ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි වික්ටෝරියා skilled වීසා වැඩසටහන දැන් විවෘතයි, අයදුම් කරන අයුරු මෙන්න

INTERNATIONAL BORDERS OPEN MELBOURNE

The arrivals hall at Melbourne Airport Source: AAP / JOEL CARRETT/AAPIMAGE

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන සහ විදේශයන්හි වෙසෙන අයදුම්කරුවන් සඳහා මෙය විවෘතව පවතින අතර නිපුණතා සංක්‍රමණිකයන්ට වික්ටෝරියා ප්‍රාන්තය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා මාර්ගයක් මෙහිදී සපයයි.


ඔස්ට්‍රේලියාවේ 2023-24 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination program එක හෙවත් නිපුණතා වීසා වැඩසටහන මේ වන විට විවෘත කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන සහ විදේශයන්හි වෙසෙන අයදුම්කරුවන් සඳහා මෙය විවෘතව පවතින අතර නිපුණතා සංක්‍රමණිකයන්ට වික්ටෝරියා ප්‍රාන්තය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා මාර්ගයක් මෙහිදී සපයයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් Skilled වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.
  • Skilled Work Regional (Provisional) visa (subclass 491)
  • Skilled Nominated visa (subclass 190)
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Skilled Nominated visa (subclass 190) යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව පිරිනමන වීසා ඛාණ්ඩයකි.

Skilled Work Regional (Provisional) visa (subclass 491) යනු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ වාසය කිරීමට සහ එම කලාපයේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන වීසා ඛාණ්ඩයකි. අදාළ කොන්දේසි සපුරමින් වසර 3 කට පසුව මෙම වීසා බලපත්‍රලාභීන් හට 191 වීසා යන ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව පිරිනමන වීසා ඛාණ්ඩයට අයදුම් කිරීමට අවස්ථාව සැලසේ.
2023-24 වසරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහනට අදාළ 190 වීසා ඛාණ්ඩය සඳහා 2,700 ක කෝටාවක්ද 491 වීසා ඛාණ්ඩය සඳහා 600 ක කෝටාවක්ද මේ වන විට ප්‍රකාශ කර ඇත.

අයදුම් කිරීම

පෙර වසරවල මෙන්ම, අයදුම්කරුවන් පළමුව Registration of Interest (ROI) එකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන අතර පසුව වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ඔවුන්ගේ තරඟකාරී කුසලතා මත තෝරා ගනු ලැබේ.

ඔබගේ ROI එක ඉවත් කර ගන්නා තෙක් හෝ තෝරා ගන්නා තෙක් එය වික්ටෝරියා සංක්‍රමණ හා වීසා පද්ධතියේ පවතිනු ඇත.

2023-24 සඳහා වන වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන 2024 වසරේ මුල් භාගයේදී අවසන් කිරීමට නියමිත අතර එම දිනය නුදුරේදී දැනුම් දෙන බවද වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

මෙහිදී 491 වීසා ඛාණ්ඩය සඳහා ROI එකක් යොමු කිරීමේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිටින අයදුම්කරුවන් සැපිරිය යුතු එක් අවශ්‍යතාවක් මෙවර වෙනස් කර ඇත.

ඒ අනුව ඔවුන් හට nomination එක ලැබෙනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක රැකියා කරමින් වාසය කළ යුතු වේ.

මෙම වෙනසෙහි ප්‍රතිඵලයක් ලෙස, ඔබේ 491 වීසා සඳහා වන ROI එක 2022-23 දී තෝරා නොගත්තේ නම්, ඔබ තවමත් සුදුසුකම් ලබන්නේ නම් ඔබට නව ROI එකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත.
ඊට අමතරව 190 වීසා ඛාණ්ඩය සඳහා ROI එකක් යොමු කිරීමේදී කිසිදු වෙනසක් සිදුකර නොමැත.

මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබාගන්න.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service