ටස්මේනියා ප්‍රාන්තය Subclass 190 සඳහා nomination දීම මෙම මූල්‍ය වර්ෂය සඳහා සීමා කරයි

Us Visa

Visa Image Credit: belterz/Getty Images

ටස්මේනියානු ප්‍රාන්තය 2023/2024 මූල්‍යවර්ශය සඳහා වන තම සංක්‍රමණ වැඩපිළිවෙල යටතේ අයදුම් පත් කැඳවීම සීමා කිරීමට තීරණය කර තිබේ. එසේම මෙම මූල්‍යවර්ශය සඳහා subclass 190 සහ subclass 491 සඳහා මේවන විට නිකුත් කර ඇති ආරාධනා පත්‍ර ප්‍රමාණය සහ ඉතිරී වී ඇති ස්ථාන ප්‍රමාණය පිළිබඳව තොරතුරු නිකුත් කර ඇත.


ටස්මේනියානු ප්‍රාන්තය subclass 190 සඳහා ආරාධනා පත්‍ර යැවීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර ඇත. මෙම කාණ්ඩය සඳහා ටස්මේනියානු ප්‍රාන්තය වෙත නිකුත් කර ඇති ස්ථාන ප්‍රමානය අවසන්වීමට ඉතා ආසන්නව පැවතීම මීට හේතුව වී ඇත. මෙම වීසා කාණ්ඩයට පවතින ඉල්ලුම ඉහල යාම සහ පවතින ස්ථාන ප්‍රමාණය අවම මට්ටමකට පැමිණීම හේතුවෙන් Gold Pass වර්ගීකරණයට අයත් අයදුම් කරුවන් ට පමණක් subclass 190 සඳහා ආරාධනා පත්‍ර යැවීමට Migration tasmania විසින් තීරණය කර තිබේ.

මෙහිදී ඉහල ප්‍රමුඛතා මට්ටමක් වන Gold මට්ටම සඳහා පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • කුසලතා ඇගයීම එනම් Skill assessment එක ලබා තිබීම.
  • අදාළ නිපුණතාවයට ඍජු ලෙස සම්බන්ද රැකියාවක නිරත වී තිබීම
  • එම රැකියාව අත්‍යාවශ්‍ය රැකියා ලැයිස්තුවේ ඇතුලත්වී තිබීම
Subclass 190 සඳහා අයදුම්පත් භාරගැනීම 2024/2025 මූල්‍ය වර්ෂය සඳහා මේ වසරේ ජූලි මාසයේ සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ උවත් subclass 491 සඳහා අයදුම්පත් යොමුකිරීම සඳහා කිසිදු බාදාවක් නොමැති අතර මේ සඳහා වෙබ් අඩවිය හරහා අයදුම් පතක් යොමු කිරීමේ හැකියාව පවතී.

 
Subclass 190 කාණ්ඩය

  • මේවන විට නිකුත් කර ඇති ආරාධනා පත් ප්‍රමාණය 586. මුළු ස්ථාන සංක්‍යාව 600
  • මේවනවිට ලැබී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති ස්ථාන සංඛ්‍යාව 58
  • නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා නිකුත් කර ඇති නමුත් තවමත් පිළිගෙන නොමැති ප්‍රමාණය 22
  • මේවනවිට ලියාපදිංචි වී ඇති අයදුම්පත්‍ර සංක්‍යාව 601
Subclass 491 කාණ්ඩය

  • මේවන විට නිකුත් කර ඇති ආරාධනා පත් ප්‍රමාණය 572. මුළු ස්ථාන සංක්‍යාව 600
  • මේවනවිට ලැබී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති ස්ථාන සංඛ්‍යාව 25
  • නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා නිකුත් කර ඇති නමුත් තවමත් පිළිගෙන නොමැති ප්‍රමාණය 64
  • මේවනවිට ලියාපදිංචි වී ඇති අයදුම්පත්‍ර සංක්‍යාව 601

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.




*********************************************************************************


  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service