ඔටිසම් ඇති ඕස්ට්‍රේලියානුවන් සඳහා එළිදැක්වූ ජාතික ඔටිසම් උපාය මාර්ගය තුලින් සිදුවන දේ: කාලින විග්‍රහය ජන 16

Khush Patel with his mum, Stuti. Khush's story highlights the challenges faced by over 290-thousand Australians diagnosed with autism. Credit: SBS
ඔටිසම් තත්වයට මුහුණදීම සඳහා වන ප්‍රථම ඕස්ට්‍රේලියානු ජාතික මට්ටමේ මූලෝපායික වැඩපිළිවෙල එළිදැක්වීමට ෆෙඩරල් රජය පසුගිය දා කටයුතු කළා. ඔටිසම් තත්වයට මුහුනපාසිටින අයගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා ඩොලර් මිලියන 42ක් වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. විවිද භාෂා කතා කරන සහ විවිද සංස්කෘතික වටපිටාවන්ගෙන් පැමිණෙන ඔටිසම් හේතුවෙන් පීඩාවිඳින ඕස්ට්‍රේලියාවේ සිටින ජනතාව පිළිබඳව මෙහිදී විශේෂ අවදානයක් යොමුකිරීමට බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද - ජනවාරි 16 වනදා SBS සිංහල සේවයේ කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Share