ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවන වීසා 185,000 විවිද ක්ෂේශ්ත්‍ර හරහා 2024 - 25 වසරවල බෙදී යන්නේ මෙහෙමයි

Australian Visa.jpg

Image credit: Getty/ pexels.com

ඕස්ට්‍රේලියාවේ අය වැය හරහා වසරකට ස්ථිර පුරවැසිභාවය ලබාදෙන ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කර තිබේ. මෙහිදී මින්පෙර 190000ක් ලෙස පැවති ස්ථිර පදිංචිය ලබාදෙන කෝටාව 185000 දක්වා අඩු වී තිබේ. මෙහිදී විවිද රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා වෙන්කර ඇති වීසා ප්‍රමාණයන් අයවැයේ දී සඳහන් වී තිබිණ. ඒ ආකාරයට බෙදී ගොස් ඇති වීසා ප්‍රමාණයන් සහ එක් එක් කාණ්ඩ මොනවාදැයි අපි සොයා බලමු.


ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මැයි මස 14 වනදා ඉදිරිපත් කල අයවැය තුලින් මෙරට ස්ථිර සංක්‍රමණ වැඩපිළිවෙල සඳහා වසරකට ලබාදෙන වීසා ප්‍රමානය 185,000 ක් ලෙසට අනුමත කෙරින. මෙම වීසා ප්‍රමාණය එක් එක් අංශ සඳහා බෙදී යන ආකාරය පිළිබඳව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වීසා සහ සංක්‍රමණ උපදේශක වරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය SBS සිංහල සේවය වෙත අදහස් දක්වා සිටියාය.

එම වීසා 185,000 බෙදී යාම සිදුවන්නේ මෙසේයි

  • පුහුණු ශ්‍රමිකයන් සඳහා වසරකට ලබාදෙන වීසා සංඛ්‍යාව 132,200ක්
  • Employer Sponsored Visa කාණ්ඩය සඳහා වසරකට වීසා 44,000ක්
  • Skilled Independent කාණ්ඩය සඳහා වීසා 16,900ක්
  • Regional visa (ප්‍රාදේශීය වීසා ) සහ Steate and Teritory (ප්‍රාන්ත සහ ටෙරිටරි) වීසා සඳහා 33,000 ක්
  • Family වීසා සඳහා 52,500 ක් (මේ සඳහා Parent Visa සහ Partner Visa වීසා ද ඇතුලත්)
  • Global Talent වීසා කාණ්ඩය සඳහා වීසා 4,000ක්
  • Business and Innovation කාණ්ඩය සඳහා වීසා 1000 ක්
කෙසේ වෙතත් ඉදිරියේදී මෙම Business and Innovation වීසා කාණ්ඩය නවතා දැමීමට රජය තීරණය කර ඇති බව දේශානි SBS සිංහල වෙත පවසා සිටියාය.

2024 - 2025 මුල්‍ය වර්ෂය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අයවැයෙන් අනෙකුත් වීසා කාණ්ඩ සඳහා ඇතිවී තිබෙන විශේෂ වෙනස්කම් මෙන්න...

  • Temporary Skill shortage visa (Subclass 482 ) සඳහා පැවති අවශ්‍යතාවයන් ලිහිල් කිරීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට මින්පෙර පැවති වසර දෙකක රැකියා පලපුද්ද සඳහා වන අවශ්‍යතාවය එක් වසරක් දක්වා අඩු කිරීමට මෙවර අයවැයෙන් කටයුතු කර තිබේ. කෙසේ උවත් මෙය ක්‍රියාත්මක වීම මෙම 2024 වසරේ අග භාගයීදී පමණ සිදුවනු ඇති බව සංක්‍රමණ නියෝජිත දේශානි දියුනුගලගේ වැඩිදුරටත් පවසා සිටියාය.

  • වීසා ප්‍රතික්ෂේප වීමකදී නැවත විමසා බැලීමට අයදුම් ඉදිරිපත් කරන Administrative Appeal Tribunal (AAT) හි කාර්යක්ෂම තාවය ඉහල නැංවීම සඳහා රජය මුදල් වෙන්කිරීමට ද මෙවර අයවැයෙන් කටයුතු කර ඇත. මෙහිදී වීසා ප්‍රතික්ෂේප වීම් සම්බන්ද ගැටළු විසදීමට වර්තමානයේ වසර දෙකක පමණ කාලයක් බලා සිටීමට සිදුවන බවත් එම කාලය අඩුකිරීම රජයේ අපේක්ෂාව බවත් වාර්තා වේ.
(මෙම සටහනට ඉහලින් ඇති මේ සම්බන්ද කෙටි පොඩ්කාස්ට් එකට සවන්දෙන්න)
 
********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service