මාර්ග 6 කින් ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි ටස්මේනියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා අවශ්‍ය සුදුසුකම් මෙන්න

Tasmania 491 regional visa which leads to Australian permanent residency

Tasmania 491 regional visa which leads to Australian permanent residency Source: AAP

ඔබ මෙම 491 වීසා බලපත්‍රය සඳහා ටස්මේනියා ප්‍රාන්ත රජය විසින් නම් කරනු ලැබුවහොත්, 491 වීසා බලපත්‍රය ලබා දීමෙන් පසු අවම වශයෙන් වසර 2ක් ඔබ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් විය යුතුය.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මාර්ගය සකසන රැකියා වීසා බලපත්‍රයක් වන ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Work Regional (Provisional) වීසා (Subclass 491) පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.
ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර ටස්මේනියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය.

වසර 3 කට පසු අදාළ සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව මෙම 491 වීසා දරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සපයන 191 වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

ටස්මේනියා ප්‍රාන්තයට මෙවර 491 වීසා සඳහා 2,250 ක කෝටාවක් හිමිවී තිබේ.

ඔබ මෙම 491 වීසා බලපත්‍රය සඳහා ටස්මේනියා ප්‍රාන්ත රජය විසින් නම් කරනු ලැබුවහොත්, 491 වීසා බලපත්‍රය ලබා දීමෙන් පසු අවම වශයෙන් වසර 2ක් ඔබ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් විය යුතුය.

දෙසැම්බර් 12 සිට විවෘත වන Migration Tasmania Application Gateway

ටස්මේනියා ප්‍රාන්තයේ skilled වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමේ ප්‍රධාන දොරටුව බවට පත් කළ නව Migration Tasmania Application Gateway 2022 දෙසැම්බර් 12 දින පස්වරුවේ දියත් කෙරේ.

ඔබට තවමත් ටස්මේනියා ප්‍රාන්තයේ නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනයක් ලැබී නොමැති නම් දෙසැම්බර් 12 දින පස්වරුවෙන් පසුව ඔබ Migration Tasmania Application Gateway හි ලියාපදිංචි වීමට අවශ්‍ය වනු ඇත.

2022 දෙසැම්බර් 12 දින සිට Migration Tasmania Application Gateway වෙත ලැබුණු ලියාපදිංචි කිරීම් මාස හයක් සඳහා වලංගු වන අතර, සුදුසුකම් ලත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර අනුව ඉහළම සංක්‍රමණ ලකුණු ලබාගත් අයදුම්කරුවන්ට නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා කරනු ලබන බව ටස්මේනියා ප්‍රාන්තයේ සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

අයදුම් කළ හැක්කේ කාහටද?

ටස්මේනියා ප්‍රාන්තයේ 491 නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබීමට, ඔබ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති පහත අවශ්‍යතා සපුරාලිය යුතුය.
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
  • ඔබේ රැකියාව අදාළ නිපුණතා රැකියා ලැයිස්තුවේ ඇතුළත්ව තිබිය යුතුය
  • Skilled රැකියා ලැයිස්තුවේ රැකියාවක් ආශ්‍රිත වලංගු skills assessment එකක් තිබිය යුතුය
  • ඒ ඒ රැකියාව සඳහා නිර්දේශ කර ඇති ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය
  • සංක්‍රමණ ලකුණු අවම වශයෙන් 65 ක් ලබා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා Expression of Interest (EOI) එකක් යොමු කළ තිබිය යුතුය
මේවාට අමතරව ටස්මේනියා ප්‍රාන්තයේ නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබීමට ටස්මේනියා ප්‍රාන්ත රජයේ නාමයෝජනා සඳහා වන අවශ්‍යතා සපුරාලිය යුතු බවද ඔවුහු දන්වති.

ටස්මේනියා ප්‍රාන්තයේ 491 වීසා ගන්න මාර්ග 6 ක්

ටස්මේනියා ප්‍රාන්තයේ 491 වීසා ලබාගැනීම සඳහා අයදුම්කරුවන්ට මාර්ග 6 ක් විවෘත කර ඇති අතර ඒවා පහත පරිදිවේ.
  1. Tasmanian Skilled Employment Pathway
  2. Tasmanian Skilled Graduate Pathway
  3. Tasmanian Established Resident Pathway
  4. Tasmanian Business Operator Pathway
  5. Overseas Applicant (Job Offer) Pathway
  6. Overseas Applicant (OSOP) – Invitation Only Pathway

01. Tasmanian Skilled Employment Pathway

ඔබගේ අයදුම් කිරීමට පෙර ඔබ අවම වශයෙන් මාස 6ක්වත් Tasmania හි සේවය කර තිබිය යුතුය. ඔබගේ ඉල්ලුම්පත්‍රය යොමු කිරීමට පෙර මාස 6 ක කාලය තුළ ඔබගේ රැකියාව අවම වශයෙන් සතියකට පැය 20 ක් ලෙස සිදුකළ යුතුය.

ඔබේ සේවායෝජකයා පසුගිය මාස 12 තුළ ටස්මේනියාවේ ක්‍රියාකාරීව ක්‍රියාත්මක වන මනාව ස්ථාපිත ව්‍යාපාරයක් විය යුතුය.

ඔබේ වැටුප් සහ රැකියා කොන්දේසි ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට හෝ ස්ථිර පදිංචිකරුවෙකුට අදාළ වන ඒවාට වඩා අඩු මට්ටමක නොවිය යුතු අතර වැටුප දැනට රැකියා වෙළඳපලේ වැටුප් අනුපාතයට සමාන විය යුතුය.

ව්‍යාපාරය තුළ ඔබේ රැකියාවේ තනතුර සඳහා අව්‍යාජ, අඛණ්ඩ අවශ්‍යතාවක් තිබිය යුතුය.

ඔබ නාමයෝජනා සඳහා අයදුම් කරන අවස්ථාවේ අවම වශයෙන් මාස 3ක් හෝ ඉතිරිව ඇති අවම වශයෙන් මාස 12 ක රැකියා කොන්ත්‍රාත්තුවක් තිබිය යුතුය. 

02. Tasmanian Skilled Graduate Pathway

ජාත්‍යන්තර සිසුන් සඳහා පාඨමාලා (CRICOS) ලියාපදිංචි කර ඇති ටස්මේනියා ප්‍රාන්තයේ තෘතීයික ආයතනයකින් අධ්‍යයන පාඨමාලාවක් සම්පූර්ණ කර තිබිය යුතු අතර අදාළ පාඨමාලාව සම්පූර්ණ කළ බව සනාථ කිරීම සඳහා සම්පූර්ණ කිරීමේ ලිපියක් ලබාගෙන තිබිය යුතුය.

ඔබ ඔබේ පාඨමාලාවේ ආරම්භයේ සිට සහ ඔබේ අධ්‍යයන කාලය සඳහා අවම වශයෙන් එක් වසරක් හෝ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් වී තිබිය යුතුය.

ඔබේ අධ්‍යයන පාඨමාලාව AQF 5 (ඩිප්ලෝමාව) හෝ ඊට වැඩි හෝ ANZSCO Major Group 3 හෝ Group 4 රැකියාවකට සම්බන්ධ අවම වශයෙන් Certificate III හෝ විය යුතු අතර, අවම වශයෙන් සති 40ක කාලයක් සහිත පාඨමාලාවක් ලෙස CRICOS හි ලැයිස්තුගත කර තිබිය යුතුය.

ඔබේ පාඨමාලාව ටස්මේනියා ප්‍රාන්තය තුල පූර්ණ කාලීනව සම්පූර්ණ කර තිබිය යුතුය.

ඔබ දැනට ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් විය යුතු අතර ඉදිරියටද ටස්මේනියාවේ ජීවත් වීමට අදහස් කළ යුතුය.

03. Tasmanian Established Resident Pathway

ඔබ අවම වශයෙන් වසර 2ක් ටස්මේනියාවේ ජීවත් වී තිබිය යුතු අතර දැනට ටස්මේනියාවේ රැකියාවක නිරත විය යුතුය.

එම රැකියාව ANZSCO නිපුණතා මට්ටමේ 1-3 අතර රැකියාවක් නම් පසුගිය මාස 12 තුළ මාස 6 ක එම රැකියාවේ නිරත වී සිටිය යුතුය

එම රැකියාව ANZSCO නිපුණතා මට්ටමේ 4-5 අතර රැකියාවක් නම් පසුගිය මාස 18 තුළ මාස 12 ක එම රැකියාවේ නිරත වී සිටිය යුතුය. 

04. Tasmanian Business Operator Pathway

ඔබ අවම වශයෙන් මාස 12ක් සඳහා ටස්මේනියාවේ ව්‍යාපාරයක් (පුද්ගලික අයිතිකරු ලෙස හෝ සහකරු හෝ සහකාරිය සමඟ සම අයිතිකරුවන් ලෙස හෝ) ස්ථාපිත කර පවත්වාගෙන ගොස් ඇති බව පෙන්නුම් කළ යුතුය.

ඔබේ ව්‍යාපාරය අවම වශයෙන් Temporary Skilled Migration ආදායම් සීමාවෙන් අවම වශයෙන් 85% ක් එනම් දැනට $45,815 ක් ආදායමක් ලැබිය යුතුය.

Fair Work Ombudsman ගේ online ඉගෙනුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන විෂයය ඒකක සම්පූර්ණ කිරීමෙන් සේවකයන්ට සාධාරණව සැලකීම සම්බන්ධ වගකීම් සහ අවශ්‍යතා පිළිබඳව ඔබට අවබෝධයක් ඇති බව පෙන්විය යුතුය.

Therapy businesses හෙවත් සම්බාහන චිකිත්සක ව්‍යාපාරවල හිමිකරුවන්ට අදාළ skills assessment එකක් තිබිය යුතු අතර ව්‍යාපාරය රෝහලක, aged හෝ disability care මධ්‍යස්ථානයක හෝ භෞතචිකිත්සක සායනයක් වැනි අනුබද්ධ සෞඛ්‍ය සේවා ස්ථානයක හෝ තිබිය යුතුය.

Subcontracting business owners හෙවත් උප කොන්ත්‍රාත් ව්‍යාපාර හිමිකරුවන් මෙම ධාරාව යටතේ සලකා බැලීමට සුදුසුකම් නොලබයි. 

05. Overseas Applicant (Job Offer) Pathway

ඔබ විසින් නම් කරන ලද රැකියාවට සමීපව සම්බන්ධ වන ටස්මේනියා ප්‍රාන්තයේ පිහිටි රැකියාවක් සඳහා ඔබට formal job offer එකක් හෙවත් විධිමත් රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවක් ලැබී තිබිය යුතුය.

ඔබ හෝ ඔබගේ යැපෙන්නන් කිසිවෙක් පසුගිය මාස 12 තුළ වෙනත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක හෝ ටෙරිටරියක ජීවත් වී නොතිබිය යුතුය.

ඔබේ සේවායෝජකයාට අවම වශයෙන් පසුගිය මාස 12 තුළ ටස්මේනියාවේ ක්‍රියාකාරීව ක්‍රියාත්මක වන හොඳින් ස්ථාපිත වූ ව්‍යාපාරයක් තිබිය යුතුය.

ඔබේ වැටුප් සහ රැකියා කොන්දේසි ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට හෝ ස්ථිර පදිංචිකරුවෙකුට අදාළ වන ඒවාට වඩා අඩු මට්ටමක නොවිය යුතු අතර වැටුප දැනට රැකියා වෙළඳපලේ වැටුප් අනුපාතයට සමාන විය යුතුය.

ව්‍යාපාරය තුළ ඔබේ රැකියාවේ තනතුර සඳහා අව්‍යාජ, අඛණ්ඩ අවශ්‍යතාවක් තිබිය යුතුය.

Therapy businesses හෙවත් සම්බාහන චිකිත්සක ව්‍යාපාරවල හිමිකරුවන්ට අදාළ skills assessment එකක් තිබිය යුතු අතර ව්‍යාපාරය රෝහලක, aged හෝ disability care මධ්‍යස්ථානයක හෝ භෞතචිකිත්සක සායනයක් වැනි අනුබද්ධ සෞඛ්‍ය සේවා ස්ථානයක හෝ තිබිය යුතුය.

06. Overseas Applicant (OSOP) – Invitation Only Pathway

ඔබගේ නම් කරන ලද රැකියාව Overseas Skilled Occupation Profiles (OSOP) ලැයිස්තුවේ තිබිය යුතුය.

ඔබ හෝ ඔබගේ යැපෙන්නන් කිසිවෙක් පසුගිය මාස 12 තුළ වෙනත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක හෝ ටෙරිටරියක ජීවත් වී නොතිබිය යුතුය.

ඔබ රැකියාවක් සොයන අතරතුර අවම වශයෙන් මාස 6ක් සඳහා ටස්මේනියාවේ ඔබගේ සංක්‍රමණයට සහ පදිංචි වීමට අරමුදල් සැපයීමට ප්‍රමාණවත් මූල්‍ය වත්කම් සඳහා ඔබට ප්‍රවේශය තිබිය යුතුය.

නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා කරන්නේ නම්, ඔබ අවම වශයෙන් මාස 12ක් ටස්මේනියාවේ ක්‍රියාත්මක වන ටස්මේනියානු සේවා යෝජකයින් දෙදෙනෙක් සමග හෝ සම්බන්ධතා ඇති බවට සාක්ෂි සැපයිය යුතුය. අදාළ ව්‍යාපාර ඔබට රැකියා අවස්ථාවක් සැපයීම සඳහා සාකච්ඡා කිරීමට උනන්දු වන බව මෙයින් ඇඟවිය යුතුය.

නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා කරන්නේ නම්, ඔබ විසින් නම් කරන ලද රැකියාවට අදාළ මෑත කාලීනව පළ කළ ප්‍රචාරක දැන්වීම් සඳහා (අවම වශයෙන් රැකියා දැන්වීම් 2 කට හෝ) අයදුම් කළ බවට සාක්ෂි සැපයිය යුතුය.

ඔබගේ සුදුසුකම්, දැනුම සහ පළපුරුද්ද සම්බන්ධ වන ආකාරය සහ එක් එක් රැකියා දැන්වීම සඳහා අවශ්‍යතා සපුරාලන ආකාරය පැහැදිලි කරමින් එක් එක් දැන්වීම සඳහා රැකියා ප්‍රකාශයක් ඔබ සැපයිය යුතුය.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service