ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතන ලාංකික මුරුගප්පන් පවුල රැඳවුම් භාරයෙන් නිදහස් (SBS සිංහල/ වාර්තා)

කම්කරු රජයක් පත්වුවහොත් මෙම මුරුගප්පන් පවුලේ වීසා ගැටලුවට මැදිහත්වන බව කම්කරු පක්ෂය තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී පොරොන්දු විය.

Murugappan family allowed to return to Biloela after four years in detention

Murugappan family allowed to return to Biloela after four years in detention Source: Supplied

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් වසර ගණනාවක් සටනක නිරතව සිටින ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුලට bridging වීසා සමයේ ඔවුන් විසූ Biloela නගරයට යාමට අද අවසරය ලැබුණි.

නව කම්කරු රජයේ අන්තර්කාලීන ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Jim Chalmers මේ බව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.


Highlights

  • මුරුගප්පන් පවුලේ වීසා ගැටලුව විසඳෙන තෙක් ඔවුන්ව රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා ගන්නා නියෝගය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට පැවරී ඇති බලතල උපයෝගී කරගනිමින් අද දින අහෝසි කෙරිණි.
  • මුරුගප්පන්  පවුලේ පියා වන නඩේසලිංගම් සහ ප්‍රියා ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා 2012 සහ 2013 වසරවල වෙන වෙනම නීති විරෝධී යාත්‍රාවලින් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණියහ.
  • ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ Kopika සහ Tharnicaa නැමති දියණියන් දෙදෙනකු සිටිති.

මුරුගප්පන් පවුල යළි Biloela නගරයට

කම්කරු රජයක් පත්වුවහොත් මෙම මුරුගප්පන් පවුලේ වීසා ගැටලුවට මැදිහත්වන බව කම්කරු පක්ෂය තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී පොරොන්දු විය.

ඒ අනුව මුරුගප්පන් පවුලේ වීසා ගැටලුව විසඳෙන තෙක් ඔවුන්ව රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා ගන්නා නියෝගය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට පැවරී ඇති බලතල උපයෝගී කරගනිමින් අහෝසි කර ඔවුන්ව යළි Biloela නගරයට යැවීමට තමන් කටයුය්හු කළ බව අන්තර්කාලීන ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Jim Chalmers පැවසීය.
ඔස්ට්‍රේලියානු නීතියට අනුකූලව ඔවුන්ගේ සංක්‍රමණ ගැටලුව විසඳීම සඳහා ඔවුන් කටයුතු කරන අතරතුර bridging වීසා මත ඔස්ට්‍රේලියානු ප්‍රජාව තුළ ඔවුන්ට දැන් නීත්‍යානුකූලව වාසය කළ හැකි බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර ඇත.

“මම පවුලේ අය සමඟ කතා කර Biloela වෙත ඔවුන්ගේ නැවත පිටත් වීම ගැන සුබ ප්‍රාර්ථනා කළා. මෙම තීරණය ඔවුන්ට මෙම සුන්දර පවුල වැළඳගත් විශාල හදවතක් ඇති සහ පිළිගැනීමට බලා සිටින ක්වීන්ස්ලන්ත නගරයක් වන Biloela වෙත ආපසු යාමට ඉඩ සලසනවා." යනුවෙන් අමාත්‍ය Jim Chalmers වැඩි දුරටත් සඳහන් කළේය.

සරණාගතභාවය පතන මුරුගප්පන් පවුල

මුරුගප්පන්  පවුලේ පියා වන නඩේසලිංගම් සහ ප්‍රියා ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා 2012 සහ 2013 වසරවල වෙන වෙනම නීති විරෝධී යාත්‍රාවලින් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණියහ.

එලෙස පැමිණි ඔවුහු ඔස්ට්‍රේලියාවේදී විවාහ වී ඇත.

ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ Kopika සහ Tharnicaa නැමති දියණියන් දෙදෙනකු සිටිති.
2018 වසරේදී ඔවුන්ගේ තාවකාලික වීසා අවසන් වීමත් සමග ඔවුන් වාසය කළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Biloela නගරයෙන් ඔවුන්ව ඉවත් කිරීමට දේශ සීමා ආරක්ෂණ බලකාය පියවර ගත්තේය.

ඔවුන්ව කලින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භුමියේ රඳවා තබා ගැනීමෙන් පසු 2019 අගෝස්තු මාසයේදී Christmas දූපතේ රඳවා තබන ලදී.

එතැන් සිට ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා සංකීර්ණ නීතිමය අරගලයක ඔවුන් නිරත වෙමින් සිටී.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

වයස අවුරුදු තුනක Tharnicca රුධිර ආසාදනයකට ගොදුරු වීමත් සමග බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් වෙත ගෙන යාමෙන් පසු මෙම පවුල මෑතකදී bridging වීසා මත ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ.

නමුත් Tharnicca හට bridging වීසා නොලැබුණි.

එනිසා ඔවුන්ට යළි Biloela වෙත යාමට අවසර නොලැබුණු අතර සියල්ලෝම යළි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබුණි.

නමුත් එම බාධාව අන්තර්කාලීන ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Jim Chalmers විසින් අද දින ඉවත් කළේය.



Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service