ඔස්ට්‍රේලියාවේ ඔසුසැල්වලින් කැස්ස සඳහා වන ඖෂධ නිෂ්පාදන 55ක් නැවත කැඳවයි, වැඩි විස්තර මෙන්න

ඔස්ට්‍රේලියානු ඔසුසැල්වලින් pholcodine අඩංගු කැස්ස සඳහා වන ඖෂධ, ආරක්‍ෂාකාරී හේතු මත මෙලෙස ආපසු කැඳවනු ලැබේ.

The entrance of a chemist in Sydney

Patients are being advised to stop containing the 55 recalled cough and flu medicine products that are sold in pharmacies over the counter. Source: Supplied Source: AAP / Flavio Brancaleone

හදිසි, දරුණු සහ ජීවිතයට තර්ජනයක් වන අසාත්මික ප්‍රතික්‍රියාවන්හි වැඩි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ කැස්ස සඳහා වන ඖෂධ නිෂ්පාදන කිහිපයක් recalled හෙවත් නැවත කැඳවා ඇත.

ඔස්ට්‍රේලියානු ඔසුසැල්වලින් pholcodine අඩංගු කැස්ස සඳහා වන ඖෂධ, ආරක්‍ෂාකාරී හේතු මත මෙලෙස ආපසු කැඳවනු ලැබේ.
ඒ අනුව TGA හෙවත් ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක භාණ්ඩ අධිකාරිය විසින් පෙබරවාරි 28 වනදා ඔස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ ලේඛනයේ සඳහන් නිෂ්පාදන 55 ක් අවලංගු කර නැවත කැඳවීමට නියෝග කළේය.

අදාළ ඖෂධ රාක්කවලින් ඉවත් කර මුදල් ආපසු ලබා ගැනීම සඳහා තොග වෙළෙන්දන්ව සම්බන්ධ කර ගන්නා ලෙස සිල්ලර වෙළෙන්දන්ගෙන් බලධාරීහු ඉල්ලා සිටිති.

වියළි කැස්සට ප්‍රතිකාර කිරීම සඳහා වන සිරප් සහ ලොසින්ජර ඇතුළු පුළුල් පරාසයක අලෙවි කරන නිෂ්පාදනවල Pholcodine භාවිතා වේ. එය සෙම්ප්‍රතිශ්‍යාව හා උණ වැනි රෝග සඳහා ප්‍රතිකාර කරන ඖෂධ නිෂ්පාදන සඳහා ද භාවිතා වේ.

මෙලෙස ආපසු කැඳවන ලද ඖෂධ නිෂ්පාදන ලැයිස්තුවට Pharmacy Action Dry Cough Relief සහ Siolvon Pholcodine Dry Forte වැනි කැස්ස සිරප් සන්නාම ඇතුළත් වේ.

ආපසු කැඳවීම සඳහා වූ අවදානම කුමක්ද?

යුරෝපීය ඖෂධ නියෝජිතායතනය අදාළ නිෂ්පාදනවල යුරෝපීය අලෙවිකරණ අවසරය ඉවත් කර ගැනීමට නිර්දේශ කිරීමෙන් පසුව TGA විසින් මෙම ඖෂධ විමර්ශනය කිරීමට පටන් ගත්තේය.

යුරෝපීය ඖෂධ ඒජන්සියේ ආරක්ෂක කමිටුව විසින් කරන ලද සමාලෝචනයේදී flu සම්බන්ධ ඖෂධ සමඟ නැවත කැඳවන ලද අයිතම ඒකාබද්ධව භාවිතා කිරීමෙන් ඇතිවන ප්‍රතික්‍රියාව හා සම්බන්ධ අවදානමක් ඇති බව TGA විසින් මෙම ඖෂධ නැවත කැඳවීමේ දැන්වීම පවසා ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සාමාන්‍ය නිර්වින්දනයේදී භාවිතා කරන ඖෂධ සමඟ සිදු කෙරෙන ඒකාබද්ධ ප්‍රතික්‍රියාව ගැන ද එහිදී සැලකිලිමත් වී තිබේ.

"නිර්වින්දනය අතරතුර anaphylaxis අවදානමට ලක්විය හැක්කේ කාටදැයි විශ්වාසදායක ලෙස පුරෝකථනය කිරීම දුෂ්කර වන අතර ඇතැම් රෝගීන් මෑතකදී pholcodine ඖෂධ ලබා ගත්තේ දැයි නොදැන සිටිය හැකියි" යනුවෙන් TGA ප්‍රධානී John Skerritt නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඊට අමතරව, ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් විසින් රෝගියෙකු ගන්නා prescription medicines හෙවත් වෛද්‍යවරයකු විසින් නිර්දේශ කරන ලද ඖෂධ පිළිබඳ විමසිය හැකි අතර, ඔවුන් over the counter හෙවත් ඔසුසැලේ කවුන්ටරයෙන් සෘජුවම ලබාගත හැකි ඖෂධ නිෂ්පාදන ගැන විමසන්නේ නැති බවද ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

TGA වෙත මේ වන විට pholcodine ආශ්‍රිත anaphylactic ප්‍රතික්‍රියා පිළිබඳ සැක සහිත ඔස්ට්‍රේලියානුවන් 50 ක් පමණ වාර්තා වී ඇති අතර, ඒ අතර එක් මරණයක් ද වාර්තා වී තිබේ.

පාරිභෝගිකයින්ට සහ රෝගීන්ට ලබා දෙන උපදෙස්

වියළි කැස්ස සඳහා ප්‍රතිකාර කිරීම පිණිස ආරක්ෂිත විකල්ප පිළිබඳ උපදෙස් සඳහා පාරිභෝගිකයින් තම වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියෙකුගෙන් විමසිය යුතු බව මහාචාර්ය Skerritt පැවසීය.

ඔබට general anaesthesia හෙවත් සාමාන්‍ය නිර්වින්දනය අවශ්‍ය නම් සහ පසුගිය මාස 12 තුළ pholcodine ගෙන තිබේ නම්, ඔබේ සෞඛ්‍ය වෘත්තිකයාට පවසන ලෙස ඔහු උපදෙස් දුන්නේය.

සාමාන්‍ය නිර්වින්දනය කිරීමට නියමිත රෝගීන් එය සිදුකිරීමට මාස 12 ක් ඇතුළත pholcodine භාවිතා කර ඇත්ද යන්න සෞඛ්‍ය වෘත්තිකයන් විසින් පරීක්ෂා කළ යුතු බවද මහාචාර්ය Skerritt අවධාරණය කළේය.

ආපසු කැඳවන ලද ඖෂධ නිෂ්පාදන ලැයිස්තුවට පහත ඒවා ඇතුළත් වෙයි:

  • Amcal dry cough oral liquid bottle
  • Apohealth dry tickly cough relief oral liquid bottle (1-4mg/mL of pholcodine)
  • Benadryl dry, tickly cough forte oral liquid bottle (4mg/mL of pholcodine)
  • Blooms The Chemist dry cough relief and nasal decongestant oral liquid bottle
  • Chemists' Own dry cough range of products oral liquid bottle (1-4mg/mL of pholcodine)
  • Duro-Tuss dry cough and lozenge products
  • Difflam plus dry cough lozenges
  • Pharmacy Choice dry cough relief oral liquid bottle (5mg/mL of pholcodine)
  • Priceline Pharmacy dry cough relief oral liquid bottle
  • Soul Pattinson dry tickly cough medicine oral liquid bottle
  • TerryWhite Chemmart dry cough relief oral liquid bottle (4mg/mL of pholcodine)



Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service