ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමට සහ ජාත්‍යන්තර සිසුන්ව වඩාත් හොඳින් ආරක්ෂා කිරීමට ගන්නා නවතම පියවර වත්මන් කම්කරු පක්ෂ රජය අද (ඔක්තෝබර් 02) ප්‍රකාශයට පත් කළේය.
ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය පිළිබඳ Nixon සමාලෝචනයේ හඳුනාගෙන ඇති පරිදි ජාත්‍යන්තර අධ්‍යාපන අංශයේ බරපතල අඛණ්ඩතා ගැටලු මෙම පියවර මගින් විසඳනු ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ජාත්‍යන්තර සිසුන්ට නව නීති
Nixon සමාලෝචනය වෙත ප්‍රතිචාර දැක්වීමේ කොටසක් ලෙස, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතිය වෙත අවදානම් දර්ශක හඳුන්වා දෙයි.
මෙම අවදානම් දර්ශක අධීක්ෂණ රාමුවකට තොරතුරු දැනුම් දෙනු ඇති අතර එය අධ්‍යාපන නියාමකයින් විසින් ඉලක්කගත අනුකූලතාවයට යොමු කරනු ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
මේ සියල්ල හරහා ජාත්‍යන්තර සිසුන් සිය අධ්‍යන කටයුතු සඳහා අදාළ විශ්ව විද්‍යාල හෝ වෙනත් අධ්‍යාපන මධ්‍යස්ථාන වෙත පැමිණීම පිළිබඳ අධීක්ෂණය වැඩි කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.
දැනට පවතින යෝග්‍යතා සහ නිසි අධ්‍යාපන සැපයුම්කරුවන් සඳහා වන පරීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා මධ්‍යම රජය විසින් ජාත්‍යන්තර සිසුන් සඳහා වන අධ්‍යාපන සේවා පනත 2000 (ESOS පනත) සංශෝධනය කරනු ඇත.
මෙමගින් අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය ලබා ගැනීමට සහ එය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමිතීන් ශක්තිමත් කිරීමට මෙන්ම අධ්‍යාපන සපයන්නන් සහ අධ්‍යාපන නියෝජිතයන් අතර කෙරෙන ව්‍යාපාරවල හිමිකාරිත්වයේ සම්බන්ධතා වැලැක්වීමට හැකිවන බවද අධ්‍යපාන අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව, ඔස්ට්‍රේලියාවේ වෙනත් අධ්‍යාපනික ආයතනවලට බඳවා ගන්නා ජාත්‍යන්තර සිසුන් දඩයම් කිරීම සඳහා අධ්‍යාපන නියෝජිතයින්ට කොමිස් ලබා ගැනීම තහනම් කෙරේ.
අධ්‍යාපන සැපයුම්කරුවන්ට සිය ශිෂ්‍යයින් අදාළ පාඨ මාලාව සම්පූර්ණ කිරීමේ අනුපාත සහ වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාත වැනි අධ්‍යාපන හා වීසා නියෝජිතයින්ගේ කාර්ය සාධන දත්ත වෙත වැඩි ප්‍රවේශයක් මෙම නව සංශෝධන හරහා ලබා දෙනු ඇත.
මේ හරහා තම අධ්‍යාපන ආයතනවලට ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමට සහය දක්වන ගුණාත්මක අධ්‍යාපන නියෝජිතයින් තෝරාගැනීමට අදාළ අධ්‍යාපන සැපයුම්කරුවන්ට අවස්ථාව සලසා දෙයි.
සංශෝධනවල ප්‍රධාන අරමුණ
ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමයේ වැදගත් කොටසක් වන අතර ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන්නෙකු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර අධ්‍යාපන සහ ශිෂ්‍ය වීසා පද්ධති අක්‍රමවත් ලෙස හැසිරවීම හෝ ජාත්‍යන්තර සිසුන් සූරාකෑම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පිළි නොගන්නා බවද ඔහු පැවසීය.
ඇතැම් ජාත්‍යන්තර සිසුන් විශ්ව විද්‍යාල පාඨ මාලාවක් හැදෑරීමට ඔස්ට්‍රේලියාවට ශිෂ්‍ය වීසා මත පැමිණ ඊට වඩා අධ්‍යාපන මට්ටමින් අඩු වෘත්තීය පුහුණු පාඨ මාලාවක් හැදෑරීම පිණිස තම විශ්ව විද්‍යාල පාඨ මාලාව අත්හැර දමයි.
අවසානයේදී එවැනි ජාත්‍යන්තර සිසුන් බොහොමයක් තම පාඨ මාලාවන් හැදෑරීමට නොපැමිණ හුදෙක් රැකියා කරමින් මුදල් ඉපයීම පමණක් කිරීමට පෙළඹී සිටින බවත් ඔවුන් දිගින් දිගටම පාඨ මාලා මාරු කරමින් ශිෂ්‍ය වීසා මත සිටිමින් මේ ක්‍රියාවේ නිරතවන බවත් මධ්‍යම රජයට දැනගන්නට ලැබී තිබේ.
එවැනි සිසුන්ගේ මෙම අනුමත කළ නොහැකි ක්‍රියාවන් නැවත්වීමට සහ එවැනි අකටයුතුකම් සඳහා ජාත්‍යන්තර සිසුන්ට සහය දක්වන අධ්‍යාපන හා සංක්‍රමණ නියෝජිතයන්ට එරෙහිව පියවර ගැනීමට මෙම සංශෝධන හඳුන්වා දී ඇති බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.