ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට සහනයක් ගෙන දුන් 408 කොවිඩ් වීසා අහෝසි කෙරේ

Copy of 2 WAY WEBSITE HEADER (16).jpg

Andrew Giles has announced the government is scrapping the controversial pandemic visa for international students. Source: AAP

කොවිඩ් වසංගත සමයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි වූ ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා මෙන්ම 2020 වසරේදී කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වන විට ඔස්ට්‍රේලියාවේ පැවති ශ්‍රම හිඟය පිරවීම සඳහා මෙම විශේෂ වීසා බලපත්‍රය එවකට බලයේ සිටි ලිබරල් සන්ධාන රජය හඳුන්වා දුන්නේය.


ඔස්ට්‍රේලියාවේ Pandemic Event වීසා හෙවත් 408 කොවිඩ් වීසා බලපත්‍රය අහෝසි කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles නිවේදනය කර තිබේ.

කොවිඩ් වසංගත සමයේදී ඔස්ට්‍රේලියාව මෙම වීසා බලපත්‍රය හඳුන්වා දුන්නේය.

408 කොවිඩ් වීසා බලපත්‍රය අහෝසි කිරීම

කොවිඩ් වසංගත සමයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි වූ ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා මෙන්ම 2020 වසරේදී කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වන විට ඔස්ට්‍රේලියාවේ පැවති ශ්‍රම හිඟය පිරවීම සඳහා මෙම විශේෂ වීසා බලපත්‍රය එවකට බලයේ සිටි ලිබරල් සන්ධාන රජය හඳුන්වා දුන්නේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම වීසා බලපත්‍රය ක්‍රියාත්මක කිරීමට බලපෑ තත්වයන් තවදුරටත් නොපවතින බැවින් මෙය අහෝසි කිරීමට තීරණය කළ බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය.

ඒ අනුව 2023 සැප්තැම්බර් 2 වන දින සිට නව අයදුම්කරුවන් සඳහා මෙම 408 කොවිඩ් වීසා බලපත්‍රය වසා දමනු ලබන අතර 2024 පෙබරවාරි මාසයේ සිට සියලුම අයදුම්කරුවන් සඳහා මෙය අහෝසි කරනු ඇත.
වලංගු 408 කොවිඩ් වීසා බලපත්‍රයක් ඇති ඕනෑම අයෙකු ඔවුන්ගේ වත්මන් වීසා බලපත්‍රය කල් ඉකුත් වන තෙක් ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව සිටීමට අවස්ථාව ලැබේ.

පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේ ගොඩගැසී තිබුණු මිලියන ගණනක වීසා අයදුම්පත් හැකි ඉක්මණින් සළකා බලා ඒවා පිළිබඳ අවසන් තීරණ අදාළ අයදුම්කරුවන්ට දැනුම් දීමට වත්මන් කම්කරු පක්ෂ රජය ගෙන යන වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙස මෙය හැඳින්වේ.

408 කොවිඩ් වීසා

මෙම වීසා බලපත්‍රය උපරිම මාස 12 ක කාලයක් සඳහා පිරිනමන අතර මේ සඳහා අයදුම් කිරීමට නම් ඔබ ඔස්ට්‍රේලියාව තුළ සිටීම අනිවාර්ය වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට නම් දින 90කින් හෝ ඊට අඩු කාලයකින් කල් ඉකුත් වන හෝ දින 28කට පෙර හෝ ඊට අඩු කාලයක් තුළ කල් ඉකුත් වූ රැකියා අයිතීන් සහිත සැලකිය යුතු ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් ඔබ සතුව තිබිය යුතුය.

ඔබට ඔස්ට්‍රේලියාවේ රැකියාවක් ඇති බවට සාක්ෂි හෝ රැකියාවක් ලබා දීමට යාමේ සාක්ෂි හෝ මෙහිදී පෙන්විය යුතුය.

408 කොවිඩ් වීසා බලපත්‍රය සඳහා කිසිදු වීසා ගාස්තුවක් අය නොකෙරේ.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service