ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය “යල් පැන ගිය” බවත් එය ඔස්ට්‍රේලියාවේ වර්තමාන හෝ අනාගත කුසලතා අවශ්‍යතා සපුරාලන්නේ නැති බවත් එයට දිගු කාලීන සහ ප්‍රයෝගික ප්‍රවේශයක් ඉල්ලා සිටින බවත් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිළිබඳ සිදුකළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සමාලෝචනයේ අවසන් වාර්තාව පවසයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Clare O'Neil විසින් ඔස්ට්‍රේලියාවේ ආගමන පද්ධතිය පිළිබඳ "පුළුල් සමාලෝචනයක්" සිදුකිරීමට නියෝග කරන ලද අතර, එය එළඹෙන මැයි මාසයේ ෆෙඩරල් අයවැයට පෙර මැයි 02 වනදා අඟහරුවාදා නිකුත් කරනු ඇත.
එම වෙනස් කිරීමේදී පවුල්වලට නැවත එකතුවීමට ඉඩදීම, ඔස්ට්‍රේලියාවට ඇත්තෙන්ම අවශ්‍ය කුසලතා හඳුනා ගැනීම සහ ප්‍රාදේශීය කලාප වෙත ඉලක්ක වූ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන ලෙස අවධානය යොමු කළ යුතු බවද පැවසේ.
අකාර්යක්ෂම Skilled migration හෙවත් නිපුණතා සංක්‍රමණය
ඔස්ට්‍රේලියාව "ස්ථිර තාවකාලික" සංක්‍රමණයෙන් ඉවත් විය යුතු අතර දැනටමත් මෙහි සහ විදේශයන්හි සිටින දක්ෂ පුද්ගලයින් විසින් ලබා දී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Clare O'Neil පැවසුවාය.
විශේෂයෙන් රැකියා ලැයිස්තු භාවිතය මත ක්‍රියාත්මක කෙරෙන ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන "වර්තමාන හෝ අපේක්ෂිත පුහුණු ශ්‍රම අවශ්‍යතා පිළිබිඹු නොකරයි" යනුවෙන් සමාලෝචන වාර්තාව සඳහන් කර ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එනිසාම මෙම ගැටළු විසඳීමට දිගුකාලීන සහ ප්‍රයෝගික සංක්‍රමණ සැලැස්මක් අවශ්‍ය බවද හෙළිකර තිබේ.
පුලුල්ව පැතිරී ඇති සංක්‍රමණික සේවකයින් සූරාකෑම සැලකිල්ලට ගෙන අඩු වැටුප් ලබන සේවකයින් කෙරෙහි අවධානය යොමු කරන නිශ්චිත සංක්‍රමණ ප්‍රතිපත්තියක් ස්ථාපිත ක්‍රමයක් සහ ඒවාට විසඳුම් ලබාදෙන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත් මෙම සමාලෝචනයෙන් වාර්තා කර තිබේ.
විශේෂයෙන්ම විවිධ ආයතන හා සමාගම්වලින් සංක්‍රමණිකයින්ට හා ජාත්‍යන්තර සිසුන්ට අනුග්‍රහකත්ව වීසා ලබා දීමේදී දැනට ඇති ක්‍රමයේ වැඩි දියුණුවක් අපේක්ෂා කෙරේ.
ඔස්ට්‍රේලියාවට දායක කරගැනීම සඳහා සංක්‍රමණිකයාගේ හැකියාව අවබෝධ කර ගැනීම
සංක්‍රමණික සේවකයින්ගේ සහ ජාත්‍යනතර සිසුන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට ඔස්ට්‍රේලියාව උපරිමයෙන් කටයුතු නොකරන බව මෙම වාර්තාව පැහැදිලිව පෙන්වා දෙයි.
ස්ථිර පදිංචිය සඳහා පැහැදිලි මාර්ග නොමැතිකම හේතුවෙන් ඔස්ට්‍රේලියාව “හොඳම සහ දීප්තිමත් ජාත්‍යන්තර සිසුන් රඳවා තබා ගැනීම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති” බව එහි සඳහන් වේ.
සංක්‍රමණික කාන්තාවන්ට සේවා ස්ථානයට සහ සමාජීය වශයෙන් සහභාගී වීමට වඩා හොඳ අවස්ථාවන් සඳහා පහසුකම් සැලසීම, වඩා හොඳ ඉංග්‍රීසි භාෂා සහායක් ලබා දීම සහ කුසලතා හඳුනා ගැනීම වැඩි දියුණු කිරීම ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස එම වාර්තාවේ ලැයිස්තුගත කර ඇත.
"සංක්‍රමණ පද්ධතිය විසින් පනවනු ලබන විවිධ අවශ්‍යතා සහ රැකියා නියාමනය කරන ප්‍රාන්ත සහ ටෙරිටරිවල, සංක්‍රමණිකයන් සඳහා බාධක නිර්මාණය කරයි" යනුවෙන් අදාළ වාර්තාව පවසයි.
"මෙම අවශ්‍යතා සංක්‍රමණිකයන්ට අහිතකර බලපෑම් ඇති කරන අතර ඔස්ට්‍රේලියාව සිය ප්‍රජාව තුළ පවතින සියලු හැකියාවන් භාවිතා කිරීමට අපොහොසත් වන බවට තවත් සාක්ෂි වේ." යනුවෙන්ද එහි වැඩි දුරටත් සඳහන් වේ.
පවුල් නැවත එක්කිරීමට සාධාරණ ක්‍රමයක් සහ ප්‍රාදේශීය සංක්‍රමණයට සංශෝධන
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය අනවශ්‍ය ලෙස සංකීර්ණ වන අතර බොහෝ විට අසාධාරණ ලෙස සලකන බව මෙම සමාලෝචනය පිළිගෙන තිබේ.
එනිසාම මෙයට වඩාත් නම්‍යශීලී සහ පරිශීලක-හිතකාමී ප්‍රවේශයක් එම වාර්තාව යෝජනා කරයි.
සංක්‍රමණ නීතිවල වෙනස්කම් මෙන්ම දෙමාපිය වීසා විධිවිධාන ද එම යෝජනා අතර වෙයි.
පවුල් නැවත එක්වීම, "ශක්තිමත් සහ ස්ථාවර ආර්ථිකයක වැදගත් නිපුණතාවක්" ලෙස අදාළ වාර්තාව පිළිගනී.
දැනට ඇති ක්‍රමය අනුව සංක්‍රමණිකයින්ට ඔවුන්ගේ දෙමාපියන් සමග ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදනමක් මත එක්වීමට වසර 40ක් දක්වා කාලයක් බලා සිටීමට සිදුවේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල පදිංචි වීමට සංක්‍රමණිකයන් දිරිමත් කිරීමේදී කලාපීය වැඩසටහන් ඵලදායි නොවන බව මෙම සමාලෝචනය සොයා ගෙන තිබේ.
එනිසා සංක්‍රමණිකයන් කලාපීය ප්‍රදේශවලට ගමන් කළ යුතු යැයි රජය අපේක්ෂා කිරීම ද මෙහිදී ප්‍රශ්න කරනු ලැබේ.
වඩා හොඳ සැලසුම් සකස් කිරීම, නිවාස, යටිතල පහසුකම් සහ සේවා සැපයීම හරහා ප්‍රාදේශීය කලාප ඔස්ට්‍රේලියානුවන්ට සහ සංක්‍රමණිකයන්ට වඩාත් ආකර්ශනීය වනු ඇත" යනුවෙන් සමාලෝචනය සඳහන් කරයි.