ඕස්ට්‍රේලියාවට ඉහල වැටුප් ලබන දක්ෂ පුහුණු ශ්‍රමිකයින් ගන්න Points Test System එක වෙනස් කරන්න යෝජනා

Points based Visa.png

Source: Getty Images

ඕස්ට්‍රේලියාවේ වර්තමායේ පවතින ලකුණු මත පදනම්ව ස්ථිර පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු රජය විවිද අංශ වල උපදෙස් ලබා ගනිමින් සිටී. මෙම ක්‍රමවේදයේ පවතින යම් අඩුපාඩු මගහරවා නව සංශෝධන එකතු කිරීම හරහා ඔස්ට්‍රේලියාවට ආර්ථික වසහ්යෙන් විශාල ප්‍රතිලාබ ලබා ගතහැකි බව විශේෂඥ මතය වී තිබේ.


ඕස්ට්‍රේලියාවේ වර්තමායේ පවතින ලකුණු මත පදනම්ව ස්ථිර පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය එනම් point based system එක ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින දියුණු ආර්ථක සහ බහු සංස්කෘතික සමාජය ගොඩනැගීමේ ප්‍රමුඛතම කාර්ය භාරයක් ඉටුකර ඇත. මෙම ක්‍රම වේදය හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුහුණු ශ්‍රමිකයින් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට මෙන්ම වර්තමානයේ පවතින බහුසංස්කෘතික ක්‍රමවේදයටද ඉතා විශාල සේවාවක් සිදු කරයි.

මෙම point based system එක හරහා සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ වයස, ඉංග්‍රීසි ප්‍රවීණතාවය, අධ්‍යාපනය සහ සේවා පළපුරුද්ද වැනි ලක්ෂණ අනුව ලකුණු ලබා දීමක් සිදු කරයි. මේ හරහා ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා වීසා නිකුත් කරන අතර පුහුණු ශ්‍රමිකයින් සඳහා නිකුත්කරනු ලබන ස්ථිර පදිංචි වීසා අතරින් තුනෙන් දෙකක්ම මෙම point based system එක හරහා නිකුත් කරන වීසා වේ.
ස්ථිර පදිංචිය ලබාගන්නා පුහුණු ශ්‍රමිකයන්ගෙන් අඩක් පමණ පළමු වසරෙන් පසුව වෙනත් ක්ශේෂ්ත්‍ර වල රැකියා සඳහා යොමුවන බව වාර්තා වේ.
කෙසේ උවත් මෙම ක්‍රමවේදයේ විවිද දුර්වලතා පවතී.

1. පවතින ක්‍රම වේදය හරහා වඩාත් දක්ෂ සංක්‍රමණිකයන්ට වැඩි ප්‍රතිලාභ නොලැබේ.

මෙහිදී ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙන සංක්‍රමණිකයින්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු වේ. ඉහල අධ්‍යාපන මට්ටම්, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය, වෘත්තීය කුසලතා මට්ටම් සහ ඕස්ට්‍රේලියාව තුල මින් පෙර උපයා ඇති ආදායම් වැනි කාරණා ඉහල වැටුප් තලයක රැකියා සඳහා දිගුකාලීනව සංක්‍රමණිකයින්ට උපකාර වන බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත වලට අනුව පෙනී යයි. කෙසේ උවත් වර්තමානයේ ලබාදෙන ලකුණ 130 අතරින් මෙම අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් ලබාගත හැක්කේ ලකුණු 70ක් පමණක් බව වාර්තා වේ.

2. මෙම ක්‍රමවේදයේ අනවශ්‍ය ලකුණු ලබාදීම් සිදුකරයි.

මෙම ක්‍රමවේදය හරහා අනවශ්‍ය ලකුණු ලබාදීම් සිදු කිරීමෙන් වැඩි වැටුප් ලබාගතහැකි පුහුනු ශ්‍රමිකයින් ට අවස්තාව අහිමී යයි. මෙහිදී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් අමතර ලකුණු ලැබෙන අතර ප්‍රාදේශීය ප්‍රදේශයක අධ්‍යාපනය ලබා ඇත්නම් එනම් සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් යන නගර හැර වෙනත් ප්‍රදේශයක අධ්‍යාපනය ලබා ඇත්නම් අමතර ලකුණු ලබා දේ. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබූ පුද්ගලයකු එම සුදුසුකමම ඇති විදෙස් ජාතිකයකු හා සැසඳීමේදී 10%ක් අඩුවෙන් වැටුප් ලබන බව වාර්තා වේ. එසේම ප්‍රාදේශීය ප්‍රදේශයක අධ්‍යාපනය ලබූ පමණින් එය ඉහල වැටුප් ලැබෙන රැකියාවක් කිරීමට සුදුදුකමක් නොවේ.

3. බොහෝ දක්ෂ සංක්‍රමණිකයන් Point Based ක්‍රමවේදයේ වීසා සඳහා නුසුදුසු වේ.

මෙම ක්‍රමවේදය හරහා වීසා ලබාදීම ඕස්ට්‍රේලියාවේ රැකියා හිඟයක් පවතින ක්ෂේශ්ත්‍ර සඳහා පමණක් ඉලක්ක කර ඇත. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ඉහලසුදුසුකම් සපුරාලිය යුතු රැකියා 200ක් පමණ මේ සඳහා සුදුසුකම් නොලබයි. මේ හරහා විශාල පුහුණු ශ්‍රමිකයින් පිරිසක් ඔස්ට්‍රේලියාවට අහිමි වී යයි.

තවද මෙම ක්‍රමය හරහා ස්ථිර පදිංචිය ලබාගන්නා පුහුණු ශ්‍රමිකයන්ගෙන් අඩක් පමණ පළමු වසරෙන් පසුව වෙනත් ක්ශේෂ්ත්‍ර වල රැකියා සඳහා යොමුවන බව වාර්තා වේ. තවද වසර 15කට පමණ පසු තම ක්ෂේශ්ත්‍රයේ රැකියාව කරනු ලබන්නේ 40%ක් පමණක් බවද වාර්තා වේ.

මේ සඳහා සුදුසු වෙනස් කම් මොනවාද ?
  • ලබා ගත හැකි උපරිම ලකුණු 130 සිට 500 දක්වා වැඩි කිරීම
  • උසස් උපාධි, විශිෂ්ට ඉංග්‍රීසි භාෂා කුසලතා සහ උගත් සහකාරියක් හෝ සහකරුවකු සිටින අයදුම්කරුවන්ට වැඩි ලකුණු ලබා දීම
  • අයදුම්කරුගේ වයස මත පදනම්ව වැඩි ලකුණු පිරිනැමීම
  • ඕස්ට්‍රේලියානු අධ්‍යාපනය , ප්‍රාදේශීය ප්‍රදේශයක අධ්‍යයනය, වෘත්තීය වර්ෂයක් සහ විශේෂඥ අධ්‍යාපන සුදුසුකම් සඳහා ලබාදෙන ප්‍රසාද ලකුණු අහෝසි කිරීම
  • ඉහළ නිපුණතා සහිත රැකියා පළපුරුද්ද සඳහා ලකුණු ලබාදීමේදී පළමු වසර දෙක සඳහා පමණක් ලකුණු ලබා දීම.
  • ඉහල වැටුප් සහිත රැකියා පළපුරුද්ද සඳහාද ලකුණු ලබාදීම
  • සියලුම ඉහළ නිපුණතා වෘත්තීන් සඳහා points based system එක හරහා වීසා ලබාදීමට කටයුතු කිරීම.
  • අවම ලකුණු මට්ටම ලකුණු 300ක් කිරීම සහ ලකුණු 400ට වඩා ලකුණු ගන්නා අය සඳහා ස්ථිර පුරවැසිභාවය වෙනුවෙන් ආරාධනා කිරීම අනිවාර්‍ය කිරීම
  • Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහන වෙනුවෙන් Brendan Coates, Natasha Bradshaw සහ Trent Wiltshire විසින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.
********************************************************************************








ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.









*********************************************************************************



  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවට ඉහල වැටුප් ලබන දක්ෂ පුහුණු ශ්‍රමිකයින් ගන්න Points Test System එක වෙනස් කරන්න යෝජනා | SBS Sinhala