ඔස්ට්‍රේලියාවේ දේශ සීමා එළඹෙන නත්තලේදී යළි විවෘත කිරීමට මධ්‍යම රජය සූදානම් වෙයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ගෙන් 80% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් විට ඔස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාරවල නිරත වීමට අවසර ලැබෙනු ඇතැයි ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ ජාතික සැලසුමේ සඳහන් වේ.

SBS Malayalam

Source: Getty Images/FotografiaBasica

එළඹෙන නත්තල් සමයේදී වසා දමා ඇති ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා යළි  විවෘත කිරීමට හැකිවෙතැයි තමන් විශ්වාස කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය Dan Tehan පැවසීය.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටව ගොස් නැවත පැමිණිය හැකි අතර එලෙස පැමිණිමේදී අනිවාර්ය හෝටල් නිරෝධායනයකින් තොර ක්‍රමවේදයක් සකස් කරන බවද සඳහන් කළේය.


Highlights

  • එළඹෙන නත්තල් සමයේදී වසා දමා ඇති ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා යළි විවෘත කිරීමට හැකිවෙතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.
  • ඒ අනුව අනිවාර්ය හෝටල් නිරෝධායනයකින් තොරව එළඹෙන නත්තල් කාලය වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලැබූ ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටවී නැවත පැමිණීමට හැකිවනු ඇත.
  • ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින්ව නැවත පිළිගැනීමට ද ඔස්ට්‍රේලියාවට අවශ්‍ය බව අගමැති Scott Morrison ප්‍රකාශ කළේය.

නත්තලේදී ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කිරීම

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ගෙන් 80% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් විට ඔස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාරවල නිරත වීමට අවසර ලැබෙනු ඇතැයි ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ ජාතික සැලසුමේ සඳහන් වේ.

ඒ අනුව කොවිඩ් එන්නත ලබාගැනීමේ ජන ප්‍රතිශතය වැඩිවෙත්ම අනිවාර්ය හෝටල් නිරෝධායනයකින් තොරව එළඹෙන නත්තල් කාලය වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලැබූ  ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටවී නැවත පැමිණීමට vaccine passports ඇතුළුව ක්‍රමවේදයන් සූදානම් කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය Dan Tehan පැවසීය.

එමෙන්ම ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ ජාතික සැලසුමට අනුව ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කරන ලද කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබා ගත් ඔස්ට්‍රේලියානුවන්ට තම නිවසේදීම නිරෝධායනය විය හැකිය.
"මේ වසරේ විදේශ සංචාර සඳහා අවස්ථාව අහිමි වූ ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ මම කණගාටු වෙනවා. සෑම කෙනෙකුම එන්නත ලබා ගත යුතු තවත් හේතුවක් එයයි." යනුවෙන් National Press Club හි සංචාරක අමාත්‍ය Dan Tehan පැවසීය.

ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කළද ඔස්ට්‍රේලියානුවන්ට කොහේ යා හැකිද යන්න තවමත් අපැහැදිලි බවද ඔහු සඳහන් කළේය.

නමුත් නවසීලන්තය සමඟ ඇති කරගත් ගිවිසුම මෙන් සංචාරක බුබුලු වෙනත් රටවල් සමඟද ඇති කරගැනීමට මධ්‍යම රජය සාකච්ඡා කරමින් පවතින බව ඔහු තහවුරු කළේය.
Australia's Trade Minister Dan Tehan.
Australia's Trade and Tourism Minister Dan Tehan Source: AAP

ඔස්ට්‍රේලියානු අගමැතිගේ අදහස

අවස්ථාව පැමිණි විගස ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ඇමෙරිකාවේ සිට අද උදෑසන කතා කරමින් පැවසුවේය.

"ඔබ කොවිඩ් එන්නත ලබා ඇත්නම් ඔබට එම අවස්ථාව ලබාදීමට අපි බලාපොරොත්තු වනවා" යනුවෙන් ද ඔහු පැවසීය.

ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින්ව නැවත පිළිගැනීමට ද ඔස්ට්‍රේලියාවට අවශ්‍ය බව අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.

මේ සතියේදී කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් ඔස්ට්‍රේලියාවේ වයස 16 ට වැඩි පුද්ගලයින්ගේ ප්‍රතිශතය 75% ඉක්මවන බවත් මාතර දෙකම ලබාගත් ප්‍රතිශතය 50% ට ඉක්මවා යන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
"එම එන්නත් ලබාගත් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති. එලෙස ඉහළ යනවිට හැකිතාක් දුරට ජීවිතය යථා තත්ත්වයට පත් වීමේ අවස්ථාව සහ කොවිඩ් වයිරසය සමඟ ජීවත් වීමට හුරුවීමේ දිනය සමීප වෙමින් පවතීයි." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison වැඩිදුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියානුවන් 45,000 කට වැඩි පිරිසක් තවමත් ඔස්ට්‍රේලියාවට ඒමට නොහැකිව විදේශයන්හි අතරමංව සිටියි.

එයින් 4,700 ක් පමණ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ලෙස සැලකේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

Published

Updated

By Dijana Damjanovic, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service