ගියොත් ආයෙ ආයෙත් යන්න හිතෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි හි තැන් දෙකක් ලොව අපූරුම ස්ථාන අතරට

A composite image of an art deco theatre and people sitting in a laneway.

Melbourne's Brunswick East and Sydney's Enmore have ranked 6th and 17th respectively as the world's coolest neighbourhoods. Source: Instagram

ටයිම් අවුට් ශ්‍රේණිගත කිරීම වලට අනුව, මෙල්බර්න් සහ සිඩ්නි යන ඕස්ට්‍රේලියානු නගර දෙක අවට ප්‍රදේශ ලෝකයේ අපූරුම ස්ථාන ලැයිස්තුවේ, ආකර්ෂණීය ලෙස 6 වන සහ 17 වන ස්ථානවලට පැමිණ තිබේ.


මෙල්බර්න් හි Brunswick East ලොව හයවන අපූරුම ප්‍රදේශය ලෙසට Time Out සඟරාව විසින් නම් කර ඇති අතර
සිඩ්නිහි Enmore, එහි 17 වැනි ස්ථානයට පත්ව තිබේ.

කොලොම්බියාවේ මෙඩලින් හි Laureles ලොව අපූරුම ස්ථානය ලෙස සැලකෙනවා.ඩබ්ලින්හි Smithfield දෙවන ස්ථානයේ පසු වේ.

මැඩ්රිඩ්හි කැරබැන්චෙල්, කෝපන්හේගන්හි හැව්නෙන් සහ හොංකොං හි ෂියුන්ග් වන් මෙම ලොව අපූරුම ප්‍රදේශ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන පහ අතරට පත්ව තිබේ.


යම් ප්‍රදේශයක හෝ ප්‍රජාවක "අපූරු බව" ලෝක මට්ටමින් තීරණය කිරීම එතරම් පහසු කාරණයක් නොවූවද කලාව සහ විනෝදාස්වාදය සඳහා වෙන්වූ Time out සඟරාව මගින් සිදු කළ මෙම ශ්‍රේණිගත කිරීමේ දී මෙල්බර් සහ සිඩ්නි හි ප්‍රදේශ ඉහළින්ම පැවතීම විශේෂත්වයක් වේ.

සිඩ්නි සහ මෙල්බර්න් තදාසන්න ප්‍රදේශ පසුගිය වසරට වඩා ඉහළ මට්ටමක පැවතුන නමුත් මින් පෙර අපූරුතම ප්‍රදේශ 40 ට අයත් වූ බ්‍රිස්බේන් නෙවර මෙම ලැයිස්තුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් ව තිබේ.

2022 වසරේදී Melbourne හි Fitzroy 27 වන ස්ථානයට සහ Sydney හි Marrickville 33 වන ස්ථානයට පත් ව තිබූ අතර Brisbane's Fortitude Valley 47 වන ස්ථානයට පත්ව තිබේ.

AUSTRALIA-ART-URBAN-STREET
The artwork of Australian artist Fintan Magee features prominently on Enmore's streets. Source: Getty / Peter Parks
Time Out Index සමීක්ෂණය මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කොට ඇති අතර එහිදී 12,000 කට අධික පුද්ගලයන්ගෙන් ඔවුන්ගේ නගරයේ ඇති අපූරුතම ප්‍රදේශ ගැන මත විමසුම් සිදු කර තිබේ.

අවසාන ලැයිස්තුව සම්පාදනය කිරීමේදී, Time Out සංස්කාරකවරුන් විසින් ප්‍රජා සහ සමාජමය කටයුතු සඳහා ඇති අවකාශය , street life හි ඇති වන දියුණුව, විවෘත හා හරිත අවකාශයන්ට ඇති ප්‍රවේශය වැනි සාධක දෙස අවධානය යොමු කොට තිබේ.

යෝගා සඳහා පහසුකම් , කැෆේ, ඩිජිටල් සංචාරකයින් වෙනුවෙන් නම් කරන ලද අවකාශයන් සහ උද්‍යානවලින් වීදි පිරී ඇති දිවා කාලය සහ රාත්‍රී කාලයේ nightlife සඳහා වෙන් වී ඇති අවකාශ හේතුවෙන් ලෝරේස් ලොව අපූරුතම ප්‍රදේශ ශ්‍රේණිගත කිරීමේ අංක එක ස්ථානය ලබා ගෙන තිබේ.

Time Out's Melbourne හි සංස්කාරක Leah Glynn විසින් කලින් කර්මාන්තශාලා අධික ප්‍රදේශයක් වූ Brunswick East හි සිදු වී ඇති පරිවර්තනය සහ හරිත අවකාශය භාවිතා කිරීම අගය කර තිබේ.

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


Lygon Street සහ Merri Creek හි සශ්‍රීක මංපෙත් අතර ඇති බහු සංස්කෘතික ආපනශාලා, සජීව සංගීතය ගැයෙන ස්ථාන සහ සුවපහසු සුරාසැල් ඇති Brunswick East විචිත්‍රවත් මධ්‍යස්ථානයක් ලෙස වේගයෙන් පරිවර්තනය වෙමින් තිබෙන බවත් එහි වරක් ගිය කෙනෙක් නැවත නැවත පැමිණෙනු ඇති බවත් ඇය ලියා පල කර තිබේ.

ටයිම් අවුට් හි සිඩ්නි කර්තෘවරිය වන ඇලිස් එලිස් පැවසුවේ එන්මෝර් හි ප්‍රධාන ආකර්ෂණය වන්නේ Global buffet සත්කාරකත්වය වන බවයි.


පසු ගිය මාර්තු මාසයේදී, ප්‍රාදේශීය සභාව විසින් එහි ඝෝෂාකාරී මංසන්ධියක් වන Enmore මාවත 'විශේෂ විනෝදාස්වාද පරිශ්‍රයක්' ලෙස නම් කර තිබෙන අතර එහි ඇති ඝෝෂාව මගින් ප්‍රීතියට බාධාවක් නොවන බව පවසයි.

මෙම ලිහිල් වූ නීති මගින් එම ප්‍රදේශයේ ස්ථාන වලට ප්‍රාදේශීය සභා අනුමැතියකින් තොරව විනෝදාස්වාදය සපයන උත්සව පැවැත්වීමට, වෙළඳ කටයුතු සිදු කරන වේලාවන් දිගු කිරීමට සහ රාත්‍රියේ footpath dinning සහ අවස්ථාව ලබා ගැනීමට හැකි බව එලිස් පවසයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ගියොත් ආයෙ ආයෙත් යන්න හිතෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි හි තැන් දෙකක් ලොව අපූරුම ස්ථාන අතරට | SBS Sinhala