ඕස්ට්‍රේලියාවේ මොබයිල් සිග්නල් නැති තැනක අනතුරක් වුණොත් දැන් බය වෙන්න දෙයක් නැහැ: SBS සිංහල වාර්තා

ජංගම දුරකථන සේවා ආවරණ කලාපයෙන් බැහැරව සිටින අවස්ථාවකදී අනතුරකට මුහුණ දෙන්නට සිදු වුණොත් , චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ SOS පණිවිඩයක් නිකුත් කළ හැකි සේවාවක්, Apple සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලට හදුන්වා දී තිබේ. තුවාල වූ හෝ අතරමං වූ කඳු නගින්නන්ට මෙම නව චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් දුරකථන ආවරණ කලාපයෙන් බැහැර වූ අවස්ථාවකදී පවා හදිසි සේවා සමග සහ ඔවුන්ගේ ආදරණීයයන් සමග සම්බන්ධ වීමට හැකි වනු ඇත.

Satellite

Apple just released a satellite SOS feature

Key Points
  • Apple සමාගමේ මෙම හදිසි SOS ලක්ෂණය ජංගම දුරකථනය ආවරණ කලාපයෙන් බැහැරව තිබියදී පවා උපකාර සඳහා පණිවිඩ යැවීමට ඉඩ ලබා දේ.
  • මෙම සේවාව පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ සහ කැනඩාවේ දී දියත් කරන ලදී.
  • මෙම සේවාව ඔස්සේ Apple ජංගම දුරකථන භාවිතා කරන්නන්ට ඔවුන් සිටින නිවැරදි ස්ථානය, ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ තොරතුරු සහ ඔවුන් තුවාල ලබා සිටීද අතරමං ව සිටීද යන්න ඇතුළු ප්‍රශ්න මාලාවකට පිළිතුරු ලබා දිය හැක.
ඔස්ට්‍රේලියාවේ දියත් කෙරෙන මෙම නව තාක්ෂණය ඔස්සේ කඳු නගින්නන් අතරමං වූ විට හෝ තුවාල ලැබූ විට මෙන්ම යම් කෙනෙක් මෝටර් රථ අනතුරකට ලක් වූ විට ජංගම දුරකථන ආවරණ කලාපයෙන් බැහැරව සිටින අවස්ථාවකදී පවා උපකාර ඉල්ලා පණිවිඩ යැවීමට හැකි වනු ඇත.

තාක්‍ෂණ ලෝකයේ දැවැන්තයෙක් වන Apple සමාගම විසින් මැයි 15 වන සඳුදා දින සිට , ඔස්ට්‍රේලියාව තුළ මෙම හදිසි SOS සේවාව සක්‍රිය කර තිබේ.

ඒ අනුව, iPhone 14 භාවිතා කරන්නන්ට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවාව, ගිලන්රථ හෝ පොලිස් සේවාවන් වෙත පණිවිඩ යැවීමට ඉඩ සැලසේ.

පසුගිය නොවැම්බර් මාසයේ දී ඇමරිකාවේ සහ කැනඩාවේ මෙම සේවාව දියත් කරන ලදී.
ඇමරිකාවේ ප්‍රාන්ත තුනකදී ගලවා ගැනීමේ කණ්ඩායම්වලට, අතරමං වූ සහ තුවාල වූ පුද්ගලයින් සොයා ගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් දැනටමත් මෙම සේවාව ගෞරවයට පත්ව තිබේ.
Google සමාගම සහ chipmaker Qualcomm සමාගම ද මීට සමාන සේවාවක් දියත් කිරීමට සැලසුම් කරයි. ඒ සමඟම මෙම තාක්‍ෂණය වඩාත් පුළුල් විය හැකි බව විශේෂඥයන් පෙන්වා දේ.

Apple සමාගමේ මෙම හදිසි සේවාව ක්‍රියාත්මක වීමේදී Globalstar නම් චන්ද්‍රිකා මෙහෙයුම් ආයතනයට අයත් පහළ පෘථිවි කක්ෂයේ ස්ථාන ගත කොට ඇති චන්ද්‍රිකා 48 වෙත, ජංගම දුරකථන සම්බන්ධ කරනු ලබයි. එමගින් ලැබෙන කෙටි පණිවිඩ relay සේවාවකට ලබා දෙන අතර relay සේවාව මගින් එම කෙටි පණිවිඩ , හදිසි සේවා ඇමතුම් මධ්‍යස්ථාන සඳහා පරිවර්තනය කොට ලබා දේ.

මෙම සේවාව සහිත Apple ජංගම දුරකථන භාවිතා කරන්නන්ට, ඔවුන් සිටින නිවැරදි ස්ථානය, ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ තොරතුරු සහ ඔවුන් තුවාල ලබා සිටීද අතරමං ව සිටීද අසනීප වී සිටීද , තර්ජනයකට ලක්ව සිටීද , හොඳින් හුස්ම ගන්නවාද, තමා සිටින්නේ ජලය, ගුහාවක් හෝ කඳු බෑවුමක් අසලද යන්න ඇතුළු ප්‍රශ්න මාලාවකට පිළිතුරු බෙදා ගත හැකි වේ.

මෙම පණිවිඩවල පිටපතක් හදිසි සම්බන්ධතා දුරකථන අංකයක් සමඟ ද බෙදා ගැනීමට හැකි වේ.
“ජංගම දුරකථන ආවරණ කලාපයෙන් බැහැරව” සිටින විට ජනතාවට උපකාර කිරීම සඳහා සිය සමාගම විසින් මෙම සේවාව නිර්මාණය කළ බව Apple සමාගමේ ලෝක ව්‍යාප්ත අලෙවිකරණ ජ්‍යෙෂ්ඨයෙකු වන උප සභාපති ග්‍රෙග් ජොස්වියැක් පැවසුවේය.

ඇතැම් වඩාත් ජනප්‍රිය නැරඹුම් ස්ථාන වල ජංගම දුරකථන ආවරණයක් නොමැති බව ද ඔහු කියා සිටියේය.
මෙම චන්ද්‍රිකා තාක්ෂණ සේවාව සඳුදා සිට ඔස්ට්‍රේලියානු iPhone 14 මාදිලියේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට අමතර බාගත කිරීමකින් තොරව ලබා ගත හැකි වේ. කෙසේ වෙතත්, දෘඪාංග වල ඇති බාධාවන් හේතුවෙන් එය පැරණි iPhone මාදිලි සමඟ භාවිතා කළ නොහැකි වේ.

පළමු වසර දෙක සඳහා මෙම හදිසි සේවාව නොමිලේ ලබා දෙන බව Apple සමාගම පවසයි.
මෙම චන්ද්‍රිකා තාක්ෂණය සහිත දුරකථන සේවාව විශේෂයෙන් කඳු නගින්නන් සඳහා අත්‍යවශ්‍ය ජීවන මාර්ගයක් විය හැකි බව Telsyte ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක Foad Fadaghi පැවසුවේය.

මෙහි ඇති සුවිශේෂ ලක්ෂණය නම් එය ජංගම දුරකථනය තුළම ඇති අතර ඒ සඳහා අමතර දෘඩාංග අවශ්‍ය නොවීමයි.

පසුකාලීනව මෙම සේවාව සඳහා ගාස්තුවක් අය කිරීම උපක්‍රමශීලී ක්‍රමයක් වන නමුත්, මෙම සේවාව එදිනෙදා භාවිතයට අවශ්‍ය නොමැති නිසා එහි ගැටළුවක් ඇති නොවනු ඇත.
Google සමාගම විසින් මෙම වසර අගදී Android ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ද මීට සමාන සේවාවක් දියත් කිරීමට බලාපොරොත්තු වන අතර, chipmaker Qualcomm සමාගම විසින් ද Android ජංගම දුරකථන සඳහා හදිසි පණිවිඩ සේවාවක් නිර්මාණය කිරීම සඳහා චන්ද්‍රිකා ක්‍රියාකරුවෙකු සමඟ හවුල් වී කටයුතු කරයි.

Apple සමාගමේ මෙම හදිසි චන්ද්‍රිකා තාක්ෂණ සේවාව ක්‍රියාත්මක කළ දා සිට, එමගින්
ඇලස්කාවේ අතරමං වූ හිම රථ රියදුරෙකු, කැලිෆෝනියානු වනාන්තරයක රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු, Utah නම් ගැඹුරු දෝරුවක සිරවී සිටි සිසුන් තිදෙනෙකු සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් වලට උපකාර කිරීම සම්බන්ධයෙන් එයට ගෞරවය හිමි ව තිබේ.

Share

Published

By Athini Amarasiri
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service