තමා යළි පත්වුණොත් ලාංකික මුරුගප්පන් පවුලට සරණාගත වීසා නැහැ: අගමැති මොරිසන්

2018 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම සඳහා සිව් දෙනෙකුගෙන් යුත් මෙම පවුල විවිධ හේතු පවසමින් සරණාගතභාවය උදෙසා නීතිමය සටනක පැටලී ඇත.

The Murugappan family - father Nades, mother Priya, and daughters Kopika and Tharnicaa - in a photo shared by supporters.

The Murugappan family - father Nades, mother Priya, and daughters Kopika and Tharnicaa - in a photo shared by supporters. Source: AAP Images

ඔස්ට්‍රේලියාවේ temporary protection වීසා අහෝසි කිරීමට යන කම්කරු පක්ෂයේ සැලසුම පිළිබඳ ලිබරල් පක්ෂය දැඩි විවේචනයක යෙදී සිටියි.

ඒ අතරේ ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමට ලක්ව සිටින ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුලට නැවතත් ඔවුන් සිටි Biloela වෙත යාමට අවසර දෙනවාද යන ප්‍රශ්නය ආගමන කටයුතු අමාත්‍ය Alex Hawke හට මාධ්‍යව්දියෙකු විසින් යොමු කරන ලදී.
අමාත්‍ය Alex Hawke ට ඒ සඳහා පිළිතුරු දීම වළක්වමින් අගමැති මොරිසන් එයට පිළිතුරු දුන්නේය.

“ඒ කාරණය තවමත් අධිකරණයේ තීරණය කර නොමැති අතර එම පවුලට ඔස්ට්‍රේලියාවේ රැකවරණයක් සොයා ගැනීමට අදාළ හේතු සනාථ කිරීමට නොහැකි වී තිබෙනවා.” යනුවෙන් අගමැති මොරිසන් පිළිතුරු දුන්නේය.

"ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් ලැබිය යුතු නැහැ. ඔවුන් සරණාගතයින් බව සොයාගෙන නැහැ. එබැවින් ඔස්ට්‍රේලියාවේ නීති මගින් සරණාගතයින් බව සොයා නොගත් පුද්ගලයින්ට ස්ථිර වීසා බලපත්‍ර ලබා දෙන්නේ නැහැ. එය රජයේ ප්‍රතිපත්තියයි." මුරුගප්පන් පවුල පිළිබඳ අවසාන ප්‍රකාශය අමාත්‍ය Alex Hawke සතු දැයි ඇසූ විට අගමැති මොරිසන් එසේ ප්‍රතිචාර දැක්වීය.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පනත ආගමන අමාත්‍යවරයාට අද්විතීය හෝ සුවිශේෂී තත්වයන් හේතුවෙන් වීසා ලබා දීමේ බලය ලබා දෙයි.

එම බලතල භාවිතා කර මුරුගප්පන් පවුලට නැවත ඔවුන් සිටි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කුඩා නගරය වන Biloela වෙත යාමට ඉඩ දෙන ලෙස මැතිවරණ ව්‍යාපාරයේදී රජයට එල්ලවන බලපෑම් වැඩි වෙමින් පවතී.
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි මුරුගප්පන් පවුලේ පියා නඩේසන් සහ මව ප්‍රියා යන දෙදෙනාම සරණාගතභාවය අපේක්ෂාවෙන් 2014 වසරේ සිට රැකියා කරමින් වාසය කළේ එම නගරයේය.

ප්‍රියාගේ bridging වීසා කාලය අවසන් වීමෙන් පසු ඔවුන්ව Christmas දූපතට පිටුවහල් කළ 2018 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම සඳහා සිව් දෙනෙකුගෙන් යුත් මෙම පවුල විවිධ හේතු පවසමින් සරණාගතභාවය උදෙසා නීතිමය සටනක පැටලී ඇත.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මුරුගප්පන් පවුලේ බාල දියණිය Tharnicaa පර්ත්හි රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ හදිසි රෝගී තත්ත්වයකින් පෙළෙන විට ඔවුන් 2021 දක්වා ඔස්ට්‍රේලියානු ප්‍රධාන භුමිය තුළ රැඳවුම් භාරයේ තබා තිබුණි.

Tharnicaa රෝහලෙන් නිදහස් වූ පසු ඇගේ දෙමාපියන්ට සහ වැඩිමහල් සොහොයුරිය වන Kopika ට මාස 12ක bridging වීසා බලපත්‍රයක් ලබා දුන් අතර, ඔවුන්ට නැවත Biloela වෙත යාමට අවසර දෙන ලදී.

නමුත් සිව් හැවිරිදි Tharnicaa ට වීසා බලපත්‍රයක් ලබා නොදීම නිසා මෙම පවුල පර්ත් නුවර ප්‍රජා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ගැනීමට සිදු විය.

අගමැති මොරිසන් මෙම ප්‍රශ්නයට බොරුවකින් ප්‍රතිචාර දක්වා ඇති බවත් එම කාරණය තවමත් අධිකරණයේ තීරණය කර නැත යන වැරදි තොරතුරු පුනරුච්චාරණය කර ඇති බවත් මුරුගප්පන් පවුලට සරණාගතභාවය රැගෙන දීමට වෙහෙසෙන Home to Bilo ව්‍යාපාරයේ Angela Fredericks කියා සිටියාය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service