ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව අලුත් වෙයි

The ACT Critical Skills List was updated

Source: Getty Images/belterz

පසුගිය ජුනි 24 වන දින යාවත්කාලීන කෙරුණු මෙම ACT Critical Skills ලැයිස්තුව එදින සිට නැවත යාවත්කාලීන කෙරෙන තෙක් ක්‍රියාත්මක වේ.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සහ රැකියා වීසා හිමිකරග හැකි Australian Capital Territory (ACT) හි Critical Skills ලැයිස්තුව යාවත් කාලීන කර තිබේ.

එම ලැයිස්තුව ACT විසින් නිකුත් කරන 190 හා 491 වීසා සඳහා අදාළ වේ.


Highlights

  • 2022 ජුනි 24 වන දින යාවත්කාලීන කෙරුණු මෙම ACT Critical Skills ලැයිස්තුව එදින සිට නැවත යාවත්කාලීන කෙරෙන තෙක් ක්‍රියාත්මක වේ.
  • මෙය අවසන් වරට යාවත්කාලීන කරනු ලැබුවේ 2022 වසරේ ජනවාරි මස අගදීය
  • ACT හි නිපුණතා සංක්‍රමණික වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වන්නේ Canberra Matrix ලකුණු ක්‍රමයක් මත පදනම් වෙමිනි.

ACT Critical Skills ලැයිස්තුව

සෑම සිව් මසකට වරක්ම මෙම ACT Critical Skills ලැයිස්තුව සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.

මෙය අවසන් වරට යාවත්කාලීන කරනු ලැබුවේ 2022 වසරේ ජනවාරි මස අගදීය.

වර්තමානයේ ACT සඳහා ඇති රැකියා ඉල්ලුම හඳුනාගනිමින් මෙම ACT Critical Skills ලැයිස්තුව සකස් කර තිබෙන බව ACT ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
Skilled Migration
Source: Getty Images

Canberra Matrix ලකුණු ක්‍රමය

ACT හි නිපුණතා සංක්‍රමණික වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වන්නේ Canberra Matrix ලකුණු ක්‍රමයක් මත පදනම් වෙමිනි.

ඒ අනුව ඔබ අයදුම්කරන රැකියාව/ වෘත්තීය හෝ ඔබට දැනට ACT හි නිරතව සිටින රැකියාව/ වෘත්තීය හෝ ACT Critical Skills ලැයිස්තුවේ ඇත්නම් Canberra Matrix ලකුණු ක්‍රමයේදී ඔබට ලකුණු ලැබෙනු ඇත.
මෙම ලැයිස්තුවේ ඇති රැකියා සඳහා වූ කෝටාව ඒ ඒ රැකියාවේ ඉල්ලුම මත ACT ආගමන කටයුතු දෙපාර්තම්න්තුව විසින් සීමා කරනු ලැබේ.

අදාළ රැකියාවේ මාසික කෝටාව පිරුණු පසුව එම රැකියා සඳහා අදාළ EOI වලට ආරාධනා පත්‍ර නිකුත් නොකෙරෙන බවද ඔවුහු පවසති.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


යාවත්කාලීන කෙරුණු නවතම ACT Critical Skills ලැයිස්තුව

පසුගිය ජුනි 24 වන දින යාවත්කාලීන කෙරුණු මෙම ACT Critical Skills ලැයිස්තුව එදින සිට නැවත යාවත්කාලීන කෙරෙන තෙක් ක්‍රියාත්මක වේ.

එලෙස යාවත් කාලීන කෙරුණු ACT Critical Skills ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service