2023 ජුලි 1 සිට වීසා අයදුම්කරුවෙකුට ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයෙකුගෙන් වීසා සඳහා අනුග්‍රහය ලබා ගැනීමේදී අදාළ වීසා ලාභියාට ගෙවිය යුතු අවම වැටුප හෙවත් Temporary Skilled Migration Income Threshold (TSMIT) ඉහළ දමන බවත් ඇතැම් තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට මාර්ගයක් සකසා දෙන බවත් පසුගිය අප්‍රේල් 27 වනදින ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය නිවේදනය කළාය.
ඒ පිළිබඳ වැඩිදුර විස්තර මේ වන විට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
Temporary Skilled Migration Income Threshold ඉහළ දැමීම
2023 ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ TSMIT හෙවත් වීසා අයදුම්කරුවෙකුට ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයෙකුගෙන් වීසා සඳහා අනුග්‍රහය ලබා ගැනීමේදී අදාළ වීසා ලාභියාට ගෙවිය යුතු අවම වැටුප $53,900 සිට $70,000 දක්වා ඉහළ දැමේ.
මෙම ඉහළ යාම අදාළ වන්නේ 2023 ජූලි 01 දිනෙන් පසු අදාළ වීසා සඳහා වන නව nomination අයදුම්පත් සඳහා බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඒ අනුව නව අයදුම්කරුවන්ගේ නව ආදායම් සීමාව වසරකට $70,000 හෝ එම රැකියාවට අදාළ වාර්ෂික වෙළඳපල වැටුප් අනුපාතය ඊට වැඩිනම් එය හෝ වනු ඇත.
මෙම ආදායම් සංශෝධනය දැනට පවතින වීසා බලපත්‍රලාභීන්ට සහ 2023 ජූලි 01 ට පෙර ඉදිරිපත් කරන ලද අනුමත nomination වලට බලපාන්නේ නැති බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඇතැම් තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට මාර්ගයක්
2023 වසර අවසන් වන විට, Employer Nomination Scheme (186 වීසා උප ඛාණ්ඩය) වීසා බලපත්‍රයේ Temporary Residence Transition (TRT) ප්‍රවාහය ක්‍රියාත්මක වනු ඇත.
මෙම ප්‍රවාහය සිය සේවා යෝජකයන් අනුග්‍රහය දැක්වීමට කැමති සියලුම Temporary Skill Shortage (TSS) වීසා දරන්නන් සඳහා වේ.
අදාළ අයදුම්කරුවන්ට ඔවුන්ගේ TSS වීසා සඳහා නම් කරන ලද රැකියාවේ දිගටම වැඩ කිරීමට අවශ්‍ය වනු ඇත.
කෙසේ වෙතත්, අදාළ වෘත්තීන් මධ්‍යම හා දිගු කාලීන උපාය මාර්ගික කුසලතා ලැයිස්තුවට (MLTSSL) සීමා නොවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මේ අතර අනුග්‍රාහකත්වය සපයන සේවා යෝජකයා සමඟ TRT ප්‍රවාහය සඳහා වන සුදුසුකම් වසර තුනේ සිට වසර දෙක දක්වා අඩු කරන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසා ඇත.
නමුත් Employer Nomination Scheme වීසා බලපත්‍රයේ TRT ප්‍රවාහය සඳහා අයදුම්කරුවන් අනෙකුත් සියලුම nomination සහ වීසා අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය වනු ඇත.
මෙම මාර්ග පහසු කිරීම සඳහා, TSS වීසා අයදුම්පත් සංඛ්‍යාවට පනවා ඇති සීමාවන් ද මධ්‍යම රජය ඉවත් කරයි.
මෙම වෙනස්කම් අදාළ තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වඩාත් සාධාරණ ප්‍රවේශයක් ලබා දෙනු ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.