ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය සඳහා විදෙස් ශ්‍රමිකයින්ට කඩිනමින් වීසා දෙන්න රජයට යෝජනා

Architect showing plans to foreman on building site

construction industry, architecture Credit: JulieanneBirch/Getty Images

ඕස්ට්‍රේලියාව මේ වනවිට ඉතා දැඩි නිවාස අර්බුදයකට මුහුණ දී තිබේ. මෙහිදී රජය විසින් ඉතා කඩිනමින් නිවාස ඉදිකිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ. කෙසේ උවත් රජයේ ඉලක්කයට ළඟාවීමට නම් ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ පවතින අධික ශ්‍රම හිඟය බලපානු ඇති බව විශේෂඥයන්ගේ මතය වී තිබේ. මෙහිදී ඉතා විශාල විදෙස් ශ්‍රමිකයින් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමටද යෝජනා වී තිබේ.


ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ මේ වනවිට පවතින දැඩි ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගතයුතු බව ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ඉහළම නියෝජිත ආයතන පවසා තිබේ.
නිවාස මිලියන 1.2 කේ රජයේ ඉලක්කය සපුරාලීම සඳහා ඉදිරි මාස තුන තුළ අමතර ඉදිකිරීම් කම්කරුවන් 90,000 ක් සොයා ගැනීමට අවශ්‍ය වනු ඇති බව BuildSkills Australia ආයතනය පවසා සිටී.
2029 වන විට නව නිවාස මිලියන 1.2 ක් ඉදිකිරීම රජයේ ඉලක්කය වී තිබේ. මෙම ඉලක්කය සපුරාලීම සඳහා ඉදිරි මාස තුන තුළ අමතර ඉදිකිරීම් කම්කරුවන් 90,000 ක් සොයා ගැනීමට අවශ්‍ය වනු ඇති බව BuildSkills Australia ආයතනය පවසනවා.

එක කාර්තුවක් තුල ඔස්ට්‍රේලියාව තුල නිවාස 43000ක් පමණ ඉදිකිරීම සිදුවේ. නමුත් මීළඟ මූල්‍ය වර්ෂයේ සිට මෙම ප්‍රමාණය එක කාර්තුවකදී නිවාස 60000ක් දක්වා ඉහල දැමීමට සිදුවනු ඇති බව BuildSkills Australia ආයතනයේ Robert Sobyra පවසා සිටී.

වර්තමානයේ පවතින තත්ත්වය තුළ එම සංඛ්‍යා ප්‍රායෝගික නොවන බව Master Builders Australia හි ප්‍රධානී Denita Wawn පවසා සිටී. මේ සඳහා දිගු කාලීන විසඳුම් සොයා ගතයුතු බව ඇය පවසා සිටී. විශේෂයෙන්ම කාන්තාවන් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයට ආකර්ෂණය කරගැනීම සිදුකලයුතු බව ඇය පවසා සිටී.

කෙසේ උවත් කෙටිකාලීන විසඳුමක් ලෙස පුහුණු විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමුකළයුතු බව ඇය පවසා තිබේ.

මෙම ගැටලුකාරී තත්වය ඔස්ට්‍රේලියාවට පමණක් සීමා වී ඇති තත්වයක් නොවන බවත් මෙය ඉංග්‍රීසි කතාකරන බොහොමයක් බටහිර රටවලට ගැටළුවක් බවත් ඇය පවසා තිබේ. මෙහිදී කැනඩාව ඔස්ට්‍රේලියාව මෙන්ම මෙවැනි ගැටලුවක පසුවන අතර ඔවුන් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ ශ්‍රමිකයින් සඳහා කඩිනම් සහ පහසු වීසා ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇය පෙන්වා දී තිබේ. මේ තත්වය හමුවේ බොහෝ පුහුණු ශ්‍රමිකයින් කැනඩාව තෝරාගැනීමට යොමුවන බව ඇය පෙන්වා දේ.

විදෙස් ශ්‍රමිකයින්ගේ කුසලතා පිළිගැනීමේ ක්‍රියාවලිය ඔස්ට්‍රේලියාව තුල මිල අදික සහ අපහසු ක්‍රියාවලියක් වී තිබේ. මෙහිදී මෙම ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීමට සංක්‍රමණික නීති වෙනස් කිරීම්, ඔවුන්ගේ විදෙස් සුදුසුකම් පිළිගැනීමේ නව ක්‍රමවේද හඳුන්වා දීම සහ ඉංග්‍රීසි විභාගයේ ලකුණු මට්ටම් වල ඇති අවශ්‍යතාවයන් පහත හෙලීම වැනි කෙටිකාලීන ක්‍රමවේද වෙත යොමු විය යුතු බව ඇය පවසා සිටී.

දැනට පවතින සංක්‍රමණික සහ කුසලතා ඇගයීමේ ක්‍රමවේදය තුල ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් 3%කට පමණක් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ රැකියා කිරීමේ හැකියාව පවතින බවත් මෙම ප්‍රමාණය ඉහල යායුතු බවත් BuildSkills Australia හි Robert Sobyra පවසා සිටී.
 
ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වැඩ කළ හැකි පුහුණු ශ්‍රමිකයින් සහ ඉංජිනේරුවන් සොයාගැනීම සඳහා ප්‍රමුඛතාවය දී කටයුතු කලයුතු බව ඔහු වැඩිදුරටත් පවසා සිටී. මෙහිදී වසර තුනක් හෝ හතරක් පුහුණු වියයුතු ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ රැකියා සඳහා සංක්‍රමණ වැඩපිළිවෙල විසින් විශේෂ පහසුකම් සලසා දියයුතු බව ඔහු අවධාරණය කර සිටී. මෙහිදී සංක්‍රමණික වැඩපිළිවෙලේ ඇති අනවශ්‍ය බාදක ඉවත් කලයුතු බව සහ ඉතා පහසුවෙන් පුහුණු ශ්‍රමිකයින් රට තුලට ආකර්ෂණය කරගත හැකි ක්‍රමවේධයක් සැකසිය යුතු වේ.

වැඩි පිරිසක් ආධුනික සේවකයින් බවට පත් කර ගැනීමේ අරමුණින්, ගාස්තු රහිත TAFE අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව නිවාස අමාත්‍ය ජූලි කොලින්ස් පවසා සිටී. පොරොන්දු වූ නිවාස මිලියන 1.2 ලබා දීමට උපකාර කිරීමට ක්‍රම සෙවීමට තමන් කටයුතු කරගෙන යන බවද ඇය පවසා තිබේ. මේ සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි සඳහා ඩොලර් බිලියන 3.5ක් වෙන්කර තිබෙන බව ය වැඩි දුරටත් පවසා සිටී.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය සඳහා විදෙස් ශ්‍රමිකයින්ට කඩිනමින් වීසා දෙන්න රජයට යෝජනා | SBS Sinhala