ඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා සඳහා අලුතින් හඳුන්වාදුන් ඉංග්‍රීසි භාෂා ලකුණුමට්ටම් ගැන විස්තරය මෙන්න

hispanic college student doing some home works from home with laptop

University student Source: Moment RF / Carol Yepes/Getty Images

ඕස්ට්‍රේලියානු රජය පසුගිය කාලයේ සංක්‍රමණික නීති සඳහා නව නීති හංදුන්වා දී තිබේ. මෙහිදී Temporary Gradguate Visa (TGV ) අයදුම්කරුවන්ට සහ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට බලපාන ඉංග්‍රීසි ලකුණු මට්ටම් වලට සංශෝධන ගෙන ඒමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ.


ඕස්ට්‍රේලියානු රජය විසින් 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ඉදිරි සංක්‍රමණ වැඩපිළිවෙල හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙහිදී යම් විසා කාණ්ඩ සඳහා ඉංග්‍රීසි භාෂාව සඳහා මේ වනවිට පනවා ඇති ලකුණු මට්ටම් වල වෙනස්කම් සිදුකිරීමට තීරණය වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන්ට මේ හරහා වඩාත් ඵලදායී ලෙස තම අධ්‍යාපන කටයුතු කරගැනීමට ඉඩ සැලසෙන බව ඕස්ට්‍රේලියානු රජයේ මතය වී තිබේ. 2024 මාර්තු 23 සිට ක්‍රියාත්මක මෙම නව නීති සංශෝදන පිළිබඳව විමසා බැලීම ඉතා වැදගත් වේ.

මෙහිදී ශිෂ්‍යයින් සහ ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළට ඇතුළුවන උපාධිධාරීන් ඉතා හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් සහිතව ඒ සඳහා යොමුවනු ඇතිබවට අපේක්ෂා කෙරේ.
Temporary Graduate Visa (TGV)
මෙහිදී Temporary Graduate Visa සඳහා අවශ්‍ය ඉංග්‍රීසි ලකුණු මට්ටම වැඩි කිරීමට තීරණය වී තිබේ. මෙහිදී IELTS විභාගයේ පෙර පවතී ලකුණු මට්ටම වූ ලකුණු 6 සීමාව ලකුණු 6.5තෙක් වැඩි වී තිබේ. තවද මෙම විභාගයේ Listening ,Writing, Reading සහ Speaking යන අංශ සඳහා පවතී ලකුණු අවමය 5.5 ක් කර තිබේ.

මේ අතර මෙම ඉංග්‍රීසි භාෂාවේ පෙර පැවති වසර තුනක වලංගු කාලය එක වසරක් දක්වා අඩු වේ තිබේ. මේ හේතුවෙන් අයදුම්කරුවන් වීසා අයදුම් කරන අවස්ථාවේ සිට වසරක් ඇතුලත අදාළ ඉංග්‍රීසි විභාගයන්ට පෙනීසිට තිබීම අත්‍යාවශ්‍ය වේ.


ශිෂ්‍ය වීසා සඳහා සිදුකල වෙනස්කම් පහත පරිදි වේ.
  • ශිෂ්‍ය වීසා සඳහා අයදුම්කිරීමට පෙර පැවති IELTS 5.5ක ලකුණු මට්ටම 6 දක්වා ඉහල දමා තිබේ.
  • ELICOS පාඨමාලාව සමග අධ්‍යන කටයුතු කරන්නේනම් එම මට්ටම 4.5 සිට 5 දක්වා ඉහල දමා තිබේ.
  • ELICOS පාඨමාලාව හරහා ඉංග්‍රීසි පමණක් හැදෑරීමට පැමිණෙන්නේනම් ලකුණු මට්ටම් වල කිසිදු වෙනසක් සිදු නොවේ.
  • මෙහිදී ඉංග්‍රීසි දැනුම වැඩිකරන විශ්වවිද්‍යාල මූලික පාඨමාලා හදාරන සිසුන් සඳහා IELTS ලකුණු මට්ටම 5.5 ලෙස පවතී.

මේ හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශිෂ්‍යයින් තම ප්‍රධාන පාඨමාලා සඳහා යොමුවීමේදී සහ රැකියා වෙළඳපොළට අතුලුවන්නේනම් ඉතා හොඳ භාෂා දැනුමක් සහිතව ඒ සඳහා යොමුවනු ඇතිබවට අපේක්ෂා කෙරේ.


ඕස්ට්‍රේලියාව ගැන රසවත් කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොචාස්ට් මාධ්‍යයක් හරහා SBS සිංහල ලෙස සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service