ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා එකක ඉන්න අයෙකුට දරුවෙකු ලැබුනහොත් ඒ ගැන Immigration එක දැනුවත් කිරීම අවශ්‍යද

NACA Feature, workers' rights, workplace culture,

Newborn Baby Source: Getty / Getty Images

අම්මයි තාත්තයි ඉන්නේ Temporary Visa එකක නම් ඔබේ අලුත උපන් බිළිදා ටත් Visa අයදුම් කල යුතුද? ඒ පිළිබද SBS සිංහල සේවය ගෙන එන සවිස්තර තොරතුරු ඔබට පහත කෙටි ලිපියෙන් කියවා දැනගැනීමට සහ මේ සමඟ ඇති පොඩ්කාස්ට් එකෙන් ශ්‍රවනය කල හැකියි.


ඔබ තාවකාලික වීසා කාණ්ඩයක සිටියදී ඔබට දරුවකු ලැබුනහොත් දරුවාගේ තොරතුරු Department Of Homeaffairs එසේත් නැතිනම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දිය යුතු වේ.
ඔබ Bridging වීසා එකක සිටිනවානම් දරුවාටද Bridging වීසා එකක් නිකුත් කිරීම සිදුවේ. මෙහිදී දරුවා ලැබෙන විට ඔබ සිටින වීසා කාණ්ඩයටම දරුවා ඇතුලත් වීම සිදුකෙරේ.

දරුවා ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය පිරිනැමීමක් සිදු නොවේ.


මෙහිදී දරුවා පිලිබඳ විස්තර හැකි ඉක්මනින් department of Homeaffairs වෙත දැනුම් දීම ඉතාම වැදගත් වේ. ඔබේ දරුවාට ගමන් බලපත්‍රයක් සාදා නොමැති උවත් මේ සඳහා අයදුම්පත යොමුකිරීමේ හැකියාව තිබේ.


ඒ සඳහා පහත ලියකියවිලි සැපයීම සිදුකල යුතුයි.
  • 1022 අයදුම් පත්‍රය - Notification of changes in circumstances
  • ඔබේ දරුවාගේ ඕස්ට්‍රේලියානු උප්පැන්න සහතිකයේ වර්ණ පිටපතක්. මෙය අදාළ ප්‍රාන්තයේ උපත් හා මරණ ලියාපදිංචි ආයතන මගින් ඔබට ලබා ගන්න හැක.
  • දරුවාට ගමන් බලපත්‍රයක් තිබේනම් එහි වර්ණ පිටපතක් සහ දරුවාට විසා ලබාගැනීමට ඔබේ අනුමැතිය ලබා දෙන 1229 අයදුම් පත්‍රය

ඔබ Bridging visa එකක සිටිනවාන ඔබේ immi ගිණුම හරහා මෙම ඉදිරිපත් කල යුතුයි.

ඔබ තාවකාලික විසා කාණ්ඩ වන 476, 485, 500 හෝ 590 විස කාණ්ඩයේ සිටිනවානම් Department Of Home affairs හි වෙබ් අඩවියෙන් ඔබේ දරුවා, ඔබේ වීසා බලපත්‍රයට ඇතුලත් කිරීමට අයදුම් කල හැකියි

මෙහිදී ඔබට බලපාන වීසා කොන්දේසි ඔබේ දරුවාටද ඒ අකාරයෙන්ම බලපානු ඇති. මෙම විස අයදුම්පත්‍රය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

ඔබේ දරුවා සඳහා වීසා ලබාදීමේදී එම විසා කාණ්ඩය සඳහා වන සෞඛ්ය අවශ්‍යතාවයන් සපුරාලිය යුතු වේ. එසේම වලංගු ගමන් බලපත්‍රයක් ද සැපයියයුතු වේ.

ඔබේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේපවී ඇති අවස්ථාවක උවද උබේ දරුවා පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම ඉතා වැදගත්. එහිදී දරුවා සඳහා විසා බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පිලිබඳ සලකා බැලීම සිදුකෙරේ.

ඔබ ස්ථිර පදිංචිය සඳහා හෝ වෙනත් විසා කාණ්ඩයක් සඳහා හෝ අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් උවත් ඔබේ දරුවා පිළිබඳව Department of Homeaffairs වෙත දැනුම් දී දරුවාට වීසා බලපත්‍රයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. පසුව ඔබට නව වීසා බලපත්‍රය අයදුම් කිරීමේදී ඔබේ දරුවා ව ඇතුලත් කරගැනීම සිදු කල හැකි වේ.

යම් හෙයකින් ඔබ මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිටියහොත් එය ඔබේ දරුවාගේ සහ ඔබේ ඉදිරි ආගමන තත්වයන්ට අහිතකර ලෙස බලපෑ හැකියි.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

· SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala

· SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP එකෙන් (Free)

 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා එකක ඉන්න අයෙකුට දරුවෙකු ලැබුනහොත් ඒ ගැන Immigration එක දැනුවත් කිරීම අවශ්‍යද | SBS Sinhala