වීසා අයදුම්කිරීමෙදී සෞඛ්‍ය පරීක්ෂණය අසමත් වන ඕස්ට්‍රේලියාවේ ඉපදුන ළමුන් සඳහා සහනදායී වැඩපිළිවෙලක්

Doctor examining a baby boy with a stethoscope

Doctor examining a baby boy with a stethoscope Credit: uniquely india/Getty Images/photosindia

ඕස්ට්‍රේලියාවේ තාවකාලික හෝ පුරවැසිභාවය සඳහා වීසා අයදුම් කිරීමේදී වෛද්‍ය පරීක්ෂණයක් සමත් වීම අනිවාර්ය වනවා. කෙසේ උවත් මෙම වෛද්‍ය පරීක්ෂණය අසමත් වන ඕස්ට්‍රේලියාවේ ඉපදුනු සහ වාසය කරන ළමුන් සඳහා විශේෂ සහනයක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.


ඕස්ට්‍රේලියාවේ තාවකාලික හෝ පුරවැසිභාවය සඳහා වීසා අයදුම් කිරීමේදී වෛද්‍ය පරීක්ෂණයක් හරහා අදාළ පුද්ගලයින්ට විශේෂ රෝග තත්වයන් තිබේදැයි සොයා බැලීමක් සිදු කරනවා. විශේෂ රෝගී තත්වයන් හේතුවෙන් ඕස්ට්‍රේලියානු සමාජයට මෙම පුද්ගලයින්ගෙන් බලපෑමක් එල්ලවේද යන්න මේ හරහා සොයා බැලෙනවා. සෞඛ්‍ය හා සාමාජීය සේවා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය එක් පුද්ගලයින් සඳහා වැය කරන මුදලේ සාමාන්‍යයට වඩා වැඩිමුදලක් වැයකිරීමට සිදුවනවාදැයි පරීක්ෂාකර බැලීමක් මෙහිදී සිදුවනවා.

Significant Cost Threshold (SCT) ලෙස හඳුන්වන මෙම අගය වර්තමානයේ $86,000ක් වන බව වර්තාවනවා. ඕස්ට්‍රේලියානු රජයට එක් පුද්ගලයකුගේ සෞඛ්‍ය පහසුකම් සහ සාමාජීය සේවා වෙනුවෙන් වසර පහකදී වැයකිරීමට සිදුවන මුදල් ප්‍රමාණයේ සාමාන්‍යය අනුව මෙම අගය තීරණය කෙරෙනවා.

කෙසේ උවත් "child born and ordinarily resident in Australia" ක්‍රමවේදය යටතේ, වීසා අයදුම් කිරීමේදී ඔබේ දරුවා මෙම පරීක්ෂණය අසමත් උවහොත් එහිදී ඔහු හෝ ඇය ඕස්ට්‍රේලියාවේ ඉපදී සහ ඕස්ට්‍රේලියාවේ වාසය කරන අයෙක්නම් ඒ සඳහා විශේෂ සලකා බැලීමක් සිදුකිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා ඔබේ දරුවා පහත කරුණු සපුරාලිය යුතු වනවා.
  • වයස අවුරුදු 18ට අඩුවීම
  • ඕස්ට්‍රේලියාවේ ඉපදුනු අයෙකු වීම
  • තම ජීවිත කාලයෙන් අඩකට වඩා ඔස්ට්‍රේලියාව තුල ජීවත්වී තිබීම
මෙම අවශ්‍යතා සපුරාලීම පිළිබඳව සහතික කරගැනීම සඳහා අදාළ නිලධාරීන් විසින් ඔබගේ දරුවාගේ උප්පැන්න සහතිකය මෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වූ කාල සීමාව වැනි කරුණු පිලිබඳ සොයාබැලීමක් කරනු ලබයි.

කෙසේ උවත් "child born and ordinarily resident in Australia" ක්‍රමවේදය යටතේ අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට ඔබේ දරුවා අපොහොසත් උවහොත් එවැනි අවස්තාවකදී දරුවාගේ සෞඛ්‍ය පරීක්ෂණය සඳහා health waiver විකල්පය ඉල්ලා සිටීමේ හැකියාවක්ද ඔබට පවතී. නමුත් මේ සඳහා ඔබ අයදුම් කරන වීසා කාණ්ඩයේ අවශ්‍ය ප්‍රතිපාදන සපයා තිබිය යුතු වනවා.

********************************************************************************





ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.





*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වීසා අයදුම්කිරීමෙදී සෞඛ්‍ය පරීක්ෂණය අසමත් වන ඕස්ට්‍රේලියාවේ ඉපදුන ළමුන් සඳහා සහනදායී වැඩපිළිවෙලක් | SBS Sinhala