ඕස්ට්‍රේලියාවේ ස්ථිර සරණාගත (RoS) වීසා සඳහා අයදුම් කිරීමේදී දැනගත යුතු කරුණු මෙන්න (SBS සිංහල / වාර්තා)

ඕස්ට්‍රේලියාවේ තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) මත ජීවත් වන පුද්ගලයින් (Resolution of Status (RoS)) ස්ථිර වීසා සඳහා අයදුම් කිරීමේදී දැනගත යුතු කරුණු මෙම ලිපියේ ඇතුලත් වේ.

AUSTRALIAN PASSPORT STOCK

An Australian passport is pictured next to an entry visa to Papua New Guinea in Brisbane, Thursday, July 25, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP / DAN PELED/AAPIMAGE

Key Points
  • අයදුම් කළ යුත්තේ කවදාද සහ කෙසේද?
  • අයදුම්පත් සලකා බැලීමට කොපමණ කාලයක් ගත වේද?
  • මම වීසා ලබා ගැනීමෙන් පසු ලැබෙන හිමිකම් මොනවාද?
ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පෙබරවාරි 12 වනදා, ඕස්ට්‍රේලියාවේ TPV සහ SHEV ලෙස හැඳින්වෙන "තාවකාලික ආරක්ෂණ වීසා සහ " Safe Haven Enterprise වීසා" මත සිටින සරණාගතයින් 19,000 ක් සඳහා, ස්ථිර වීසා අයදුම් කිරීමට නව මාර්ග ප්‍රකාශයට පත් කළේය.

මෙම පිරිසට මේ වනවිට වීසා කාණ්ඩ 851 හෙවත් Resolution of Status (RoS) යන වීසා සඳහා අයදුම් කල හැකි අතර කෙසේ නමුත් ඇතැම් පිරිසකට දිගු කාලයක් බලා සිටීමට සිදු විය හැකි බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍යාලේකන පෙන්වා දුන්නේ 2022 දෙසැම්බර් වන විට තාවකාලික සරණාගත වීසා මත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටින පුද්ගල සංක්‍යාව 31,256 ක් වූ බවයි.

මෙම තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) මත මේ වනවිට සිටින සරණාගත පිරිසෙන් විශාල පිරිසක් ඉරාන ජාතිකයින් වන අතර එම සංක්‍යාව 6,513කි. එමෙන්ම ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 4,573 ක් සිටින බවද වාර්තා වේ.

TPV and SHEV holders_2.png
Credit: Department of Home Affairs
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටියේ, මෙම සරණාගත බව අපේක්ෂා කරන පුද්ගලයන් 2,500 ක් පමණ ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන නිර්ණායක සපුරා නොමැති බවයි. මේ හේතුවෙන් ඔවුන් “ස්වේච්ඡාවෙන්” ඔස්ට්‍රේලියාව හැර යනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් දෙපාර්තමේන්තු ප්‍රකාශකය පෙන්වා දෙයි.

සෙසු පිරිස මේ වනවිට "Bridging Visa" මත සිටින අතර ඔවුන් සිය සරණාගත හිමිකම් පිළිබඳ අවසන් ප්‍රතිඵලය අපේක්ෂාවෙන් පසුවේ.

කෙසේ නමුත් ස්ථිර වීසා සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන පිරිස දැනගත යුතු කරුණු පහත පරිදි වේ.

අයදුම් කළ යුත්තේ කවදාද සහ කෙසේද?

මෙය සුදුසුකම් සහිත පිරිස ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදා ලබාදීම සිදු කරන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි

1. තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) අයදුම් කොට ඇති පිරිස:
තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) යාවත්කාලින කිරීමට හෝ පළමු වරට මෙම තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) අයදුම් කල පිරිස මේ සඳහා ඇතුලත් වේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් අමතර තොරතුරු ඉල්ලා නොමැතිනම් මෙම පිරිසට Resolution of Status (RoS) වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හෝ දෙපාර්තමේන්තුවට වැඩිදුර තොරතුරු සැපයීමට අවශ්‍ය නොවේ.
නමුත් ඔවුන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගේ දුරකථන අංක සහ ලිපින වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දීම වැදගත් වේ.

මෙම පිරිස මේ වනවිට අයදුම් කොට ඇති තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) යන වීසා අයදුම්පත්, ස්වයංක්‍රීයව Resolution of Status (RoS) වීසා බලපත්‍රය සඳහා වෙනස් වීම සිදු වේ.

2. තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) මත සිටින පිරිස:
මෙහි එන උප කණ්ඩායම් දෙකක් හැර, මෙම පුද්ගලයින්ට අයදුම් කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ආරාධනා "invite" කරන තෙක් බලා සිටීමට සිදුවනු ඇත. මේ සඳහා අයදුම් කිරීමට ආරාධනා පත්‍ර මාර්තු අගභාගය වන විට නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලිපිය ලැබීමෙන් අනතුරුව, ඔවුන්ට ImmiAccount හරහා Online ඔස්සේ අයදුම්පතක් ඉදිරිපත් කළ හැක.

නමුත් "දැඩි අවදානමක්" පවතින සහ "ප්‍රමුඛතාවයක් පවතින" අයදුම්කරුවන් යන උප කණ්ඩායම් දෙක මෙම ආරාධනා සඳහා රැඳී සිටීමෙන් නිදහස් කෙරේ.

Resolution of Status (RoS) වීසා සඳහා "ආරාධනාපත්‍ර" යැවීමේ ක්‍රමය ඔස්සේ, ඕස්ට්‍රේලියාවේ තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) මත සිටින පිරිසගේ අයදුම්පත් සලකා බැලීම කඩිනම් වන බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
Refugee
Credit: Department of Home Affairs

අයදුම්පත් සලකා බැලෙන්නේ කෙසේද?

මේ සඳහා අයදුම් කරන බොහෝ අයදුම්කරුවන්ට තවත් "ආරක්ෂණ තක්සේරුවකට" භාජනය වීමට අවශ්‍ය නොවන අතර බොහෝ අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමටද අවශ්‍ය නොවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ නමුත් කෙසේ අයදුම්කරුවන්ට "සෞඛ්‍යය, ජාතික ආරක්ෂාව සහ චරිතය" සම්බන්ධයෙන් වන Resolution of Status (RoS) වීසා කාණ්ඩයේ එන ප්‍රධාන අවශ්‍යතා සපුරාලීම අවශ්‍ය වේ.

අයදුම්පත් සලකා බැලීමට කොපමණ කාලයක් ගත වේද?

තාවකාලික ආරක්ෂණ වීසා (TPV) හෝ Safe Haven Enterprise Visa (SHEV) මත සිටින බහුතර පිරිසට, ඔවුන්ගේ අයදුම්පත් සලකා බලා, මස 12ක් පමණ ඇතුලත Resolution of Status (RoS) වීසා ලබාදීම සිදු වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

උපකාර ලබාගැනීමට

Resolution of Status (RoS) වීසා අයදුම්කරුවන් සඳහා නොමිලේ නීති ආධාර සැපයීමට රජය වසර දෙකක් සඳහා ඩොලර් මිලියන 9.4 ක් වෙන් කොට තිබේ.

Resolution of Status (RoS) වීසා සකස් කිරීමට සහ අයදුම් කිරීමට අයදුම්කරුවන්ට සහාය වන සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම නීති සේවා සපයන්නන් වෙත මුදල් ලබාදීම සිදු වේ.

ඕස්ට්‍රේලියානු රජය කිසිදු අයැදුම්පත් ගාස්තුවක් අය නොකරන අතර, වංචා සහගත ක්‍රියා සිදු කිරීමට උත්සාහ කරන පුද්ගලයින් පිළිබඳව දැනුවත් වන ලෙස අයදුම්කරුවන්ට අවවාද කොට සිටී.

Legal providers.jpg
Credit: SBS Dari

මම වීසා ලබා ගැනීමෙන් පසු ලැබෙන හිමිකම් මොනවාද?

Resolution of Status (RoS) වීසා හිමියන් සතු හිමිකම්:

  • ස්ථිර ලෙස ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට, රැකියා කිරීමට සහ ඉගෙනීමට
  • Medicare සහ Centrelink වැනි රජයේ සේවාවන් වෙත ප්‍රවේශ වීමට
  • වධහිංසා සම්බන්ධයෙන් වන කෙටි කාලීන උපදේශනය සඳහා ප්‍රවේශ වීමට
  • සංක්‍රමණ වැඩසටහනේ family visa ප්‍රවාහය හරහා ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ඇති පවුලේ සාමාජිකයන්ට අනුග්‍රහය දැක්වීමට. (කෙසේ නමුත් RoS වීසා හිමියන්ට මානුෂීය වැඩසටහන හරහා පුද්ගලයින්ට අනුග්‍රහය දැක්වීමට හෝ යෝජනා කිරීමට හැකි නොවේ)
  • වසර පහකට ඕස්ට්‍රේලියාවට සහ ඉන් පිටතට ගමන් කිරීමට
  • සුදුසුකම් ලැබීමෙන් පසු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමට
  • සුදුසුකම් පවතී නම් නොමිලේ ඉංග්‍රීසි භාෂා පන්තිවලට සහභාගී වීමට

Share

Published

Updated

By Sam Anwari, Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ ස්ථිර සරණාගත (RoS) වීසා සඳහා අයදුම් කිරීමේදී දැනගත යුතු කරුණු මෙන්න (SBS සිංහල / වාර්තා) | SBS Sinhala