වීසා වර්ග අඩු කරමින් සංක්‍රමණික වැටුප් වැඩි කරමින් ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය වෙනස් කරන්න යන්නේ මෙහෙමයි

විශාලතම වෙනස්කම් වලින් එකක් වන්නේ එළඹෙන ජූලි 1 වනදා සිට සංක්‍රමණිකයෙකුට අනුග්‍රහය දැක්වීමේදී සමාගමකට හෝ සේවා යෝජකයන්ට අදාළ සංක්‍රමණිකයා වෙත පිරිනැමිය යුතු අවම වැටුප ඉහළ නැංවීමය.

Fewer visa types, wage increases: How Australian migration system is set to change
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ඔස්ට්‍රේලියාවේ අවශ්‍යතා සපුරාලන්නේ නැති බව දීර්ග කාලයකට පසුව ඒ පිළිබඳ කරන ලද සමාලෝචනයකින් අනාවරණය කරගෙන ඇති අතර ඒවා විසඳීමට ප්‍රතිසංස්කරණ සලකා බැලීම් 32ක් මධ්‍යම රජයට භාර දී තිබේ.

පිටු 186 කින් යුත් මෙම සමාලෝචන වාර්තාව අප්‍රේල් 27 වනදින ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Clare O'Neil විසින් එළිදක්වනු ලැබුවාය.

එම සමාලෝචනයට අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ සිදුකළ යුතු ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පහත පරිදි වේ.

අනුග්‍රාහක සංක්‍රමණිකයින්ගේ වැටුප් සීමාව ඉහළට

මෙම සමාලෝචනයට ප්‍රතිචාර වශයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil ස්ථිර වෙනස්කම් දෙකක් තහවුරු කළ අතර ඉක්මනින් සිදුකිරීමට ඉඩ ඇති තවත් වෙනස්කම් කිහිපයක් ගෙනහැර දැක්වුවාය.

එම විශාලතම වෙනස්කම් වලින් එකක් වන්නේ එළඹෙන ජූලි 1 වනදා සිට සංක්‍රමණිකයෙකුට අනුග්‍රහය දැක්වීමේදී සමාගමකට හෝ සේවා යෝජකයන්ට අදාළ සංක්‍රමණිකයා වෙත පිරිනැමිය යුතු අවම වැටුප ඉහළ නැංවීමය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

Temporary Skilled Migration Income Threshold හෙවත් TSMIT ලෙස මෙය හඳුන්වයි.

එය දශකයක පටන්ම $53,900 මට්ටමේම පවතින අතර කිසිදු වැඩි කිරීමක් සිදුවී නැත.

නමුත් අදාළ සමාලෝචනය විසින් එම වැටුප වසරකට $70,000 දක්වා ඉහළ දැමිය යුතු බවට නිර්දේශ කර තිබේ.

මීට පෙර Grattan ආයතනය විසින් සිදුකළ සමාලෝචනයකින්ද මෙම වැටුප් සීමාව ඉහළ දැමිය යුතු බවට යෝජනා කෙරුණි.
වැටුප් එකතැන පල්වීම නිසා පුහුණු ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම ඕස්ට්‍රේලියාවට මග හැරී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පැවසුවාය.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ Skilled වීසා වැඩසටහනට අදාළ පවතින රැකියා ලැයිස්තු ද යල්පැන ඇති අතර ඒවා නවීන ආර්ථිකය පිළිබිඹු නොකරන බවත් මෙම සමාලෝචනය සොයා ගත්තේය.
A small group of international students sitting outside
Australia is failing to hold onto international students after they graduate, which is detrimental to our economy, the review found. Source: SBS

ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක්

සියලුම පුහුණු තාවකාලික සේවකයින්ට මෙම වසර අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දෙන බව ද ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil නිවේදනය කළාය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් වඩාත් තරඟකාරී වනු ඇති බවත් එයින් විශාල පිරිසකට ස්ථිර පදිංචිය දීමක් අදහස් නොකරන බවත් ඇය පහැදිලි කළාය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව අහිමි වූ තාවකාලික සේවකයින් පිරිසක් සිටින අතර ඔවුන්ට මේ හරහා අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරිය සඳහන් කළාය.

2007 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණය දෙගුණ වී ඇති අතර දැනට ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික සංක්‍රමණිකයන් මිලියන 2.1කි.

සංක්‍රමණය සඳහා නව ස්ථර තුනක්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ස්ථර තුනකට බෙදීමට සැලසුම් කරයි.

පළමු ස්ථරය හරහා කාලයත් සමග වේගයෙන් වෙනස්වන ඉහළ කුසලතා ඇති සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කරගැනීමට අපේක්ෂා කෙරේ.

මධ්‍යම ආදායම් ලබන්නන් කෙරෙහි අවධානය යොමු කරන ප්‍රධාන ධාරාවේ නිපුණතා වීසා මාර්ගයක් වන දෙවැනි ස්ථරය $70,000 ක යෝජිත නව වැටුප් සීමාව වඩාත් හොඳින් දැනිය හැකි ස්ථානයක් ලෙස දැක්වේ.

තුන්වන ස්ථරය අඩු වැටුප් සහිත care sector හෙවත් රැකවරණ අංශයේ දීර්ග ශ්‍රම හිඟය විසඳීම අරමුණු කරයි.

එය අඩු ආදායම් ලබන සංක්‍රමණිකයන්ට මාර්ගයක් වන අතර aged care වැනි ශ්‍රම හිඟය පිළිබඳ වැඩි පීඩනයක් ඇති අංශ සඳහා විශාල පිටිවහලක් ලබා දෙනු ඇත.

වීසා වර්ග අඩු ප්‍රමාණයක්

ඔස්ට්‍රේලියාවේ වත්මන් සංක්‍රමණ ක්‍රමය ඉතා මන්දගාමී සහ සංකීර්ණ එකක් බවත් එනිසාම ඒවා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ ගුණාත්මක භාවයට පැහැදිලිවම බලපා ඇති බවත් මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil සඳහන් කළාය.

ඔස්ට්‍රේලියාවට සැබවින්ම අවශ්‍ය සංක්‍රමණිකයන් සඳහා අනෙකුත් සංවර්ධිත රටවල් ද තරඟ කරන බව මතක තබා ගත යුතු බවත් ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතියේ දැනට ඇති 100 කටත් වඩා වැඩි වීසා වර්ග ගණනාවක් අහෝසි කර වීසා වර්ග අඩු ප්‍රමාණයක් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට වත්මන් කම්කරු පක්ෂ රජයේ අපේක්ෂාව බව ද අමාත්‍යවරිය පැවසුවාය.

දක්ෂ ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ තබා ගැනීම

ජාත්‍යන්තර සිසුන් skilled වීසා වැඩසටහනේ වැදගත් කොටසක් විය යුතු බව මෙම සමාලෝචනයෙන් සොයා ගන්නා ලදී.

නමුත් ඔස්ට්‍රේලියාව දීප්තිමත්ම ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ තබා ගැනීමට අපොහොසත් වේ.

තාවකාලික වීසා පැටලුම්වලට හසු වූ බොහෝ ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ නිපුණතාව නොතකා අඩු නිපුණතා සහිත රැකියා කිරීමට අවසානයේ පෙළඹෙන බවද මෙහිදී හෙළිවී තිබේ.

ජාත්‍යන්තර සිසුන්ට දැනට ඔවුන් උපාධිය සම්පූර්ණ කරන තෙක් graduate වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ නොහැක.

ඒ සඳහා මාස අටක් දක්වා වූ පොරොත්තු කාලයක සිටිය යුතු අතර සේවා යෝජකයෙකු හෝ දිගු කාලීන වීසා බලපත්‍රයක් නොමැති වීම නිසා, ඔවුන්ට බොහෝ විට අන්තර්කාලීනව අඩු කුසලතා සහිත රැකියාවක් කිරීමට බල කෙරෙයි.

ඔවුන්ට ලබා ගත හැකි තාවකාලික වීසා බලපත්‍ර බොහෝ විට ඔවුන්ගේ සුදුසුකම් මාරු කිරීමට සහ පිළිගැනීමට අවශ්‍ය කාලයට වඩා කෙටි වන බව පාකින්සන් මහතා පැවසීය මෙම සමාලෝචන මණ්ඩලයට නායකත්වය ලබා දුන් අග්‍රාමාත්‍ය සහ කැබිනට් මණ්ඩල දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් මාර්ටින් පාකින්සන් පැවසීය.

මේ සඳහා එක් යෝජිත විසඳුමක් වන්නේ උපාධිය සම්පූර්ණ කළ විගසම ක්ෂණිකව අදාළ උපාධි වීසා graduate වීසා බලපත්‍ර ලබාදීම බව ද ඔහු පැහැදිලි කළාය.

සංක්‍රමණික ලකුණු ක්‍රමය වෙනස් කිරීම

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමට භාවිතා කරන සංක්‍රමණික ලකුණු ක්‍රමය වෙනස් කළ යුතු බවද අදාළ සමාලෝචනය පෙන්වා දී තිබේ.

දැනට ක්‍රියාත්මක ලකුණු ක්‍රමය හරහා සෑම විටම හොඳම අපේක්ෂකයින් තෝරා නොගන්නා බව ද එය පැවසීය.

Share

Published

Updated

By Finn McHugh, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service