ඔස්ට්‍රේලියාවේ Administrative Appeals Tribunal (AAT) හෙවත් ෆෙඩරල් තීරණ සමාලෝචනය කරන විනිශ්චය සභාව අහෝසි කරන බව කම්කරු පක්ෂ රජය පවසයි.
Administrative Appeals Tribunal (AAT) අහෝසි කර ඒ වෙනුවට නව ආයතනයක් පිහිටුවන බව කම්කරු පක්ෂ රජයේ නීතිපති Mark Dreyfus ප්‍රකාශ කළේය.
Administrative Appeals Tribunal (AAT) අහෝසි කරන්නේ ඇයි?
AAT විසින් සුබසාධන ගෙවීම්වල සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය දක්වා සියලු තීරණ සමාලෝචනය කරයි.
මෙය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත වීසා සම්බන්ධ තීරණ සඳහා තීරණාත්මක අභියාචනා ක්‍රියාවලියක් ලෙස ද සැලකේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෙය 1976 සිට ක්‍රියාත්මක වූ නමුත් මෑත කාලයේ පැවති ලිබරල් සන්ධාන රජයට සම්බන්ධ පුද්ගලයන් හේතුවෙන් දැඩි විවේචනයට ලක්විය.
පසුගිය රජයේ වසර නවයක ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස AAT හි මහජන ස්ථාවරය ආපසු හැරවිය නොහැකි ලෙස හානි වී ඇති බව කම්කරු පක්ෂ රජයේ නීතිපති Mark Dreyfus පැවසීය
පැවති ලිබරල් සන්ධාන රජය විසින් AAT වෙත සිදුකර ඇති හානිය එහි ස්වාධීනත්වයට සහ එහි තීරණ ගැනීමේ ගුණාත්මක භාවයට බලපාන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
AAT වෙනුවට පිහිටුවන නව ආයතනය 2023 වසර අවසන් වන විට ක්‍රියාත්මක වීමට නියමිත බවද වාර්තා වේ.
මේ වෙනස නිසා දැනට AAT හමුවේ ඇති ගැටලුවලට බලපෑමක් ඇති නොවේ.

Australian Attorney-General Mark Dreyfus Source: AAP / Lukas Coch
නව ආයතනය කුමන ස්වරුපයක් ගනීද?
නව ආයතනයේ පත්වීම් කුසලතා මත පදනම් වූ සහ ගැලෙපන සුදුසුකම් මත සිදුකෙරෙන බවට සහතික කිරීමට මධ්‍යම රජයට අවශ්‍ය බව නීතිපති Mark Dreyfus පැවසීය.
"ඔස්ට්‍රේලියානුවන් රජය තුළ අවංකභාවය, වගවීම සහ අඛණ්ඩතාව සාධාරණ ලෙස අපේක්ෂා කරනවා," ඔහු පැවසීය.
නව ආයතනයක් නිර්මාණය කළ පසු විනිශ්චය මණ්ඩලයේ වත්මන් සාමාජිකයින්ට ඔවුන්ගේ තනතුරු සඳහා නැවත අයදුම් කිරීමට අවශ්‍ය වනු ඇති බවද නීතිපතිවරයා සඳහන් කළේය.
AAT අහෝසි කිරීමේ තීරණය දීර්ඝ ලෙස සලකා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස ගත් තීරණයක් බවත් වත්මන් විනිශ්චය මණ්ඩලයේ විශ්වාස කළ නොහැකි පසුබෑම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අතිරේක සාමාජිකයින් 75 දෙනෙකු පමණ පත් කිරීමට රජය යෝජනා කරන බවත් ඔහු පැවසීය.
පැවති ලිබරල් සන්ධාන රජය සමග සම්බන්ධකම් ඇති පුද්ගලයින් යළි පත් කිරීම තහනම් කරන්නේදැයි මාධ්‍යවේදීහු නීතිපති Mark Dreyfus ගෙන් ප්‍රශ්න කළහ.
තනතුරු සඳහා පත් කිරීමේ ක්‍රියාවලිය කුසලතා මත පදනම් වන බව එම ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු පැවසීය.
තනතුරු උදෙසා සලකා බලන සෑම පුද්ගලයෙකු සඳහාම නිර්ණායක මාලාවක් යොදන බව ද ඔහු සඳහන් කළේය.
හිටපු මහාධිකරණ විනිසුරු Patrick Keane ගේ නායකත්වයෙන් යුත් කාර්ය සාධක බලකායක් නව ආයතනයේ සැලසුම පිළිබඳව උපදෙස් ලබාගෙන 2023 වසරේ නීති සම්පාදනය කරන බව ද නීතිපතිවරයා පැවසීය.
AAT අහෝසි කිරීමේ තීරණය සම්බන්ධ ප්‍රතිචාර
කම්කරු පක්ෂයට තමන්ගේ මිනිසුන් සමග AAT වෙනුවට නව ආයතනයක් ආරම්භ කිරීමට මුල සිටම අවශ්‍යතාවක් තිබුණු බවට නීති කටයුතු පිළිබඳ ෆෙඩරල් විපක්ෂයේ නියෝජිත Julian Leeser චෝදනා කළේය.
මේ තීරණය නිසා කම්කරු රජය AAT හෑල්ලුවට ලක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
නමුත් මෙම තීරණය නිවැරදි ක්‍රියාමාර්ගයක් බව ඔස්ට්‍රේලියානු ආයතනයේ වගවීමේ වැඩසටහන් අධ්‍යක්ෂ Bill Browne පැවසුවේය.
"AAT වෙත දේශපාලන පත්වීම් රටාවක්, විශේෂයෙන් පසුගිය වසර නවය තුළ, විනිශ්චය සභාව කෙරෙහි ඇති විශ්වාසය පළුදු කර ඇති අතර සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය කර තිබෙනවා" ඔහු පැවසීය.
John Howard ගේ ලිබරල් සන්ධාන රජය තුළ 6% කට සාපේක්ෂව, හිටපු මොරිසන් රජය යටතේ දේශපාලන පත්වීම් 40% ක් තරම් ඉහළ මට්ටමකට පැමිණ ඇති බව ඔස්ට්‍රේලියානු ආයතනය සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.