ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල පාසල් කාලය තුළ දුරකථන භාවිතය තහනම් වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

NSW හි ප්‍රාථමික පාසල්වල මෙන්ම ක්වීන්ස්ලන්තය සහ ACT හැර අනෙකුත් සෑම ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම දැනටමත් ජංගම දුරකතන තහනම ක්‍රියාත්මක වේ.

Two school students point to a phone carried by Chris Minns over a table with phones in pouches.

NSW Premier Chris Minns attended Condell Park High School this week, where mobile phones are already banned. Source: AAP / Steven Saphore

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ High school හෙවත් ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට පාසල් වේලාව තුළ ඔවුන්ගේ දුරකථන භාවිතා කිරීම තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

අලුතින් තේරී පත්වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Chris Minns පසුගිය සතියේ සිඩ්නි හි Condell Park උසස් පාසලේ සංචාරයක නිරත වෙමින් සිටියදී මේ බව නිවේදනය කළේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල දුරකතන තහනම

පාසල් පන්ති කාමරවල අනවශ්‍ය ලෙස අවධානය වෙනතකට යොමු කිරීමට තුඩුදෙන දේවල් ඉවත් කර ඉගෙනීම සඳහා වඩා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට කාලය එළඹ ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා එහිදී පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම ජංගම දුරකතන තහනම ගෙන ඒමට පෙර ප්‍රාන්තයේ Condell Park සහ Davidson High නමැති පාසල් මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවත් එම පාසල් නියම නායකත්වයක් ලබා දී ඇති බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Chris Minns පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

පාසල්වල දුරකථන තහනම් කිරීම අධ්‍යයන කාර්ය සාධනය වැඩි කිරීමට සහ හිරිහැර කිරීමේ සිදුවීම් (bullying) පහත වැටීමට හේතු වූ බව 2022 වසරේ නෝර්වේ හි සහ 2020 සිට ස්පාඤ්ඤයේ සිදු කරන ලද අධ්‍යයනවලදී අනාවරණය වී තිබේ.

නමුත් පාසල්වල දුරකථන තහනම් කිරීම හරහා ලැබුණු ප්‍රතිලාභ අවම බවත් සිසුන් දුරකථනවලින් ඈත්ව සිටීමේ අහිතකර ප්‍රතිවිපාක නොමැති බවත් ස්වීඩනයේ 2020 වසරේ සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
Phones in pouches are stored in a tray.
Phones belonging to students are stored in a container after being checked in at Condell Park High School. Source: AAP / Steven Saphore

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරිවල මෙය ක්‍රියාත්මක වන අයුරු

පාසල්වල පාසල් කාලයේ සිසුන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කළ නවතම ප්‍රාන්තය බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පත්වී තිබේ.

මෙම තහනම මේ වසර අග සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

NSW හි ප්‍රාථමික පාසල්වල මෙන්ම ක්වීන්ස්ලන්තය සහ ACT හැර අනෙකුත් සෑම ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම දැනටමත් ජංගම දුරකතන තහනම ක්‍රියාත්මක වේ.
දකුණු ඔස්ට්‍රේලියාව සිය ජංගම දුරකථන තහනම ක්‍රියාත්මක කළේ පසුගිය වසරේ නොවැම්බරයේ පැවති කම්කරු මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය. 2023 හි පළමු වාරයේ සිට, තුන්වන වාරය වන විට සම්පූර්ණ තහනමකට මාරු වීමට සිසුන්ට ඔවුන්ගේ දුරකථන ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වනු ඇත.

මෙම තහනම් කිරීම එක් එක් පාසලේ අභිමතය පරිදි පවතින බව ක්වීන්ස්ලන්ත අධ්‍යාපන අමාත්‍ය Grace Grace, Courier-Mail වෙත පැවසුවාය.

මේ අතර රජයේ පාසල් අධ්‍යාපනික අරමුණු සඳහා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන බැවින් ACT මෙම තහනම බැහැර කර ඇත.

පාසල්වල දුරකථන තහනමක් පැනවූ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වන අතර වසර 2020 දී එහි ආරම්භය සනිටුහන් විය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල පාසල් කාලය තුළ දුරකථන භාවිතය තහනම් වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala