මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා දෙන ලෙස ග්‍රීන්ස් පක්ෂය ඉල්ලයි (SBS සිංහල/ වාර්තා)

සරණාගත උපදේශිකාවක් ලෙස කටයුතු කරන ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Sarah Hanson Young විසින් මේ වන විට bridging වීසා මත සිටින මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන ලෙස නව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත.

The Murugappan family with friend and advocate Angela Fredericks.

The Murugappan family with friend and advocate Angela Fredericks. Source: Twitter / @HometoBilo

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා ලබා දෙන ලෙස ග්‍රීන්ස් පක්ෂය ඉල්ලා සිටියි.

ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Sarah Hanson Young, නව කම්කරු රජයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා ලබා දෙන ලෙස ඉල්ලීමක්

සරණාගත උපදේශිකාවක් ලෙස කටයුතු කරන ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Sarah Hanson Young විසින් මේ වන විට bridging වීසා මත සිටින මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන ලෙස නව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් වසර ගණනාවක් සටනක නිරතව සිටින ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුලට bridging වීසා සමයේ ඔවුන් විසූ Biloela නගරයට යාමට පසුගිය සතියේ අවසරය ලැබුණි.

මුරුගප්පන් පවුලේ වීසා ගැටලුව විසඳෙන තෙක් ඔවුන්ව රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා ගන්නා නියෝගය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට පැවරී ඇති බලතල උපයෝගී කරගනිමින් අහෝසි කර ඔවුන්ව යළි Biloela නගරයට යැවීමට අන්තර්කාලීන ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Jim Chalmers කටයුතු කළේය.
මෙම පවුලේ පියා Nades Murugappan වන අතර මව Priya Murugappan වේ.

ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලද Kopika සහ Tharnicaa නමැති දියණියන් දෙදෙනෙකු වෙයි.

ඔවුන් යළි Biloela නගරයට පැමිණි පසු ඔවුන්ට නවාතැන්, ගෘහ භාණ්ඩ සහ ළමුන් සඳහා පාසල යාමට කටයුතු සූදානම් කරමින් පවතින බව එම පවුලේ මිතුරියක් වන Angela Fredericks පැවසුවාය.

මෙම පවුලට සහය දක්වන Biloela වාසීන් Tharnicaa ගේ 5 වන උපන්දිනය සැමරීමටද සැලසුම් කරමින් සිටී.

ඇයගේ උපන් දිනය ජුනි 12 වනදාට යෙදී තිබෙන බවත් රැඳවුම් කඳවුරකින් පිටතදී ඇය සිය උපන්දිනය සමරන පළමු අවස්ථාව ලෙස මෙය සඳහන් කළ හැකි බවත් Angela Fredericks, SBS පුවත් වෙත පැවසුවාය.

Biloela ප්‍රජාවේ සහයෝගයට තමා ස්තුතිවන්ත වන බව Priya පැවසුවාය.

"අපිට සහයෝගය දක්වන්න පිරිස් හිටියට බොහෝ සරණාගතයින්ට සහොයෝගය දක්වන්න පිරිස් නැහැ, මට ඔවුන්ට උදව් කරන්න අවශ්‍යයි. ඔස්ට්‍රේලියාවට එන සෑම සරණාගතයකුගේම ජීවිතවල වෙනසක් මේ රජය විසින් සිදු කරනු ඇතැයි මගේ ප්‍රාර්ථනාවයි. සියලුම සරණාගතයින් දිවි ගලවා ගත් අයයි. ඔවුන්ට බලාපොරොත්තු අවශ්‍යයි." යනුවෙන් ඇය Home to Bilo කණ්ඩායම විසින් නිකුත් කරන ලද නිවේදනයක පැවසුවාය.

අගමැති Albanese ගේ මතය

අගමැතිවරයා ඔහුගේ ධුරයේ පළමු සතිය තුළ, මෙම පවුලට නැවත Biloela නගරය වෙත යාමට ඉඩ දීම සඳහා සිය පක්ෂයේ මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමට ඔහු සහ ඔහුගේ රජය තීරණය කළ බව Anthony Albanese පැවසීය.

"අපි ත්‍යාගශීලී රටක්, මම හැදී වැඩුණු ආකාරයට මිනිසුන්ට එසේ සලකන්නේ නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය.

මුරුගප්පන් පවුලේ පියා වන නඩේසලිංගම් සහ ප්‍රියා ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා 2012 සහ 2013 වසරවල වෙන වෙනම නීති විරෝධී යාත්‍රාවලින් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණියහ.

එලෙස පැමිණි ඔවුහු ඔස්ට්‍රේලියාවේදී විවාහ වී ඇත.

ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ Kopika සහ Tharnicaa නැමති දියණියන් දෙදෙනකු සිටිති.

2018 වසරේදී ඔවුන්ගේ තාවකාලික වීසා අවසන් වීමත් සමග ඔවුන් වාසය කළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Biloela නගරයෙන් ඔවුන්ව ඉවත් කිරීමට දේශ සීමා ආරක්ෂණ බලකාය පියවර ගත්තේය.

ඔවුන්ව කලින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භුමියේ රඳවා තබා ගැනීමෙන් පසු 2019 අගෝස්තු මාසයේදී Christmas දූපතේ රඳවා තබන ලදී.

නමුත් පසුගිය වසරේ ඔවුන් සිටියේ පර්ත් නුවර ප්‍රජා රැඳවුම් මධ්‍යස්ථානයකය.

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා සංකීර්ණ නීතිමය අරගලයක ඔවුන් නිරත වෙමින් සිටී.

පෙර පැවති මොරිසන් රජය මොවුන්ට ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.
Australian Prime Anthony Albanese speaks to the media during a press conference at Parliament House in Canberra
Prime Minister Anthony Albanese Source: AAP

සරණාගත සංවිධානවලින් ප්‍රබල සහයක්

මුරුගප්පන් පවුලට ස්ථිර ආරක්ෂාවක් ලබාදිය හැකි බවට බලාපොරොත්තු වන බව සරණාගත සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Kon Karapanagiotidis පැවසුවේය.

ඔවුන්ට පවුලක් ලෙස ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට අයිතියක් තිබිය යුතු බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Sarah Hanson Young පැවසුවාය.

එනිසා ඔවුන්ට තාවකාලික වීසා නොව ස්ථිර වීසා ලබා දිය යුතු බව ඇය ප්‍රකාශ කළාය.

ඔස්ට්‍රේලියාවේ දෙමළ ප්‍රජාවේ සාමාජිකයින් මෙම පවුලට bridging වීසා ලැබී ඇති පුවත පිළිබඳ සතුටු වූ බව සරණාගත නීතිවේදියෙකු වන John Jegaosthy පැවසුවේය.

දෙමළ වාර්ගික සුළුතරයට දිගින් දිගටම හිංසා පීඩා පවතින නිසා මුරුගප්පන්වරුන් පවුල නැවත ශ්‍රී ලංකාවට යාම ආරක්ෂිත නොවන බව ද ඔහු පැවසීය

"දැන් නැවත ඔවුන්ට ශ්‍රී ලංකාවට යන ලෙස ඉල්ලා සිටියහොත් ඔවුන්ට හානියක් වනු ඇති. ශ්‍රී ලංකාවට ගිය විටම ඔවුන් රැගෙන ගොස් සිරගත කරනු ඇති." යනුවෙන්ද ඔහු සඳහන් කළේය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා දෙන ලෙස ග්‍රීන්ස් පක්ෂය ඉල්ලයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala