Migration Tasmania වැඩසටහනේ මේ වනවිට ලබාදී ඇති subclass 190 සහ 491 nominations පිලිබඳ තොරතුරු මෙන්න

Happiness (1).png

Image credit: Getty images

ඕස්ට්‍රේලියාවේ ටස්මනියානු ප්‍රාන්තයේ 2024/2025 මූල්‍ය වර්ෂය සඳහා state nominations ලබාදීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.


Subclass 190 සහ subclass 491 සඳහා state nominations ලබාදීම මෙම මූල්‍ය වර්ෂය සඳහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙහිදී ටස්මනියානු ප්‍රාන්තය සඳහා Subclass 190 state nominations ස්ථාන 2100 ලැබී තිබෙන අතර ඉන් 448 මේ වනවිට අයදුම් කරුවන් වෙත පිරිනමා අවසන් වී ඇති බව වාර්තා වනවා. ඔක්තෝම්බර් 14 වනදා වනවිට එහි අලුත්ම තත්වය පහත පරිදි වනවා.

Subclass 190 state nominations

  • ස්ථාන 2100න් 448ක් මේ වනවිට පිරිනමා අවසන් වී ඇත.
  • අයදුම් කර ඇති එහෙත් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අයදුම් පත් සංඛ්‍යාව 207 වේ.
  • අයදුම් කරුවන් වෙත යවා ඇති Invitations ප්‍රමාණය 91 වේ.
  • මේ වන විට ලැබී ඇති මුළු අයදුම් පත් (Registration of interest ) සංඛ්‍යාව 378 වේ.
Skilled Work Regional (subclass 491) visa

මෙම මූල්‍ය වර්ෂය සඳහා subclass 491 වීසා ස්ථාන 760 ක් ටස්මනියාවට ලැබී තිබෙනවා. ඉන් ස්ථාන 141ක් අයදුම් කරුවන් වෙත ලබාදීම මේ වනවිට අවසන් කර තිබෙනවා. ඔක්තෝම්බර් 14 වනදා වනවිට එහි අලුත්ම තත්වය පහත පරිදි වනවා.

Subclass 491 state nominations

  • ස්ථාන 760න් 141ක් මේ වනවිට පිරිනමා අවසන් වී ඇත.
  • අයදුම් කර ඇති එහෙත් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අයදුම් පත් සංඛ්‍යාව 65ක් වේ.
  • අයදුම් කරුවන් වෙත යවා ඇති Invitations ප්‍රමාණය 37ක් වේ.
  • මේ වන විට ලැබී ඇති මුළු අයදුම් පත් (Registration of interest ) සංඛ්‍යාව 375ක් වේ.
ටස්මනියාවේ අයදුම් කරුවන් ශ්‍රේණිගතකිරීමකට ලක්කරන අතර එහිදී අවම වශයෙන් Orange plus කාණ්ඩයේ එක අවශ්‍යතාවයක් හෝ සපුරා ඇති අයදුම් කරුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව සඳහන් කර ඇත. එවැනි සුදුසුකම් සපුරාලන අයදුම් කරුවන් සඳහා Migration Tasmania වැඩසටහන හරහා දැනුම් දීමක් සිදු කරන අතර ඔවුනට මාස 6ක් වැනි කාලයක් තුල state nominations සඳහා ආරාධනාපත්‍ර යැවීමක් සිදුකරන බව වාර්තා වේ. මෙහිදී Orange plus කාණ්ඩයේ හෝ ඉන් ඉහල කාණ්ඩ වල අවශ්‍යතා වැඩිවශයෙන් සපුරාලන අයදුම්කරුවන්ට කඩිනමින් ආරාධනා පත්‍ර යැවීමක් සිදුකිරීමට Migration Tasmania වැඩසටහන බලාපොරොත්තු වේ.

අවම වශයෙන් Orange plus කාණ්ඩයේ එක අවශ්‍යතාවයක් හෝ සපුරා ඇති අයදුම් කරුවන් සියලුදෙනාට මෙම මූල්‍ය වර්ෂය සඳහා subclass 190 වීසා සඳහා ආරාධනාපත්‍ර යැවීම සිදුකිරීමට බලාපොරොත්තු වන බව Migration Tasmania වැඩසටහන සඳහන් කර සිටී.

********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.





*********************************************************************************



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service