ඔස්ට්‍රේලියාවේ Skilled වීසා අයදුම්පත් සලකා බලන පිළිවෙල වෙනස් කරයි, ගුරුවරුන්ට සහ හෙදියන්ට දින තුනෙන් වීසා

ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයින් සඳහා වන Skilled වීසා අයදුම්පත් දැන් දින තුනකින් තක්සේරු කරන බව වාර්තා වේ.

A female teacher in a classroom

Visa applications for nurses are now only taking three days to process. Source: Getty / JohnnyGreig

ඔස්ට්‍රේලියාවේ Skilled වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ පිළිවෙල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයින් සඳහා වන Skilled වීසා අයදුම්පත් දැන් දින තුනකින් තක්සේරු කරන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ Skilled වීසා අයදුම්පත් සලකා බැලීමේ පිළිවෙල සංශෝධනයට

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් Skilled වීසා අයදුම්පත් සලකා බැලීමේ පිළිවෙල සඳහා Priority Migration Skilled Occupation List (PMSOL) භාවිතා කිරීම නතර කර ඇත.

මෙම ලැයිස්තුව පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේදී හඳුන්වා දුන්නේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

එය යල් පැන ගිය එකක් ලෙස සලකනු ලැබූ අතර ඔස්ට්‍රේලියාව පුරා දක්නට ලැබෙන බරපතල ශ්‍රම හිඟයට විසඳුමක් එයින් නොලැබෙන නිසා එම ලැයිස්තුව ඉවත් කිරීමට තීරණය කෙරිණි.

2020 වසරේදී මුල් වරට ඉදිරිපත් කෙරුණු මෙම ලැයිස්තුවට ප්‍රමුඛතාවයේ සැලකෙන වෘත්තීන් 44 ක් ඇතුළත් විය.
එම ලැයිස්තුවට ඉංජිනේරුවන්, සූපවේදීන්, ගණකාධිකාරීවරුන්, මනෝ වෛද්‍යවරුන්, programmers සහ ඖෂධවේදීන්, හෙදියන් හා වෛද්‍යවරුන් වැනි සෞඛ්‍ය සේවකයින් ඇතුළත් වූ නමුත් ගුරුවරුන් ඇතුළත් නොවිණි.

කෙසේවෙතත්, පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය සහ සුභසාධන සහායක සේවකයින්, childcare මධ්‍යස්ථාන කළමනාකරුවන්, වෛද්‍ය විද්‍යාඥයින්, උපදේශකයින්, මනෝවිද්‍යාඥයින්, සමාජ සේවකයින් සහ වෛද්‍ය කාර්මිකයින් දැන් ප්‍රමුඛත්වය දී ඇති වෘත්තීන් අතර වේ.
Smiling female nurse examining document in hospital lobby
Visa applications for nurses are now only taking three days to process. Source: Getty / The Good Brigade

Skilled වීසා අයදුම්පත් සලකා බැලීමේ නව ප්‍රමුඛතා අනුපිළිවෙල

ඔස්ට්‍රේලියාවේ Skilled වීසා අයදුම්පත් දැන් පහත ප්‍රමුඛතා අනුපිළිවෙලට තීරණය කරනු ලැබේ:
  1. සෞඛ්‍ය සේවා හෝ ඉගැන්වීමේ වෘත්තීන්ට අදාළ වීසා අයදුම්පත්;
  2. සේවා යෝජකයා විසින් අනුග්‍රහය දක්වන වීසා සඳහා, පිළිගත් තත්ත්වය සහිත අනුමත අනුග්‍රාහකයෙකු විසින් නම් කරන ලද අයදුම්කරුවන්ගේ වීසා අයදුම්පත්;
  3. නම් කරන ලද ප්‍රාදේශීය ප්‍රදේශයක සිටින අයදුම්කරුවන්ගේ වීසා අයදුම්පත්;
  4. Subclass 188 (Business Innovation and Investment (Provisional)) වීසා බලපත්‍රය හැර සංක්‍රමණ වැඩසටහන සඳහා සලකා බලන ස්ථිර සහ provisional වීසා අයදුම්පත්;
  5. අනෙකුත් සියලුම වීසා අයදුම්පත්.
සියලුම වීසා ධාරාවන් සෑම ජාතිකයෙකුටම විවෘත නොවන බැවින් සුදුසුකම් ලත් විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට ඉහත සියලුම අයදුම්පත් වර්ග සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

එක් එක් ඛාණ්ඩය තුළ, provisional සහ ස්ථිර skilled වීසා අයදුම්පත් සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය දෙන බවද මධ්‍යම රජය පවසා ඇත.
Anthony Albanese standing at the Jobs and Skills Summit.
Anthony Albanese's government has made changes to Australia's skilled migration program since winning the election in May. Source: AAP / Lucas Coch

නව නිර්ණායක පහත skilled වීසා ඛාණ්ඩ සඳහා අදාළ වේ:

  • Subclass 124 (Distinguished Talent)
  • Subclass 186 (Employer Nomination Scheme)
  • Subclass 187 (Regional Sponsored Migration Scheme)
  • Subclass 188 (Business Innovation and Investment) (Provisional)
  • Subclass 189 (Skilled - Independent)
  • Subclass 190 (Skilled - Nominated)
  • Subclass 191 (Permanent Residence (Skilled Regional))
  • Subclass 457 (Temporary Work (Skilled))
  • Subclass 482 (Temporary Skill Shortage)
  • Subclass 489 (Skilled - Regional (Provisional))
  • Subclass 491 (Skilled Work Regional (Provisional))
  • Subclass 494 (Employer Sponsored Regional (Provisional))
  • Subclass 858 (Global Talent)
  • Subclass 887 (Skilled - Regional)
  • Subclass 888 (Business Innovation and Investment (Permanent)

Share

Published

By Charis Chang, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ Skilled වීසා අයදුම්පත් සලකා බලන පිළිවෙල වෙනස් කරයි, ගුරුවරුන්ට සහ හෙදියන්ට දින තුනෙන් වීසා | SBS Sinhala