ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට රැකියා කිරීමට හැකි පැය ගණන ජූලි 01 සිට වෙනස්වෙන හැටි (SBS සිංහල/ වාර්තා)

2023 ජූලි 01 වන දින සිට ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට තම අධ්‍යන වාරයන් ඇතුළත දෙසතිකයකට පැය 48 ක් දක්වා උපරිමව රැකියා කිරීමට අවසර ලැබේ.

Work rights for international students in Australia will be capped again but in a different way

From 1 July 2023, work rights for international students will be capped again, but at a higher level of 48 hours per fortnight. Source: Getty / Getty Images/urbazon

ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබමින් රැකියා කරන ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් (subclass 500) සඳහා අවසර දී ඇති වැඩ කරන පැය ගණන පිළිබඳ සීමාවන් නැවත හඳුන්වා දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙම සීමා කිරීම 2023 ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.

ජාත්‍යන්තර ශිෂ්‍යයින්ගේ රැකියා කරන පැය ගණන යළි සීමා කෙරේ

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට රැකියා කිරීමට අවසර දී ඇති පැය ගණන ඔස්ට්‍රේලියාවට කොවිඩ් වසංගතය පැමිණීමෙන් පසුව සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත්තේය.

ඒ අනුව එතෙක් දෙසතියකට පැය 40 ක් දක්වා උපරිමව රැකියා කිරීමට ජාත්‍යන්තර සිසුන්ට තිබුණු සීමාව ඉවත් කිරීමට 2022 ජනවාරි මාසයේදී මධ්‍යම රජය තීරණය කළේය.

නමුත් 2023 ජූලි 01 වන දින සිට ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට රැකියා කිරීමට අවසර දෙන පැය ගණන සීමා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇති නමුත් එය පෙර තිබූ පැය ගණනට වඩා තරමක් ඉහළ සීමාවකට ගෙන ඒමට ඔවුහු පියවර ගෙන තිබේ.

ඒ අනුව 2023 ජූලි 01 වන දින සිට ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට තම අධ්‍යන වාරයන් ඇතුළත දෙසතිකයකට පැය 48 ක් දක්වා උපරිමව රැකියා කිරීමට අවසර ලැබේ.

ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාවේ තම අධ්‍යාපනය ලැබීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි බවත් වැටුප් සහිත රැකියාවක් කර ඔවුන් ඉගෙන ගන්නා අතරතුර වටිනා සේවා පළපුරුද්දක් ලබාගැනීමට අවස්ථාවක් උදා කර දෙන බවත් මෙමගින් සහතික කෙරන බව මධ්‍යම රජය පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙය බලාත්මකද?

තමන්ගේ අධ්‍යන වාරය කුමන දිනයේ ආරම්භ වුවද මෙම නව සීමාව සියලුම ජාත්‍යන්තර සිසුන්ට එක හා සමානව අදාළවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

දෙසතියකදී වැඩිපුර වැඩ කරන ලෙසටත් එසේ නොකළහොත් වීසා අහෝසි කරන ලෙසටත් ඔබට බලපෑම් කළ හැකිද?

දෙසතියකදී සීමාව ඉක්මවා වැඩිපුර වැඩ කරන ලෙසටත් එසේ නොකළහොත් වීසා අහෝසි කරන ලෙසටත් ඔබේ සේවා යෝජකයාට හෝ හාම් පුතාට හෝ කිසිවෙකුට ඔබට බලපෑම් කළ නොහැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

එවැනි සිදුවීමක් සිදුවුවහොත් වහාම Fair Work Ombudsman වෙත දැනුම් දෙන ලෙසට ද මධ්‍යම රජය සියලුම ජාත්‍යන්තර සිසුන්ගෙන් ඉල්ලා සිටී.

ඔබේ සේවායෝජකයාට ඔබේ වීසා බලපත්‍රය අවලංගු කළ නොහැකි අතර, ඔබ දෙසතියක් තුළ අවසර දී ඇති පැය ගණනට වඩා වැඩි කාලයක් සේවය කර තිබුණද ශ්‍රම සූරාකෑම පිළිබඳව Fair Work Ombudsman වෙත පැමිණිලි කිරීම නිසා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඔබේ වීසා බලපත්‍රය අවලංගු නොකරන බවද මධ්‍යම රජය අවධාරණය කර සිටියි.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service