ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට පාර කපන වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කරන්නේ මෙහෙමයි

How to apply for Victoria 491 visa which leads to Australian permanent residency

Source: SBS / SBS News

පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මාර්ගය සකසන රැකියා වීසා බලපත්‍රයක් වන වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Work Regional (Provisional) වීසා (Subclass 491) පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.
ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය.

වසර 3 කට පසු අදාළ සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව මෙම 491 වීසා දරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සපයන 191 වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

වික්ටෝරියා ප්‍රාන්තයට මෙවර 491 වීසා සඳහා 2,400 ක කෝටාවක් හිමිවී තිබේ.
Australian Visas & Citizenship
Source: Getty / Getty Images

අයදුම් කළ හැක්කේ කාහටද?

වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට ඔබ පහත අවශ්‍යතා හා සුදුසුකම් සැපිරිය යුතුය:

  • සංක්‍රමණ ලකුණු අවම වශයෙන් 65 ක් ලබා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා Expression of Interest (EOI) එකක් යොමු කළ තිබිය යුතුය
  • EOI එකට අමතරව වික්ටෝරියා ප්‍රාන්තයට ඔබ ඉදිරිපත් කළ Registration of Interest (ROI) වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් තෝරාගත යුතුය
  • මෙම වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලත් skilled රැකියා ලැයිස්තුවේ රැකියාවක් ආශ්‍රිත වලංගු skills assessment එකක් තිබිය යුතුය
  • ඔබ ඕස්ට්‍රේලියාවේ සිටීනම් ඔබට නාම යෝජනා හිමිවන අවස්ථාවේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක අදාළ රැකියාවේ නිරත වෙමින් සිටිය යුතුය (ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට මෙය අදාළ නොවේ)
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වීමට කැප විය යුතුය
  • ඒ ඒ රැකියාව සඳහා නිර්දේශ කර ඇති ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය

අයදුම් කළ යුතු ආකාරය

වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට පහත පියවර අනුගමනය කළ යුතුවේ:

  • ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවවේ SkillSelect වෙත Expression of Interest (EOI) එකක් යොමු කළ යුතුය
  • SkillSelect වෙතින් ලැබුණු EOI අංකය භාවිතා කරමින්, ඔබ Live in Melbourne වෙබ් අඩවිය හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 nomination සඳහා Registration of Interest (ROI) එකක් ඉදිරිපත් කළ යුතුය
  • ඔබේ ROI එක තෝරාගෙන ඔබට ආරාධනා කර ඇත්නම්, ඔබ Live in Melbourne වෙබ් අඩවිය තුළ nomination application හෙවත් නාමයෝජනා අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය
  • ඔබගේ නාමයෝජනා අයදුම්පත සාර්ථක බවට දැනුම් දුන් පසු ඔබ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට 491 වීසා බලපත්‍රය සඳහා වීසා අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය

ඔස්ට්‍රේලියාවේ සිටින අයදුම්කරුවන්

ඔබ මේ සඳහා අයදුම් කිරීමේදී ඔස්ට්‍රේලියාවේ සිටින අයදුම්කරුවෙකු නම් පහත අවශ්‍යතා සපුරාලීමට සහ ලේඛන සැපයීමට අවශ්‍ය වනු ඇත:

  • විදෙස් ගමන් බලපත්‍රය
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පිළිබඳ පරීක්ෂණයේ ලකුණු සටහන
  • වලංගු Skills Assessment
  • පදිංචිය තහවුරු කිරීමේ ලේඛන
  • රැකියා කොන්ත්‍රාත්තුව
  • මෑත සති 4 ක වැටුප් වාර්තා
  • superannuation ප්‍රකාශය
  • ඔබේ වෘත්තියෙහි ඔබ දරන තනතුර හා එහි රාජකාරී පිළිබඳ විස්තරයක්
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්

ඔබ මේ සඳහා අයදුම් කිරීමේදී ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවෙකු නම් පහත අවශ්‍යතා සපුරාලීමට සහ ලේඛන සැපයීමට අවශ්‍ය වනු ඇත:

  • විදෙස් ගමන් බලපත්‍රය
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පිළිබඳ පරීක්ෂණයේ ලකුණු සටහන
  • වලංගු Skills Assessment
වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service