ඔස්ට්‍රේලියාවේ කොතැන හිටියත් ඔස්ට්‍රේලියාවෙන් පිට හිටියත් PR ගත හැකි බටහිර ඔස්ට්‍රේලියාවේ 491 වීසා

Western Australia 491 visa which leads to Australian permanent residency

Source: AAP

ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මාර්ගය සකසන රැකියා වීසා බලපත්‍රයක් වන බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled Work Regional (Provisional) වීසා (Subclass 491) පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.
ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය.

වසර 3 කට පසු අදාළ සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව මෙම 491 වීසා දරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සපයන 191 වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට මෙවර 491 වීසා සඳහා 2,790 ක කෝටාවක් හිමිවී තිබේ.

අයදුම් කළ හැක්කේ කාහටද?

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට ඔබ පහත අවශ්‍යතා හා සුදුසුකම් සැපිරිය යුතුය:
  • මෙම වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලත් skilled රැකියා ලැයිස්තුවේ රැකියාවක් ආශ්‍රිත වලංගු skills assessment එකක් තිබිය යුතුය
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
  • සංක්‍රමණ ලකුණු අවම වශයෙන් 65 ක් ලබා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා Expression of Interest (EOI) එකක් යොමු කළ තිබිය යුතුය
  • ඊට අමතරව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයෙන් ඔබට nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය
  • ඔබේ රැකියාව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නිපුණතා රැකියා ලැයිස්තුවේ ඇතුළත්ව තිබිය යුතුය
  • ඒ ඒ රැකියාව සඳහා නිර්දේශ කර ඇති ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 491 වීසා

ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් මත පදනම්ව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත 491 නාමයෝජනා සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලත් EOI යොමු කළ අයදුම්කරුවන්ට WA Migration Services මාසිකව ආරාධනා කරයි.

ඔබට පහත සඳහන් ධාරාවන් දෙකෙන් එකක් හරහා ආරාධනා කළ හැකිය:
  1. General stream
  2. Graduate stream
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ආරාධනා පත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් ශ්‍රේණිගත කිරීම

සෑම මසකම, පහත ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය මත පදනම්ව ස්වදේශ කටයුතු දෙපර්තම්න්තුවේ SkillSelect හි සුදුසුකම් ලත් EOI සංඛ්‍යාවක් තෝරා ගනු ලැබේ.

General stream සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් පහත පරිදි ශ්‍රේණිගත කෙරේ:
  • දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචිව සිටීම
  • දැනට වෙනත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක හෝ ටෙරිටරියක පදිංචිව සිටීම
  • දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත එනම් විදෙස් රටක පදිංචිව සිටීම
  • ඉහළම EOI ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම
  • EOI එකක් යොමු කළ පැරණිතම දිනය
Graduate stream සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් උසස් අධ්‍යාපන උපාධිධාරීන් සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු උපාධිධාරීන් ලෙස ඛාණ්ඩ දෙකකට බෙදෙන අතර ඔවුන් පහත පරිදි ශ්‍රේණිගත කෙරේ:

උසස් අධ්‍යාපන උපාධිධාරීන්
  • දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචිව සිටීම
  • දැනට වෙනත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක හෝ ටෙරිටරියක පදිංචිව සිටීම
  • දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත එනම් විදෙස් රටක පදිංචිව සිටීම
  • බටහිර ඔස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධියක් හෝ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කර තිබීම
  • බටහිර ඔස්ට්‍රේලියාවේ ගෞරව උපාධියක් හෝ වෙනත් උසස් උපාධියක් සම්පූර්ණ කර තිබීම
  • බටහිර ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය උපාධියක් සම්පූර්ණ කර තිබීම
  • ඉහළම EOI ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම
  • EOI එකක් යොමු කළ පැරණිතම දිනය
වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු උපාධිධාරීන්
  • දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචිව සිටීම
  • දැනට වෙනත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක හෝ ටෙරිටරියක පදිංචිව සිටීම
  • දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත එනම් විදෙස් රටක පදිංචිව සිටීම
  • බටහිර ඔස්ට්‍රේලියාවේ උසස් ඩිප්ලෝමා මට්ටමින් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු පාඨ මාලාවක් සම්පූර්ණ කර තිබීම
  • බටහිර ඔස්ට්‍රේලියාවේ ඩිප්ලෝමා මට්ටමින් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු පාඨ මාලාවක් සම්පූර්ණ කර තිබීම
  • බටහිර ඔස්ට්‍රේලියාවේ Certificate IV මට්ටමින් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු පාඨ මාලාවක් සම්පූර්ණ කර තිබීම
  • බටහිර ඔස්ට්‍රේලියාවේ Certificate III මට්ටමින් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු පාඨ මාලාවක් සම්පූර්ණ කර තිබීම
  • ඉහළම EOI ලකුණු ප්‍රමාණයක් ලබා තිබීම
  • EOI එකක් යොමු කළ පැරණිතම දිනය



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ කොතැන හිටියත් ඔස්ට්‍රේලියාවෙන් පිට හිටියත් PR ගත හැකි බටහිර ඔස්ට්‍රේලියාවේ 491 වීසා | SBS Sinhala