ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනය අත්විඳින තාවකාලික වීසාලාභීන්ට ලබාදෙන මුල්‍ය දීමනා ජූලි 3 සිට වැඩිවුණේ මෙහෙමයි

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ලබාදෙන මුල්‍ය දීමනා 2023 ජූලි 03 සිට ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

How the financial support increased for Temporary visa holders experiencing violence from 03 July

How the financial support increased for Temporary visa holders experiencing violence from 03 July Source: Getty / Getty Images/Kittisak Jirasittichai/EyeEm

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සමාන මට්ටමේ සහයෝගයක් ෆෙඩරල් රජයෙන් ලබාදී තිබේ.

මෙය 2023 ජූලි 03 සිට ක්‍රියාත්මක බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles ප්‍රකාශ කරයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ලබාදෙන දීමනාව ඉහළට

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ලබාදෙන මුල්‍ය දීමනා 2023 ජූලි 03 සිට ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අත්විඳින තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා වර්තමානයේ ලබාදෙනුයේ ඩොලර් 3,000 ක මුල්‍යාධාරයකි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නමුත් එය ඩොලර් 5000 දක්වා මධ්‍යම රජය විසින් අද සිට ඉහළ නංවා තිබේ.

ඒ අනුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සමාන මට්ටමේ මුල්‍ය සහයෝගයක් තාවකාලික වීසා බලපත්‍රලාභීන්ටද මේ සම්බන්ධයෙන් ලැබෙනු ඇත.

ජාතික වශයෙන් පුද්ගලයින් 2000 දක්වා ආධාර කිරීමට අපේක්ෂා කරන මෙම දීමනා වැඩි කිරීම සඳහා රජය වසර දෙකක් තුළ ඩොලර් මිලියන 4.4 ක් කැප කර ඇත.
ඕස්ට්‍රේලියාවේ සිටින ඔබගේ අවලංගු වුනු වීසා යලි ලබාගැනීමට ඉල්ලීම් කිරීමේ අලුත් මගක් විවෘත වී ඇති බව දන්නවාද?

වීසා තත්ත්වය මත වෙනස්කමක් නොකළ යුතුයි

ප්‍රචණ්ඩත්වය අත්විඳින කිසිඳු පුද්ගලයෙකුට ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව හෝ මුල්‍ය ආරක්ෂාව යන දෙකෙන් එකක් තෝරා ගැනීමට අවශ්‍ය නොවන අතර තාවකාලික වීසා බලපත්‍ර ඇති අයට බොහෝ විට පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ගැලවීමට අමතර බාධකවලට මුහුණ දිය හැකි බව රජය අවබෝධ කරගෙන සිටින බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles ප්‍රකාශ කළේය.

මේ අතර පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කිසිසේත් අනුමත නොකරන ප්‍රතිපත්තියක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සතු බව සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth පැවසුවාය.

මීළඟ පරම්පරාවෙන් කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමට ප්‍රාන්ත සහ ටෙරිටරි සමඟ මධ්‍යම රජය කැපවී සිටින බවද ඇය ප්‍රකාශ කළාය.

ඔබේ වීසා බලපත්‍රයේ තත්ත්වය මත ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් අත් විඳින පුද්ගලයින්ට වෙනස්කොට සැලකීම නොකළ යුතු බවද ඇය ප්‍රකාශ කළාය. 

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

සෑම සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු කිසියම් හෝ ආකාරයක පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී ඇති බව Monash විශ්ව විද්‍යාලයේ 2021 සිදුකළ අධ්‍යයනයකින් පෙන්නුම් කළේය.

සෑම ඔස්ට්‍රේලියානු කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙක් ගෘහස්ථ හිංසනය අත්විඳින බවද එහිදී හෙළිවී ඇත.

මධ්‍යම රජයේ නියමු ව්‍යාපෘතිය යටතේ පවුල් හා ගෘහස්ථ හිංසනය අත්විඳින අයට ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය මූල්‍ය ආධාර පැකේජ ලබා දෙන අතර ඔස්ට්‍රේලියාව පුරා කාන්තා සහ ප්‍රජා නීති මධ්‍යස්ථාන 9 ක් හරහා නීති උපදෙස් සහ සහාය ලබා දේ.
පවුල් හා ගෘහස්ථ හිංසනය අත්විඳින තාවකාලික වීසා ලාභීන්ට ලබාදෙන දීමනාව ඉහළ දැමීමට මධ්‍යම රජය පියවර ගැනීම ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂ, Vicki Mau විසින් අගය කර තිබේ.

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු පවුල් හෝ ගෘහස්ථ හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත්නම්, සතියේ දින හතේම පැය 24 පුරාම ක්‍රියාත්මක 1800RESPECT හෝ 1800 737 732 වෙත අමතන්න. නැතහොත් 1800RESPECT වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබ ඔබේ හැසිරීම හෝ ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම ගැන සැලකිලිමත් වන්නේ නම්, ඔබට 1300 766 491 අංකයෙන් Men’s Referral Service සම්බන්ධ කර ගත හැකිය, නැතහොත් No to Violence වෙබ් අඩවියට පිවිසෙන්න.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service