ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වැඩි වීමත් සමග ජීවන වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අතරේ විදුලිය සහ ගෑස් මිලද ඉහළ යමින් පවතී.
ඔස්ට්‍රේලියාවට ශීත සෘතුව එළඹීමත් සමග බලශක්ති මිල තවත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මේ හේතුවෙන් ගෑස් සහ විදුලිය බිල්පත් සම්බන්ධයෙන් සෑම ප්‍රාන්තයක්ම සහ ටෙරිටරියක්ම තම ජනතාවට සහාය ලබා දෙයි.
ඒ සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද සහ ඔවුන්ට එම ගෙවීම් වෙත ප්‍රවේශ විය හැක්කේ කෙසේද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ගෙන එයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහය
Disability Support විශ්‍රාම වැටුප ලබාගන්නා සහ යැපෙන දරුවන් නොමැති අවුරුදු 21 ට අඩු අයට ස්වයංක්‍රීයව Utilities Allowance හෙවත් බලශක්ති බිල් ගෙවීමට දීමනාවක් ලැබේ. එය ඔවුන්ගේ නිත්‍ය ගෙවීමත් සමඟ කාර්තුමය වශයෙන් ගෙවනු ලබන අතර එය පරීක්‍ෂා නොකෙරේ.
ඔබ තනිකඩ නම්, ඔබට කාර්තුවකට ඩොලර් 170.30ක් ලැබෙන අතර යුවලක් නම් එක් අයෙකුට ඩොලර් 85.15ක් ලැබේ.
මීට අමතරව, Centrelink ගෙවීම් ලබන්නන්ට ඔවුන්ගේ EnergyAustralia බිල්පත ගෙවීම සඳහා ඔවුන්ගේ ගෙවීම්වලින් නිතිපතා මුදල් මාරු කිරීමට කටයුතු කළ හැකිය. Centrelink හි නොමිලයේ සේවා වන Centrepay ඔබ වෙනුවෙන් මෙය සංවිධානය කරයි.

Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
මැයි මාසයේදී ලබා ගත හැකි මුදල වසරකට ඩොලර් 300 සිට 400 දක්වා වසරකට උපරිම ඩොලර් 1,600 ක් දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ භාණ්ඩාගාරික සහ බලශක්ති අමාත්‍ය Matt Kean විසින් ඉහළ නැංවීමෙන් පසු Energy Accounts Payment Assistance (EAPA) වැඩසටහනේ සිටිය වුවද තම බලශක්ති බිල්පත් ගෙවීමේ කෙටි කාලීන දුෂ්කරතා අත්විඳින නිවැසියන්ට උපකාර කිරීම සඳහා වැඩි ප්‍රවේශයක් ලැබෙනු ඇත.
සුදුසුකම් ලත් පාරිභෝගිකයින්ට විදුලිය සඳහා වන අයදුම්පත්‍රයකට ඩොලර් 400 දක්වා සහ වසරකට දෙවරක් ගෑස් බිල්පත් සඳහා අයදුම්පත්‍රයකට ඩොලර් 400 දක්වා ගෙවීම් ආධාර ලබා ගත හැකිය.
දැනටමත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවුල් 50,000කට ආසන්න ප්‍රමාණයකට සහය වී ඇති EAPA වවුචර, ඔබේ නිවසේ විදුලිය හෝ ගෑස් ගිණුම ගෙවීමට උපකාර කිරීම සඳහා ඔබේ බලශක්ති සිල්ලර වෙළෙන්දා වෙත විද්‍යුත් වශයෙන් යවනු ලැබේ.
EAPA වවුචර සඳහා අයදුම් කිරීම NSW ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු හෝ අනුමත රාජ්‍ය නොවන EAPA සපයන්නෙකු විසින් සුදුසුකම් තක්සේරු කිරීමක් සිදුකළ යුතු වේ.
අමතර ආධාර වසරකට ඩොලර් මිලියන 330 ක රජයේ පැකේජයක කොටසකි, එයට නිවාස මිලියනයකට පමණ බලශක්ති වට්ටම් ද ඇතුළත් ය.
සුදුසුකම් ලත් නිවැසියන්ට අඩු ආදායම්ලාභී ගෘහස්ථ වට්ටමක්, ගෑස් වට්ටමක්, පවුල් බලශක්ති වට්ටමක්, ජීවිත ආධාරක වට්ටමක්, වෛද්‍ය බලශක්ති වට්ටමක් සහ ජ්‍යෙෂ්ඨ බලශක්ති වට්ටමක් ඇතුළු විවිධ වට්ටම් සඳහා ඉල්ලුම් කළ හැකිය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk සෑම නිවසකටම ඔවුන්ගේ මීළඟ විදුලි බිල සඳහා ඩොලර් 175 ක ජීවන වියදම් වට්ටමක් ලබා දී ඇත.
විදුලිය සපයන්නන් ඊළඟ වටයේ ගෘහ විදුලි බිල්පත් සඳහා එම මුදල් ස්වයංක්‍රීයව ආදේශ කරනු ඇති බැවින් ක්වීන්ස්ලන්ත වැසියන්ට එම දීමනාව සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.
කෙටි කාලීන දුෂ්කරතා අත්විඳින අය සඳහා තවදුරටත් සහාය ලබා ගත හැකිය.
අනපේක්ෂිත හදිසි හෝ කෙටි කාලීන මුල්‍ය අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස විදුලිය හා ගෑස් බිල්පත් ගෙවීමට අපහසු වන නිවැසියන්ට උපකාර කිරීම සඳහා Home Energy Energency Assistance Scheme වැඩසටහනක් සැලසුම් කර ඇත.
එය සෑම වසර දෙකකට වරක්ම උපරිම $720 දක්වා එකවරක් ගෙවනු ලබන ගෙවීමකි. ක්වීන්ස්ලන්ත වැසියන් මේ සඳහා අයදුම් කිරීමට ඔවුන්ගේ බලශක්ති සැපයුම්කරු සම්බන්ධ කර ගත යුතු අතර වැඩි විස්තර මෙහි ඇත.
මීට අමතරව, ක්වීන්ස්ලන්ත විශ්‍රාමිකයින් සහ ජ්‍යෙෂ්ඨයින් වසරකට ඩොලර් 340.85 ක විදුලි වට්ටමක් සහ වසරකට ඩොලර් 76.19 ක Reticulated Natural Gas වට්ටමක් සඳහා සුදුසුකම් ලබයි. මේ සඳහා අයදුම් කිරීමට ඔවුන්ගේ බලශක්ති සැපයුම්කරු සම්බන්ධ කර ගත යුතු අතර වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.
වික්ටෝරියා ප්‍රාන්තය
ජුලි 1 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම නිවැසියන්ට ඉහළ යන ජීවන වියදමට උපකාර කිරීම සඳහා ඩොලර් 250 ක බලශක්ති ඉතිරිකිරීමේ ප්‍රසාද දීමනාවකට ප්‍රවේශ වීමට හැකි වනු ඇත. මෙම ගෙවීමට ප්‍රවේශ වීමට වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් Energy Compare වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය.
සහන ලබන්නන් සඳහා දැනට පවතින $250 බලශක්ති ඉතිරිකිරීමේ ප්‍රසාද දීමනාව ද විවෘතව පවතින අතර Energy Compare වෙබ් අඩවිය හරහා 2022 ජූනි 30 දක්වා ලබා ගත හැකිය.
මෙම වෙබ් අඩවිය වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට බලශක්ති සැපයුම්කරුවන්ගේ මිල සංසන්දනය කිරීමෙන් බිල්පත් කපා හැරීමට උපකාරී වන අතර විවිධ පාරිභෝගික අවශ්‍යතා සහ මුදල් ප්‍රමාණ සඳහා නිවැරදි බලශක්ති සිල්ලර වෙළෙන්දන් යෝජනා කරයි.
තාවකාලික මුල්‍ය අර්බුදයක් හේතුවෙන් අනපේක්ෂිත දුෂ්කරතාවන්ට මුහුණ දෙන අඩු ආදායම්ලාභී වික්ටෝරියානුවන්ට කල් ඉකුත් වූ බලශක්ති හෝ ජල බිල්පත් ගෙවීම සඳහා Utility Relief Grants හෙවත් බිල්පත් සහන ප්‍රදාන ද ලබා ගත හැකිය.
ඔබට වසර දෙකක කාලසීමාවක් තුළ එක් එක් බලශක්ති බිල් වර්ගය සඳහා උපරිම වශයෙන් ඩොලර් 650ක් ලබා ගත හැකිය (එසේ නැතිනම් තනි බලශක්ති ප්‍රභවයක් ඇති නිවෙස් සඳහා $1,300 ක් ලබාගත හැකිය).
ඉල්ලුම්පතක් ලබාගැනීම සඳහා වික්ටෝරියානුවන් ඔවුන්ගේ විදුලිය, ගෑස් හෝ ජල සිල්ලර වෙළෙන්දාට දුරකථන ඇමතුමක් ලබා දිය යුතුය.
Concession කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ බලශක්ති සිල්ලර වෙළෙන්දාගෙන් සෘජුවම වාර්ෂික විදුලි සහනයක් ලබා ගැනීමට හැකි වන අතර, එය වාර්ෂික බිල්පතේ පළමු ඩොලර් 171.60 සඳහා අදාළ නොවන නමුත් බලශක්ති භාවිතය සහ සේවා පිරිවැයෙන් 17.5% දක්වා අඩු කිරීමක් ලබා දෙයි.
Concession කාඩ්පත් හිමියන්ට ශීත ඍතුවේදී ජීවන වියදම පහසු කර ගැනීම සඳහා winter gas concession එකක් සඳහා ද අයදුම් කළ හැකිය.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයයේ අඩු හෝ ස්ථාවර ආදායම් ලබන නිවැසියන්ට විදුලිය සහ ගෑස් ගෙවීම් යන ද්විත්වයම ආවරණය කිරීමට උපකාර වන බලශක්ති බිල්පත් සහන සඳහා වසරකට ඩොලර් 233.60 දක්වා ප්‍රවේශ වීමට හැකි වේ.
අඩු හෝ ස්ථාවර ආදායම් ලබන අයට නගර සභා ගාස්තු, බලශක්ති සහ සෞඛ්‍ය බිල්පත් වැනි ඔවුන්ගේ සියලු ජීවන වියදම් සමඟ වෙනම Cost of Living Concession හෙවත් ජීවන වියදම් සහනයක් මේ අනුව සැලසුම් කර ඇත.
මීට පෙර ජීවන වියදම් සහනයක් ලබා ඇති අය නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ. සුදුසුකම්ලත් නිවසකට සහන මුදල ලෙස තාමාට හිමි නිවසේම පදිංචි පුද්ගලයින් සඳහා $449 ක් ද කුලී නිවැසියන් සඳහා $224.60 ක්ද ලැබේ.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
ජීවන වියදම් පීඩනයට සහය වීමට සියලුම බටහිර ඔස්ට්‍රේලියානු නිවැසියන්ට 2022-2023 වසරේදී ඩොලර් 400 ක ගෘහ විදුලි දීමනාවක් ලැබෙනු ඇත.
එය 2020-21 දී දැනටමත් ලබා දී ඇති $600 දීමනාවට අමතර එකකි.
ගෙවීම් විධිවිධාන සහ අනෙකුත් දුෂ්කරතා උපාය මාර්ග අවසන් වී ඇති බටහිර ඔස්ට්‍රේලියානුවන්ට මූල්‍ය දුෂ්කරතාවන්ට උපකාර කිරීම සඳහා රජය Hardship Utility Grant Scheme (HUGS) වැඩසටහනක් ද දියත් කර ඇත.
ප්‍රාන්ත වැසියන් තම බලශක්ති සැපයුම්කරු හරහා එයට අයදුම් කළ යුතුය.
ටස්මේනියා ප්‍රාන්තය
ටස්මේනියා ප්‍රාන්ත රජය වාර්ෂික විදුලිය බිල්පත් සහනයක් ලබා දෙන අතර එය සුදුසුකම් ලත් පාරිභෝගිකයින්ට දෛනික වට්ටමක් ලබා දෙයි.
ඒ සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔස්ට්‍රේලියාවේ Services Australia හෝ DVA Pensioner සහන කාඩ්පතක්, Services Australia Health කාඩ්පතක් හෝ ImmiCard (Bridging Visa E) තිබිය යුතුය.
වාර්ෂික විදුලි බිල්පත් සහනය සඳහා අයදුම් කිරීමට, සුදුසුකම් ලත් පාරිභෝගිකයින් ඔවුන්ගේ විදුලිය සපයන සිල්ලර වෙළෙන්දා ඇමතිය යුතුය, නැතිනම් අයදුම්පත සම්පූර්ණ කළ යුතුය.
සුදුසුකම් ලත් ටස්මේනියානු විශ්‍රාමිකයින්ට Heating දීමනාව වෙත ප්‍රවේශ විය හැකි අතර, Heating වියදම් සඳහා උපකාර කිරීම පිණිස වසරකට ඩොලර් 56 ක ගෙවීමක් සිදු කෙරේ.
සෑම වසරකම මැයි 15 සහ සැප්තැම්බර් 15 යන දිනවල ඩොලර් 28 බැගින් ගෙවීම් දෙකක් මෙහිදී සිදු කෙරේ.
සුදුසුකම් පරීක්‍ෂා කර ඇති සාර්ථක අයදුම්කරුවන්ට දීමනාව සඳහා සෑම වසරකම නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.
Services Australia හෝ DVA විශ්‍රාම වැටුප් සහන කාඩ්පතක් ඇති පුද්ගලයින්ට මෙම දීමනාව ලබා ගත හැකිය.
Northern Territory
Northern Territory සහන වැඩසටහනේ සාමාජිකයින්ට දිනකට ඩොලර් 1.274ක ස්ථාවර දෛනික විදුලිය ගාස්තුවක් සහ භාවිතා කරන කිලෝවොට් එකකට ඩොලර් 0.091ක් මත ගණනය කරන ලද විදුලි පිරිවැය මත සහනයක් ලැබිය හැක.
මෙම වැඩසටහනේ සාමාජිකයින්ට මුල්‍ය වර්ෂයකදී එක් නිවසකට ඩොලර් 1,200 ක උපරිම සහනයක් ලබා ගත හැකි අතර, එක් නිවසකින් එක් සාමාජිකයෙකුට පමණක් එය ලබා ගත හැකිය.
Northern Territory වාසීන්ට මේ සඳහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට හෝ ඒ සඳහා අයදුම් කිරීමට හෝ Northern Territory රජයේ වෙබ් අඩවියෙන් හරහා හැකිය.
Australian Capital Territory
ACT හි Concession කාඩ්පත් හිමියන්ට විදුලිය, ස්වාභාවික ගෑස්, ජලය සහ මලාපවහන ගාස්තු ආවරණය කිරීම සඳහා Utilities Concession හෙවත් ACT බිල්පත් සහනය වෙත ප්‍රවේශ විය හැකිය.
එහිදී ඩොලර් 750 ක වාර්ෂික සහන මුදලක් සුදුසුකම් ලත් ACT නිවැසියන් වෙත සෘජුවම ගෙවනු ලැබේ.
මේ සඳහා අයදුම් කිරීමටතමන්ගේ බලශක්ති සැපයුම්කරුව සෘජුවම සම්බන්ධ කර ගත යුතුය.
මේ පිළිබඳ වැඩි වැඩි විස්තර සහ බලශක්ති සපයන්නන්ගේ ලැයිස්තුවක් සහ ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු සඳහා, මෙතන click කරන්න.
තවමත් ඔබේ බලශක්ති බිල ගෙවීමට නොහැකි නම් කුමක් කළ යුතුද?
ඔබට ඔබේ බලශක්ති බිල්පත ගෙවීමට නොහැකි නම්, ඔබ වහාම ඔබේ බලශක්ති සේවා සපයන්නා ඇමතිය යුතුය.
ගෙවීමට දිගු කාලයක් ලබා දීම, නම්‍යශීලී ගෙවීම් සැලැස්මක් හෝ ණය එකතු කිරීමේ ආයතනයකට යොමු කිරීමක් වැනි විසඳුම් එහිදී ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.
ඔබ ඔබේ බලශක්ති සැපයුම්කරු සම්බන්ධ කර නොගන්නේ නම්, ඔබේ සේවාව විසන්ධි වීමට හෝ අත්හිටුවීමට ඉඩ ඇති අතර, ඔබේ credit score එකට හානි සිදු විය හැක.
Read & Listen More

අහාර මගින් සිදු වන අසාදන අවම කරගැනීමට, ඔබ දැන සිටියම යුතු දේවල්