ඔස්ට්‍රේලියාවේ රැකියා වීසා සහ PR දෙන 2023-24 ටස්මේනියා Skilled Migration වැඩසටහන දැන් විවෘතයි

2023-24 Tasmania Skilled Migration State Nomination Program Now Open

2023-24 Tasmania Skilled Migration State Nomination Program Now Open Source: SBS

පසුගිය මුල්‍ය වර්ෂය සමග සංසන්දනය කරන කල 2023-24 වැඩසටහනේ සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කර ඇති බව ටස්මේනියා ප්‍රාන්තය දන්වා සිටී. .


2023-24 මුල්‍ය වර්ෂය සඳහා වන ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration State Nomination වැඩසටහන දැන් විවෘත බව ටස්මේනියා ප්‍රාන්තය දන්වා සිටී.

පසුගිය මුල්‍ය වර්ෂය සමග සංසන්දනය කරන කල 2023-24 වැඩසටහනේ සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කර ඇති බවද ඔවුහු පවසති.

2023-24 ටස්මේනියා Skilled Migration වැඩසටහන දැන් විවෘතයි

2023-24 වැඩසටහනේ සිදුකළ සුළු වෙනස්කම් පහත පරදී වේ:
  • ටස්මේනියානු Skilled Employment pathway හරහා අයදුම් කළ හැකි සියලුම වෘත්තීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාගත හැකි 190 වීසා සඳහා සුදුසුකම් ලබා දීම
  • ටස්මේනියා ප්‍රාන්තයේ Onshore Skilled Occupation ලැයිස්තුව යාවත්කාලීන කිරීම
  • Massage therapists හෙවත් සම්බාහන චිකිත්සකයින් සඳහා අවශ්‍ය සුදුසුකම්වල වෙනස්කම් කිරීම
  • Temporary Skilled Migration Income Threshold එක $70,000 දක්වා ඉහළ දැමීම
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මීට අමතරව Nomination සඳහා අයදුම් කිරීමේ සේවා ගාස්තුව ඩොලර් 330 (GST ඇතුළුව) දක්වා වැඩි කර ඇත.

නමුත් Registration of Interest හෙවත් ROI එකක් යොමු කිරීමට කිසිදු මුදලක් අය නොකෙරේ.

2023 ජූලි 01 දිනට පෙර යොමු කරන ලද අයදුම්පත්

2023 ජූලි 01 වන දිනට පෙර යොමු කර ඇති නමුත් මේ දක්වා තීරණයක් ලබා නොදුන් Nomination සඳහා වන අයදුම්පත්, අයදුම් කරන අවස්ථාවේ පැවති අවශ්‍යතාවලට සහ සුදුසුකම්වලට අනුව අඛණ්ඩව සලකා බලනු ලැබේ.

යොමු කර ඇති Nomination අනුමත වුවහොත්, ඒවා 2023 ජූලි 03 දා සිට SkillSelect වෙත නම් කරනු ලැබේ.

2023 ජූලි 01 ට පෙර යොමු කරන ලද Registrations of Interest (ROIs)

2023 ජූලි 01 ට පෙර යොමු කරන ලද Registrations of Interest (ROIs) 2023-24 වැඩසටහන් වර්ෂය සඳහා වලංගු වේ.

Nomination සඳහා අයදුම් කිරීමට ආරාධනා කළහොත් ROI ඉදිරිපත් කරන අවස්ථාවේ තිබූ අවශ්‍යතා සහ ක්‍රියා පටිපාටිය එම අයදුම්පතට අදාළ වේ.

නව අවම සුදුසුකම් අවශ්‍යතා සහ ප්‍රමුඛතා ගුණාංග ROI සඳහා සහ 2023 ජූලි 5 සිට ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහා අදාළ වේ.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service