විදෙස් රටවල වෛද්‍යවරුන්ට ඔස්ට්‍රේලියාවට ඒම පහසු කරයි, වෛද්‍ය උපාධි හිමි ජාත්‍යන්තර සිසුන්ටත් විශේෂ සහන

Australia’s living costs rising

Source: AAP

‘Visas for GPs’ වැඩසටහන අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇති අතර ඒ හරහා විදෙස් රටවල වෛද්‍යවරුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී තිබූ අනවශ්‍ය නියාමන බාධක ඉවත් කරනු ඇත.


විදේශයන්හි සිටින වෛද්‍යවරුන් රැකියා සඳහා බඳවා ගැනීම පහසු කිරීමට දැනට ඇති අනවශ්‍ය බාධා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉවත් කරයි.

මේ බව අද (සැප්තැම්බර් 25) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සහ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසුහ.

විදෙස් රටවල වෛද්‍යවරුන්ට ඔස්ට්‍රේලියාවට ඒමට පහසු කරවයි

‘Visas for GPs’ වැඩසටහන අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇති අතර ඒ හරහා විදෙස් රටවල වෛද්‍යවරුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී තිබූ අනවශ්‍ය නියාමන බාධක ඉවත් කරනු ඇත.

එසේම, වෛද්‍ය උපාධි ලබාගත් ජාත්‍යන්තර සිසුන්ට employer-sponsored වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ගතවන කාලය සහ සංකීර්ණත්වය අඩු කිරීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

විදේශ පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා වන නියාමන සැකසුම් ස්වාධීන සමාලෝචනයක් වන Kruk Review හි අතුරු වාර්තාවේ ප්‍රධාන නිර්දේශයන්ට අනුව මෙම වෙනස්කම් සිදු වේ.

සැප්තැම්බර් 16 සිට, ඔස්ට්‍රේලියානු ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සැකසුම් තුළ සේවය කිරීමට අපේක්ෂා කරන වෛද්‍ය උපාධි ලබාගත් ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ Employer Sponsored වීසා අයදුම්පත්‍රයේ කොටසක් ලෙස සේවායෝජකයෙකුගෙන් Health Workforce Certificate (HWC) හෝ Health Workforce Exemption Certificate (HWEC) ඉදිරිපත් කිරීමට තවදුරටත් අවශ්‍ය නොවේ.

මේ හරහා අනවශ්‍ය ලිපි ලේඛන සඳහා වනා කාලය නාස්ති කිරීම නතර කරයි.
HWC සඳහා අයදුම්පත් බාරගැනීම සැප්තැම්බර් 5 වන දින සිට නතර කළ අතර HWEC සඳහා අයදුම්පත් බාරගැනීම සැප්තැම්බර් 13 සිට නතර කරනු ලැබීය.

පවුලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තීන් සම්බන්ධයෙන් වන වීසා අයදුම්පත් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තවමත් ඉහළම ප්‍රමුඛතාවය ලබාදෙන බවත් එවැනි අයදුම්පතක් පිළිබඳ අවසන් තීරණයක් දීම සඳහා කාලය ආසන්න වශයෙන් දින 30 සිට දින 1-2 දක්වා අඩු කර ඇති බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
විදෙස් රටවල වෛද්‍යවරුන්ට ඔස්ට්‍රේලියාවට ඒම පහසු කරයි, වෛද්‍ය උපාධි හිමි ජාත්‍යන්තර සිසුන්ටත් විශේෂ සහන | SBS Sinhala