වීසා සංශෝධන නියමිත පරිදි නිවේදනය නොකිරීමෙන් අසරණ වූ 482 වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ දොර වැසුණු හැටි

482 වීසා බලපත්‍රයේ වෙනස්කම් 2019 මාර්තු 20 දින ප්‍රකාශයට පත් කළ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Visas have been part of the second Federal Budget of the year

'They just shut the door without giving us any options': Sneaky visa change for 482 visa Credit: Karin Zhou-Zheng

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට විවිධ වීසා ඛාණ්ඩ හරහා මාර්ග ගණනාවක් තිබේ.

ඒ සඳහා ඇතැම් විට වසර දෙකේ සිට 3ක් හෝ 4 ක් හෝ අදාළ අවශ්‍යතා හා සුදුසුකම් සපුරමින් බලා සිටිය යුතුය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගත හැකි මාර්ගයක් වෙත ඉලක්ක කළ වලංගු වීසා ඛාණ්ඩයක සිට අදාළ අවශ්‍ය වසර සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවේ වාසය කරමින් අදාළ රැකියාවේ නිරත වෙමින් ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට යාමේදී ඔබ සිටිනා වීසා ඛාණ්ඩය තවදුරටත් ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා සුදුසු නොවන බව දැනගන්නට ලැබුණහොත් ඔබට ඇතිවන කම්පනය කුමන ආකාරයේ එකක් විය හැකිද?

Temporary Skill Shortage වීසා විෂමතාව

2019 ජූලි මාසයේදී ප්‍රංශයේ සිට පැමිණි Bridget හට ද (ඇයගේ නියම නම නොවේ) එවැනි මහත් කම්පනයක් ගෙන දෙන සිදුවීමකට මුහුණ දීමට් සිදු වූවාය.

වසර තුනක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක ජීවත් වූ පසු ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට එය ඇයට අවස්ථාව ලබා දීම නිසා ඇය 482 වීසා ඛාණ්ඩයේ Medium-term stream වීසා සඳහා අයදුම් කිරීමට තීරණය කළාය.

winemaker හෙවත් වයින් නිෂ්පාදකයෙකු වන Bridget ඇයගේ වීසා බලපත්‍රයට අනුග්‍රහය දැක්වීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton හි ව්‍යාපාරයක් සොයා ගත්තාය.

ඇය අත්‍යවශ්‍ය සේවිකාවක් ලෙස සලකනු ලැබූ අතර COVID-19 වසංගතය පුරා ඇය නොකඩවා රැකියාව කළ අයෙකි.
40 හැවිරිදි ඇය 2019/20 Black Summer ලැව්ගිනිවලින් ඇතිවූ විනාශය දැකීමෙන් පසු 2020 අගභාගයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ගිනි නිවීමේ හමුදාවට සම්බන්ධ විය.

පසුගිය වසර දෙක තුළ ඇය කුඩා ලැව් ගිනි නිවාදැමීම සඳහා සටන් කර ඇති අතර මෑතකදී ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සේවය කර තිබේ.

එහදී ආපදාවට පත් නිවැසියන් ඉවත් කිරීම, ජලය ගලා ඒමට බාධාවන අයුරින් වැලි කොට්ට ගොඩ ගැසීම සහ ගංවතුරෙන් විනාශයට පත් සුන්බුන් පිරිසිදු කිරීම ඇයගේ රාජකාරීවලට අයත් විය.
A man and a woman dressed in blue uniforms stand in front of a fire truck
Bridget has been volunteering with the CFA in Victoria for around two years. Source: Supplied / Charis Chang
මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට Bridget සුදුසුකම් ලබා ඇති නමුත් ඇයගේ වීසා අයදුම්පත පිළිබඳව සංක්‍රමණ නීතිඥයෙකුගෙන් විමසීමේදී ඇය කම්පනයට පත් වූවාය.

2019 දී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සිදු කරන ලද වීසා සංශෝධන නිසා ඇය 482 වීසා ඛාණ්ඩයේ Medium-term stream වීසා හරහා ස්ථිර පදිංචිකරුවෙකු වීම උදෙසා අයදුම් කිරීමට තවදුරටත් සුදුසුකම් නොලබන බව ඇයගේ සංක්‍රමණ නීතිඥයා ඇයට පවසා ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
තමන් එම පුවත ඇසූ සැනින් මහත් කම්පනයට පත්වූ බවත් තම ජීවිතයම කඩා වැටුණු ලෙස හැඟී ගිය බවත් Bridget විස්තර කළාය.

“ඔබ මේ රටේ අවුරුදු තුනක් ජීවත් වෙලා තිබෙනවා, ඔබට නැවතී සිටීමට අවශ්‍ය බව ඔබ තීරණය කර තිබෙනවා, ඔබට මිතුරන් ඉන්නවා, ඔබට නිවසක් තිබෙනවා, ඔබට සමහර විට සතුන් සිටිය හැකියි, ඔබ යම් යම් දේවල් එකතු කර තිබෙනවා. හදිසියේම ඔබට මේ රටේ රැඳී සිටීමට විකල්පයක් නොමැති බව කියනවා, නමුත් ඔබට එය කලින් තිබුණා. මෙය ඉතා අසාධාරණයි." යනුවෙන් Bridget සිය හැඟීම් SBS වෙත පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතිනවා, මෙරට රැකියා කිරීමට විදෙස් පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍යයි සහ ඔවුන්ට ස්ථිර පදිංචිය පිරිනැමීමට ඉක්මනින් රජය සූදානම් බවට වන පුවත් මේ කාලයේදී ඇසෙන අතරේ තමාට සිදුවුණු මෙම සිදුවීම ඇදහිය හැකි එකක් නොවන බවද Bridget සඳහන් කළාය.
A woman sits in a electric buggy in a vineyard
Bridget has been working as a winemaker in Australia for three years. Source: Supplied

482 වීසා සංශෝධන නිවේදනය කළේ කෙසේදැයි පැහැදිලි නැත

482 වීසා බලපත්‍රයේ වෙනස්කම් 2019 මාර්තු 20 දින ප්‍රකාශයට පත් කළ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සංශෝධන නිසා එම දිනයෙන් පසු 482 වීසා ඛාණ්ඩයේ Medium-term stream වීසා සඳහා අයදුම් කරන ඕනෑම කෙනෙකුට Regional Sponsored Migration Scheme (RSMS) වීසා (subclass 187) හරහා ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබීම අවහිර කරයි.

අදාළ සංශෝධන නව 494 වීසා බලපත්‍රයක් ද හඳුන්වා දුන් අතර එය එතෙක් ක්‍රියාත්මක වූ 482 වීසා බලපත්‍රය ප්‍රතිස්ථාපනය කරයි.

මෙම සංශෝධන ප්‍රකාශ කළේ කෙසේද යන්න අපැහැදිලි වන අතර තමා ඒ පිළිබඳ කිසිදු තොරතුරක් නොදුටු බව බ්‍රිජට් පවසයි.

ඇය ජූනි 19 වන දින වීසා ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කරන විට එම සංශෝධනය ගැන ඇයට පවසා නැත.

මාර්තු මාසයට පෙර වීසා සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව ඇය පැවසුවාය.

ඇය ඊට පෙර වසරේ දෙසැම්බර් මාසයේදී ඇයගේ අනුග්‍රාහක සේවා යෝජකයා සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් ඇයගේ හොඳම වීසා විකල්පය ලෙස 482 වීසා ඛාණ්ඩයේ Medium-term stream වීසා හඳුනාගෙන ඇත.

Bridget ගේ සේවායෝජකයා පෙබරවාරි 5 වන දින අනුග්‍රාහකයෙකු වීමට ඉල්ලුම් කර ඇති අතර ඔවුන් ජුනි 8 වන දින බ්‍රිජට්ව නිර්දේශ කර තිබේ.

ඊට අදාළ nomination හෙවත් වීසා නාමයෝජනා අනුමත වූ පසු ඇය වීසා සඳහා ඉල්ලුම් කළාය.
මෙම සංශෝධන තමාට පැහැදිලි කර නොමැති බවත් ඒවා නිවේදනය කළේ කෙසේදැයි නොදන්නා බවත් Bridget, SBS පුවත් වෙත පැවසුවාය.

මෙම වීසා ඛාණ්ඩය හරහා මෙවැනි ඉරණමකට මුහුණ දී ඇති අනෙක් අය ද එය නොදැන සිටිය හැකි බව ඇය සඳහන් කළාය.

මෙම සංශෝධන හරහා බලපෑමට ලක්විය හැකි අයව දැනුවත් කිරීම සඳහා අදාළ සංශෝධන ප්‍රකාශයට පත් කළේ කෙසේදැයි SBS පුවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති නමුත් ඊට ප්‍රතිචාරයක් නොලැබුණි.

අදාළ සංශෝධන ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ skilled visa newsletter සඳහන් කර ඇතිවිට 2019 මාර්තු 1 සිට 2019 නොවැම්බර් 31 දක්වා කාලය තුළ 482 වීසා ඛාණ්ඩයේ Medium-term stream වීසා සඳහා අයදුම්පත් 17,897 ක් දක්වා ගොනු කර තිබුණි.

එම අයදුම්පත්වලින් කොපමණ ප්‍රමාණයක් ප්‍රාදේශීය කලාප වීසා වැඩසටහන හා සම්බන්ධද යන්න පැහැදිලි නැත.

ඔස්ට්‍රේලියානු සේවකයෙකු සොයා ගැනීමට නොමැති සැබෑ රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සේවායෝජකයාගේ ඉල්ලීමට අනුකූලව, temporary skills shortage වීසා වැඩසටහන නම්‍යශීලීව ආර්ථික ක්‍රියාවලියට සහය දක්වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

නමුත් 482 වීසා ඛාණ්ඩයේ Medium-term stream වීසා වෙනුවට Bridget, 482 short-term ධාරාවේ සිටියා නම් (මීට පෙර 482 short-term ධාරාවේ සිටින වීසා ලාභීන්ට ස්ථිර පදිංචියට ප්‍රවේශය ලබා දී තිබුනේ නැත.) ඇය ජූලි 1 වන දින රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංශෝධන යටතේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
A woman wearing a face mask takes a photo in front of a room filled with wine bottles
Bridget now can't apply to become a permanent resident. Source: Supplied

කිසිදු විකල්පයක් ලබා නොදී දොර වැසීම

Bridget ඇගේ වීසා බලපත්‍රයේ වෙනස්කම් ගැන කලින් දැන සිටියත්, එය ඇයව දුෂ්කර තත්වයකට පත් කරන බව ඇය පැවසුවාය.

ඇයට සහ ඇගේ සේවායෝජකයාට නව වීසා අයදුම්පතක් සඳහා තවත් ඩොලර් දහස් ගණනක් වැය කිරීමට සිදුවීම ඊට හේතුව වේ.

2018 දී 457 වීසා බලපත්‍රය වෙනස් කළ විට මිනිසුන්ට ස්ථිර පදිංචිය සඳහා ඇති මාර්ග අහිමි නොවන පරිදි රජය වෙනත් අවස්ථාවන්හිදී සංක්‍රාන්ති විධිවිධාන සපයා ඇති බව ඇය පැවසුවාය.
නමුත් මෙහිදී 482 වීසා ලාභීන්ට කිසිදු විකල්පයක් ලබා නොදී කෙලින්ම දොර වසා දමා ඇති බව ඇය චෝදනා කළාය.

ඇයගේ වීසා ප්‍රශ්නය ඇයට පැවසීමට පෙර Bridget ඒ වන විට skilled independent 189 වීසා හෝ 491 සහ 190 වීසා සඳහා ඉල්ලුම් කර ඇත.

ඇයට අවශ්‍ය වූයේ තම සේවායෝජකයාගෙන් ස්වාධීනව වෙනත් රැකියා සඳහා අයදුම් කිරීමටය.

Bridget හට තවත් තාවකාලික වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර තවත් වසර තුනකින් ඇයට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

නමුත් එම වසර 3 අවසානයේදී රජය නැවතත් මේවා වෙනස් නොකර සිටීවි යයි කාහට තහවුරු කළ හැකිද යන ප්‍රශ්නය ඇයට පවතී.

"මම සියලු නීති රීති අනුගමනය කළා. එනිසා මම මුල සිටම යළි ආරම්භ කළ යුත්තේ ඇයි?" දැයි ඇය ඇසුවාය.

Bridget මුහුණ දී සිටින තත්ත්වය පිළිගත හැකි ප්‍රතිඵලයක් ලබාදෙන එකක් ලෙස සිතිය යුතු නේද යන්න ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් SBS පුවත් සේවය අසන ලද ප්‍රශ්නවලට දෙපාර්තමේන්තුව පිළිතුරු දුන්නේ නැත.කිසිදු විකල්පයක් ලබා නොදී දොර වැසීම

Bridget ඇගේ වීසා බලපත්‍රයේ වෙනස්කම් ගැන කලින් දැන සිටියත්, එය ඇයව දුෂ්කර තත්වයකට පත් කරන බව ඇය පැවසුවාය.

ඇයට සහ ඇගේ සේවායෝජකයාට නව වීසා අයදුම්පතක් සඳහා තවත් ඩොලර් දහස් ගණනක් වැය කිරීමට සිදුවීම ඊට හේතුව වේ.

2018 දී 457 වීසා බලපත්‍රය වෙනස් කළ විට මිනිසුන්ට ස්ථිර පදිංචිය සඳහා ඇති මාර්ග අහිමි නොවන පරිදි රජය වෙනත් අවස්ථාවන්හිදී සංක්‍රාන්ති විධිවිධාන සපයා ඇති බව ඇය පැවසුවාය.

නමුත් මෙහිදී 482 වීසා ලාභීන්ට කිසිදු විකල්පයක් ලබා නොදී කෙලින්ම දොර වසා දමා ඇති බව ඇය චෝදනා කළාය.

ඇයගේ වීසා ප්‍රශ්නය ඇයට පැවසීමට පෙර Bridget ඒ වන විට skilled independent 189 වීසා හෝ 491 සහ 190 වීසා සඳහා ඉල්ලුම් කර ඇත.

ඇයට අවශ්‍ය වූයේ තම සේවායෝජකයාගෙන් ස්වාධීනව වෙනත් රැකියා සඳහා අයදුම් කිරීමටය.

Bridget හට තවත් තාවකාලික වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර තවත් වසර තුනකින් ඇයට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

නමුත් එම වසර 3 අවසානයේදී රජය නැවතත් මේවා වෙනස් නොකර සිටීවි යයි කාහට තහවුරු කළ හැකිද යන ප්‍රශ්නය ඇයට පවතී.

"මම සියලු නීති රීති අනුගමනය කළා. එනිසා මම මුල සිටම යළි ආරම්භ කළ යුත්තේ ඇයි?" දැයි ඇය ඇසුවාය.

Bridget මුහුණ දී සිටින තත්ත්වය පිළිගත හැකි ප්‍රතිඵලයක් ලබාදෙන එකක් ලෙස සිතිය යුතු නේද යන්න ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් SBS පුවත් සේවය අසන ලද ප්‍රශ්නවලට දෙපාර්තමේන්තුව පිළිතුරු දුන්නේ නැත.

Share

Published

By Charis Chang, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service