Explainer

වැටුප් වැඩිවීම්, විශ්‍රාම වැටුප් වෙනස්වීම් මේ ජූලි 1 සිට ඔබට බලපාන්නෙ මෙහෙමයි

Superanuation වෙනස්වීම්, Childcare සහනාධාර , වැටුප් වැඩිවීම් සහ විශ්‍රාම වැටුප් වැඩි කිරීම් ජූලි 1 වැනිදා සිට සිදු වන්නේ කෙසේදැයි මෙම ලිපිය මගින් විස්තර කෙරේ.

A digital graphic showing power poles, money, blocks with ABC written on them, and a moneybox with a $1 coin being dropped into it.

A number of cost-of-living relief measures will come into effect on 1 July. Source: SBS / Karin Zhou-Zheng

ඔස්ට්‍රේලියාවේ නව මූල්‍ය වර්ෂය ආරම්භ වීමත් සමඟ ඔබේ පසුම්බියට බලපාන වෙනස්කම් රාශියක් සිදු වේ.

ඔබ දැන ගත යුත්තේ මොනවාද ?

Superannuation

Supperannuation අනුපාතය - ඔබේ සේවායෝජකයා ඔබට නීත්‍යානුකූලව ගෙවිය යුතු අවම Supperannuation ප්‍රමාණය - සියයට 10.5 සිට සියයට 11 දක්වා වේ.

වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට තම Superannuation ගිණුමෙන,් බදු රහිත විශ්‍රාම ආදායම් ගිණුම වෙත ගෙන යා හැකි මුදල තවත් ඩොලර් ලක්ෂ දෙකකින් වැඩි කොට තිබේ.

ඒ අනුව මීට පෙර ඩොලර් මිලියන 1.7 ක් වූ එම මුදල දැන් ඩොලර් මිලියන 1.9 ක් දක්වා ඉහළ දමා තිබේ.

සෑම වසරකම ඔබ විසින් විශ්‍රාම ආදායම් ගිණුමට මාරු කළ යුතු අවම Superannuation අරමුදල් අනුපාත, සියයට 50 කින් තාවකාලිකව අඩු කර තිබුණි.

දැන් එම තාවකාලික අඩු කිරීම අවසන් වී ඇති අතර ඒ අනුව විශ්‍රාම ආදායම් ගිණුමක් භාවිතා කරන අයට සෑම වසරකම ඔවුන්ගේ Superannuation අරමුදලෙන් වැඩි වශයෙන් මුදල් ආපසු ගැනීමට සිදු වේ.

වැටුප් වැඩි වීම්

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප (National minimum wage) සියයට 8.6 කින් වැඩි වේ. ඊට අමතරව සේවා යෝජකයා විසින් තීරණය කරන වැටුප් (Award wage) මත සිටින සේවකයන්ට 5.75 % ක වැටුප් වැඩි කිරීමක් හිමි වනු ඇත.

ප්‍රායෝගික වශයෙන්, අවම වැටුප සතියකට ඩොලර් 882.80ක් හෝ පැයකට ඩොලර් 23.23 ක් දක්වා ඉහළ යනු ඇත.

සමහර Aged care සේවකයින්ට ජුනි 30 වනදා සිට මෙම 5.75%ක වැටුප් වැඩිවීමට අමතරව තවත් 15% ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.

වැඩිහිටි විශ්‍රාම වැටුප

මින් පෙර අවුරුදු 66 යි මාස හය 6 න් අයදුම් කළ හැකි වූ විශ්‍රාම වැටුප සඳහා අයදුම් කිරීමට දැන් වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට වයස අවුරුදු 67 සම්පූර්ණ වන තෙක් බලා සිටීමට සිදු වේ.

මෙම වයස් සීමාවේ වැඩිවීම Commonwealth Seniors Healthcare Card ද අදාළ වේ.

Child care

ඔස්ට්‍රේලියාවේ වසරකට ඩොලර් 80,000 ට වඩා අඩුවෙන් උපයන පවුල් වලට ගෙවීමට සිදු වන childcare ගාස්තුවලින් 90%ක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ගෙවනු ලැබේ.
එමෙන්ම Childcare සහනාධාර සඳහා සුදුසුකම් ලබන පවුලක උපරිම ආදායම ද ඩොලර් 346,000 සිට ඩොලර් 530,000 දක්වා ඉහළ දමා තිබේ.

විදුලි බිල්පත් සහන

ජූලි 1 වන දින, නිව් සවුත් වේල්ස්, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත සහ ගිනිකොණ දිග ක්වීන්ස්ලන්ත කලාපය සඳහා විදුලි මිල, මේ වන විට ප්‍රාන්ත රජයන් විසින් තීරණය කර ඇති උපරිම අගය දක්වාම ඉහළ යනු ඇත.

මීට සමගාමීව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමඟ හවුල්කාරිත්වයෙන් බලශක්ති සහන සපයනු ලැබේ.

ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ , දුෂ්කරතා ඇති පවුල් සඳහා විදුලි බිල්පත් ආධාර වශයෙන් ඩොලර් 1,072ක් ලැබෙනු ඇත.

ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය බලශක්ති බිල්පත් සහන අරමුදලෙන් (Commonwealth's Energy Bill Relief Fund )ඩොලර් 700ක ජීවන වියදම් වට්ටමක් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විදුලි වට්ටම් යෝජනා ක්‍රමය (Queensland Electricity Rebate Scheme)යටතේ ඩොලර් 372 ක දීමනාවක් යන දෙකෙහිම එකතුවක් ලෙසයි.
අනෙකුත් සියලුම පවු සඳහා ඩොලර් 550 ක් හිමි වනු ඇත.

සුදුසුකම් ලත් වික්ටෝරියානු ප්‍රාන්තයේ පවුල්වලට ඩොලර් 250 ක දීමනාවක් ලැබෙනු ඇති අතර, තවමත් එම දීමනාව ලබා ගෙන නොමැති අයට ප්‍රාන්ත රජයේ Power Saving Bonus scheme යෝජනා ක්‍රමය හරහා අමතර ඩොලර් 250ක් සඳහා ද ඉල්ලුම් කළ හැකි වේ.

නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියා යන ප්‍රාන්තයන් හි සුදුසුකම් ලබන පවුල් සඳහා විදුලි බිල්පත් වෙනුවෙන් ඩොලර් 500 ක දීමනාවක් ලැබෙන අතර බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සහ නොදර්න් ටෙරිටරියේ සිටින පවුල් වලට ඩොලර් 175 ක දීමනාවක් ලැබේ.

මේ අතර ACT හි පවුල් සඳහා හිමි වන සම්පූර්ණ විදුලි බිල්පත් සහන දීමනාව ඩොලර් 175 ක් වේ.

ඇතැම් කුඩා ව්‍යාපාර ද මෙම විදුලි බිල්පත් වට්ටම් සඳහා සුදුසුකම් ලබයි.

බලශක්ති බිල්පත් සදහා ඔබට ලැබෙන සහන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට Energy Bill Relief Fund here වෙත පිවිසෙන්න.

වැටුප් සහිත මාපිය නිවාඩු

දැනට පවතින parental leave සහ dad and partner pay යන නිවාඩු ක්‍රම දෙක ඒකාබද්ධ කර සති 20ක එක් නිවාඩු යෝජනා ක්‍රමයක් ස්ථාපිත කෙරේ. එමගින් වසරකට පවුල් 180,000කට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දෙමව්පියන්ට වැටුප් සහිත මාපිය නිවාඩු සඳහා එක වර හෝ වාර කීපයක් ලෙස අයදුම් කළ හැකි වන බව මෙම වෙනස්කම් වලින් අදහස් වේ.

ඒ අනුව එක් දවසක් වැනි කෙටි වැටුප් සහිත නිවාඩුවක් වුවද මේ යටතේ ලබා ගත හැකි වේ.

තනි මාපියන්ට සති 20ක මෙම සම්පූර්ණ කාලයම ලබා ගත හැකි වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ආධුනික රැකියා පුහුණුව ලබන්නන්

වික්ටෝරියානු ප්‍රාන්තයේ ආධුනික රැකියා පුහුණුව ලබන්නන් වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තුවෙන් නිදහස් කර තිබේ.. එමඟින් ඔවුන්ට වසරකට ඩොලර් 865 දක්වා ඉතිරි වන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් පසුගිය මැයි මාසයේ අයවැයෙන් නිවේදනය කර ඇත.

- With AAP.

Share

Published

By David Aidone, Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වැටුප් වැඩිවීම්, විශ්‍රාම වැටුප් වෙනස්වීම් මේ ජූලි 1 සිට ඔබට බලපාන්නෙ මෙහෙමයි | SBS Sinhala