ඔස්ට්‍රේලියාවේ ලබාදෙන තාවකාලික COVID-19 ආපදා ගෙවීමේ වෙනස්කමක් (SBS සිංහල/ වාර්තා)

තාවකාලික COVID-19 ආපදා ගෙවීමට ජාතික කැබිනට් මණ්ඩලය පසුගිය මාසයේදී එකඟ විය.

Scott Morrison

Scott Morrison, Primeiro Ministro da Austrália, anunciou a construção de uma acomodação de quarentena para mil pessoas ao norte de Melbourne. Source: AAP Image/Lukas Coch

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදෙන COVID-19 temporary disaster payment හෙවත් තාවකාලික COVID-19 ආපදා ගෙවීමේ වෙනස්කම් සිදුකර තිබේ.

මේ බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අද (08/07) නිවේදනය කළේය.


Highlights

  • සතියකට වඩා වැඩි කාලයක් පවතින lockdown තත්වයන්ට මුහුණ දීම නිසා ආදායම් අහිමිවන පුද්ගලයින් හට මෙය ලබා ගත හැකිය.
  • සතියකට පැය 20 කට වඩා සේවය කරන පුද්ගලයින්ට $500 ක මුදලක් මේ හරහා හිමිවේ.
  • සතියකට පැය 20 ට වඩා අඩුවෙන් සේවය කරන පුද්ගලයින්ට $325 ක මුදලක් මේ යටතේ හිමිවේ.

තාවකාලික COVID-19 ආපදා ගෙවීමේ සංශෝධන

තාවකාලික COVID-19 ආපදා ගෙවීමට ජාතික කැබිනට් මණ්ඩලය පසුගිය මාසයේදී එකඟ විය.

සතියකට වඩා වැඩි කාලයක් පවතින lockdown තත්වයන්ට මුහුණ දීම නිසා ආදායම් අහිමිවන පුද්ගලයින් හට එය ලබා ගත හැකිය.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඒ  අනුව සතියකට පැය 20 කට වඩා සේවය කරන පුද්ගලයින්ට $500 ක මුදලක්ද සතියකට පැය 20 ට වඩා අඩුවෙන් සේවය කරන පුද්ගලයින්ට $325 ක මුදලක්ද මෙම තාවකාලික COVID ආපදා ගෙවීම යටතේ හිමිවේ.
මෙම තාවකාලික COVID-19 ආපදා ගෙවීම සඳහා දැනට සලකා බලන liquid asset test එක ඉවත් කරන බව ද අගමැති මොරිසන් මහතා සඳහන් කළේය.

"එය ආපදා ගෙවීමක්, එනිසා එය ඉල්ලුම මත පදනම් වෙනවා, එම ගෙවීම් සඳහා ඉල්ලුම කුමක් වුවත් අපි ගෙවනවා." යනුවෙන් අගමැති මොරිසන් පැවසීය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


තාවකාලික COVID ආපදා ගෙවීම ලැබීමට සුදුසුකම්

මෙම තාවකාලික COVID ආපදා ගෙවීම ලබාගැනීමට සුදුසුකම් කිහිපයක් සැපිරිය යුතු වේ.

එම සුදුසුකම් පහත පරිදි වේ.

  • lockdown කාලය තුළ තමන් සාමාන්‍යයෙන් රැකියාව කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් lockdown එක නිසා ආදායම අහිමිවූ බවට ස්වයං ප්‍රකාශයක් කිරීම.
  • වයස අවුරුදු 17 ට වැඩි ඔස්ට්‍රේලියානු පුරවැසියකු, ස්ථිර පදිංචි ලාභියෙකු හෝ සුදුසුකම් ලත් රැකියා වීසා බලපත්‍ර ලාභියෙකු (working visa holder) විය යුතුය.
  • විශේෂ වසංගත අසනීප නිවාඩු ඇතුළුව තමන්ට ඇති සියලුම නිවාඩු අවසන් බවට සනාථ කළ යුතුය.
  • තමන් සතුව ඇති liquid asset වල වත්කම ඩොලර් 10,000 ට වඩා අඩු බවට ප්‍රකාශ කළ යුතුය.
  • තමන්ට වෙනත් ආදායම් සහන දීමනාවක් හෝ වසංගත ගෙවීමක් නොලැබිය යුතුය.
  • Commonwealth hotspot එකක් හෙවත් කොරෝනා මර්මස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් මේ සඳහා අයදුම් කිරීමට අවසර ලැබේ.

Share

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service