ලොව නවතම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ප්‍රමුඛස්ථානයක් ගෙන ඇති අතර ඉන් තුනක් හොඳම විශ්ව විද්‍යාල 20 අතරට පැමිණ තිබේ.
2024 QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමට අනුව මෙම තොරතුරු වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල තුනක් හොඳම විශ්ව විද්‍යාල 20 අතරට
2024 QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලය 14 වන ස්ථානයට පත්ව ඇති අතර එයට හිමිවී ඇති මුළු ලකුණු සංඛ්‍යාව 87.9 කි.
ඒ අනුව මෙල්බර්න් විශ්ව විද්‍යාලය, මෙම ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම ඇති ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය ලෙස වාර්තා වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
මෙම ශ්‍රේණිගත කිරීමේදී මෙල්බර්න් විශ්ව විද්‍යාලයට පහළින් 15 වන ස්ථානයේ ඇමෙරිකාවේ California Institute of Technology, 16 වන ස්ථානයේ Yale විශ්ව විද්‍යාලය සහ 17 වන ස්ථානයේ Princeton විශ්ව විද්‍යාලය ඇත.
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය (UNSW) සහ සිඩ්නි විශ්ව විද්‍යාලය, 2024 QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ 19 වන ස්ථානයේ සම තැන දිනාගෙන තිබේ.
එම විශ්ව විද්‍යාලවලට සමස්ත ලකුණු 86.7 ක් ලැබී තිබේ.
QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම
මෙවර QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලැබුවේ 20 වන වරටය.
ලොව පුරා ක්‍රියාත්මක විශ්වවිද්‍යාල 1,500 ක් පමණ මෙම ශ්‍රේණිගත කිරීමට හසුකරගනී.
ඒවායේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය, කීර්තිමත් තත්ත්වය, පර්යේෂණවල සමාජමය බලපෑම, රැකියා ප්‍රතිඵල, තිරසාරභාවය සහ ජාත්‍යන්තර පර්යේෂණ ජාලයන් යන අංශ එහිදී සැලකිල්ලට ගනිමින් අදාළ ලකුණු ලබාදෙයි.
2024 QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ හොඳම විශ්ව විද්‍යාල 10
2024 QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ඇමෙරිකාවේ Massachusetts Institute of Technology (MIT) වෙත හිමිවී ඇති අතර හිමිවී ඇති මුළු ලකුණු ප්‍රමාණය 100 කි.
සමස්ත ලකුණු 99.2 ක් ලබාගත් එංගලන්තයේ Cambridge විශ්ව විද්‍යාලය මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 98.9 ක් ලබාගත් එංගලන්තයේ Oxford විශ්ව විද්‍යාලය තුන්වන ස්ථානයට පත්ව තිබේ.
මෙවර ද පළමු ස්ථානයට පැමිණි MIT, QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ නොකඩවා පළමු ස්ථානයට 12 වරක් මේ වන විට පත්ව ඇත.
2024 QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ හොඳම විශ්ව විද්‍යාල 10 සහ ඒවාට හිමිවී ඇති ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ:
- Massachusetts Institute of Technology (MIT) - ලකුණු 100
- Cambridge විශ්ව විද්‍යාලය - ලකුණු 99.2
- Oxford විශ්ව විද්‍යාලය - ලකුණු 98.9
- Harvard විශ්ව විද්‍යාලය - ලකුණු 98.3
- Stanford විශ්ව විද්‍යාලය - ලකුණු 98.1
- Imperial College London - ලකුණු 97.8
- ETH Zurich - ලකුණු 93.3
- National University of Singapore - ලකුණු 92.7
- UCL London - ලකුණු 92.4
- University of California, Berkeley - ලකුණු 90.4