ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සේවය කළ සියලුම ඇෆ්ගනිස්ථාන පරිවර්‍තකයින්ව බේරාගැනීමට නොහැකියි: අගමැති මොරිසන් (SBS සිංහල/ වාර්තා)

වසර 2013 සිට ඔස්ට්‍රේලියාවේ මානුෂීය වීසා වැඩසටහන හරහා ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට වීසා 8,500 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත.

Australian Prime Minister Scott Morrison speaks to the media during a press conference at Parliament House in Canberra

Australian Prime Minister Scott Morrison speaks to the media during a press conference at Parliament House in Canberra Source: AAP

ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක මෙහෙයුමේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වලට සහයෝගය දුන් සියළුම හිටපු ඇෆ්ගන් පරිවර්තකයන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය බේරා ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානය විසින් අල්ලා ගැනීමෙන් පසුව ඇෆ්ගන් වැසියන් එරටින් පිටවීමට උත්සහ දැරීමත් සමග මේ තත්ත්වය උද්ගතවී තිබේ.


Highlights

  • හද කම්පා කරවන තත්ත්වයක් ඇෆ්ගනිස්ථානයේ උද්ගතවී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ප්‍රකාශ කළේය.
  • ඇෆ්ගනිස්ථානයේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ රජයේ හිටපු ඇෆ්ගන් කාර්ය මණ්ඩලයට උදව් කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව සිය ගණනක් හමුදා භටයින් මේ වන විට ඇෆ්ගනිස්ථානයට යවා ඇත.
  • පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍ර කල් ඉකුත් වූ ඔස්ට්‍රේලියාවේ සිටින ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ඇෆ්ගනිස්ථානයට පිටුවහල් නොකරන බව මධ්‍යම රජය පවසයි.

ඇෆ්ගනිස්ථානය තලේබාන්වරුන් විසින් අල්ලා ගැනීම

තලේබාන් කැරලිකරුවෝ ඉරිදා පස්වරුවේ කාබුල් අගනුවර ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරයේ පාලනය සියතට ගත්හ.

ඒ සමගම තලේබාන් සංවිධානයේ දැඩි පාලනයෙන් මිදී ඇෆ්ගනිස්ථානයෙන් පැනයාමට දහස් ගණන් ජනයා ඇෆ්ගනිස්ථාන ගුවන් තොටුපොළ වෙත පැමිණෙන්නට විය.
බටහිර රටවල් සමඟ කටයුතු කිරීමේ දේශද්‍රෝහීන් ලෙස තලේබාන් සංවිධානය සලකන ඔස්ට්‍රේලියාවේ හිටපු ඇෆ්ගනිස්ථානු කාර්ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින්නන් මාස ගණනාවක් පුරාවට මෙම තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

හද කම්පා කරවන තත්ත්වයක් ඇෆ්ගනිස්ථානයේ උද්ගතවී ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison කැන්බරා නුවර අද (17/08) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

තමන් සමග ඇෆ්ගනිස්ථානයේ රාජකාරී කළ ඇෆ්ගනිස්ථාන වැසියන් පිළිබඳ ඔස්ට්‍රේලියානු ආරක්ෂක ප්‍රවීණයින් සැලකිලිමත් වන බව තමා දන්නා බවත් අගමැති මොරිසන් පැවසීය.

"අද මෙන් එදත් අපත් සමඟ සිටි අය වෙනුවෙන් අපට කළ හැකි සෑම දෙයක්ම අපි අඛණ්ඩව කරන බව මම ඔබට කියන්නට අවශ්‍යයි. නමුත් අපි කොතරම් උත්සාහ කළත් ඒ සැමටම සහයෝගය දීමට අපිට හැකියාවක් නැහැ." යනුවෙන් අගමැති මොරිසන් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාව සිය ගණනක් හමුදා භටයින් ඇෆ්ගනිස්ථානයට යවයි

ඇෆ්ගනිස්ථානයේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ රජයේ හිටපු ඇෆ්ගන් කාර්ය මණ්ඩලයට උදව් කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව සිය ගණනක් හමුදා භටයින් ඇෆ්ගනිස්ථානයට මේ වන විට යවා ඇති බව අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.

"මේ සතිය තුළදී අපි බලාපොරොත්තු වන දේ සඳහා සූදානම් වීමට දැනටමත් සැලසුම් සකස් කර තිබෙනවා." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

මෙම මෙහෙයුම පිළිබඳ තමා සුබවාදීව සිතන බව අගමැතිවරයා අවධාරණය කළේය.

ඇෆ්ගන් වීසා බලපත්‍රලාභීන් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් නොකෙරේ

පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍ර කල් ඉකුත් වූ ඔස්ට්‍රේලියාවේ සිටින ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ඇෆ්ගනිස්ථානයට පිටුවහල් නොකරන බව මධ්‍යම රජය පවසයි.

මේ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke අද (17/08) නිවේදනය කළේය.

වසර 2013 සිට ඔස්ට්‍රේලියාවේ මානුෂීය වීසා වැඩසටහන හරහා ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට වීසා 8,500 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බව ද ඔහු පැවසීය.
මේ අතර ඇෆ්ගනිස්ථානයේදී ඔස්ට්‍රේලියාවට සේවය කළ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 430 ක් දැනටමත් පසුගිය අප්‍රේල් මාසයේ සිට සිය පවුල් සමඟ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.

ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් වැඩි වනු ඇතැයි ද ඔහු පැවසීය.

ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ගෙන් මානුෂීය වීසා බලපත්‍ර අයදුම්පත් සලකා බැලීමට තවත් ඉතිරිව ඇත්තේ 50 කටත් අඩු ප්‍රමාණයක් පමණක් බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය සතියේදී SBS පුවත් සේවයට පැවසුවේය.

නමුත් තවත් සිය ගණනක් ඒ සඳහා අයදුම් කිරීමට සිටින බව ඇෆ්ගනිස්ථානයේ ඔස්ට්‍රේලියාවේ හිටපු කාර්ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින්නන් පවසා ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉහළම ප්‍රමුඛතාව ලබාදී මෙම අයදුම්පත් සලකා බලන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ප්‍රකාශ කළේය.

Share

Published

Updated

By Evan Young, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service