙනස් ලෙස පෙනෙනු ඇත.

2022 ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සියලුම ස්වයං නිරෝධායන නීති සහ කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතා ඉවත් කරන ලද අතර ජනවාරි 1 වන විට නොමිලේ (Medicare-අරමුදල් සහිත) PCR පරීක්ෂණයක් ලබා ගැනීමට, නම් පුද්ගලයෙකු ප්‍රථමයෙන් තමන්ගේ පවුලේ වෛද්‍යවරයාව හමුවී එයට අදාළ නිර්දේශයක් ගත යුතුවේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

එක්වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත් කිරීම ඉහළ යාම

ඔස්ට්‍රේලියානුවන් මෑත වසරවලදී ඔවුන් සාප්පු සවාරි යන ආකාරය වෙනස් කර ඇති අතර, අනුමත කළ නොහැකි මට්ටමේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සමඟ කටයුතු කිරීම සඳහා නැවත භාවිතා කළ හැකි බෑග් රැගෙන යාමට ඔවුන්ව උනන්දු කර ඇත.

2023 දී, සෑම ප්‍රාන්තයක්ම සහ ටෙරිටරියක්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය තමන්ගේම කාලරාමුවට අනුව හසුරුවන විට, එක්වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය තවත් වැඩිපුර ක්‍රමානුකූලව ඉවත් කිරීමට පටන් ගනී.

සැප්තැම්බර් මාසයේදී ක්වීන්ස්ලන්තයේ ප්ලාස්ටික් කඳන් සහිත cotton buds ද විකිණීම තහනම් වනු ඇත.

පෙබරවාරි මාසයේදී, වික්ටෝරියා ප්‍රාන්තය එක්වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බීම බටවලට තවදුරටත් ඉඩ නොදෙන අතර බටහිර ඕස්ට්‍රේලියාව එක්වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් කෝපි කෝප්ප තහනම් කළ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට පත්වනු ඇත.

A man disposes of a coffee cup into a rubbish bin in Brisbane.
A man disposes of a coffee cup into a rubbish bin in Brisbane. Source: AAP

තැපැල් ගාස්තු ඉහළට

Australia Post හරහා ඔස්ට්‍රේලියාව තුළ ලිපියක් හෝ පාර්සලයක් තැපෑලෙන් යැවීමට 2023 දී වැඩි මුදලක් වැය වේ.

මූලික තැපැල් ගාස්තුව හෝ මුද්දරයක මිල, ජනවාරි 3 වන දින පටන් $1.10 සිට $1.20 දක්වා වැඩි වනු ඇත. 

මිලෙන් අඩු childcare සේවාවක්

මේ සඳහා දෙමව්පියන්ට ජූලි දක්වා බලා සිටීමට සිදුවනු ඇති නමුත් වසරේ දෙවන භාගය පැමිණෙන විට, බොහෝ පවුල් childcare සේවා සඳහා අඩු මුදලක් ගෙවනු ඇත.

ඩොලර් 80,000ට අඩු ආදායම් ලබන පවුල් සඳහා childcare සහනාධාර අනුපාතය 85% සිට 90% දක්වා ඉහළ යනු ඇත.

පවුල්වලට ඔවුන්ගේ වයස අවුරුදු පහ සහ ඊට අඩු වයසේ පසුවන childcare සේවා ලබන දරුවන් සඳහා 95% ක් දක්වා childcare සහනාධාර නොකඩවා ලැබෙනු ඇත.

රජුගේ උපන්දිනය වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක්

2022 දී බ්‍රිතාන්‍ය රැජිනගේ අභාවයත් සමඟ රැජිනගේ උපන්දින නිවාඩුව තවදුරටත් වලංගු නොවනු ඇත.

චාල්ස් රජුගේ උපන් දිනය ඇත්ත වශයෙන්ම නොවැම්බර් 14 වන දිනට යෙදී ඇත.s

නමුත් මීට පෙර රැජිනගේ උපන්දින නිවාඩුව සැමරු ආකාරයටම, එනම් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සැප්තැම්බර් මාසයේදීත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඔක්තෝබර් මාසයේදීත් අන් සියලු ප්‍රාන්ත හා ටෙරිටරිවල ජුනි මාසයේ මැදදීත් රජුගේ උපන්දිනයද සමරනු ඇත.

Share

Published

Updated

By Aleisha Orr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට 2023 වසරේදී අත්දකින්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම් මෙන්න (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala