ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මාර්ගය සකසන රැකියා වීසා බලපත්‍රයක් වන ACT හෙවත් Australian Capital Territory හි Skilled Work Regional (Provisional) වීසා (Subclass 491) පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.
ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර ACT හි ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය.
491 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට ඔබ ACT විසින් නම් කරනු ලැබුවහොත්, 491 වීසා ලබාගත් දිනයේ සිට අවම වශයෙන් වසර දෙකක කාලයක් ACT හි වාසය කරමින් රැකියා කළ යුතුය.
ඔබ විදේශයක සිට අයදුම් කර ඇත්නම් ඔබ ACT වෙත පා තැබූ දිනයේ සිට මෙම කොන්දේසිය වලංගු වේ.
වසර 3 කට පසු අදාළ සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව මෙම 491 වීසා දරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සපයන 191 වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
ACT 491 වීසා නාමයෝජනා සඳහා අයදුම් කරන්නේ කෙසේද?
ACT සංක්‍රමණික වැඩසටහනේ ලකුණු මත පදනම් වූ 'Canberra Matrix' සම්පූර්ණ කිරීමෙන් ඔබට ACT 491 නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ඔබේ කැමැත්ත ලියාපදිංචි කළ හැකිය.
නිපුණතා රැකියා, ඉංග්‍රීසි ප්‍රවීණතාවය, විධිමත් සුදුසුකම්, ACT හි පදිංචියේ කාලය, ACT හි අධ්‍යාපනය ලැබූ කාල සීමාව, ආයෝජන ක්‍රියාකාරකම් සහ සමීප පවුල් සබඳතා යනාදිය ඇතුළු විශේෂිත නිර්ණායකවලට සමපාතව Canberra Matrix ලකුණු ඔබට ලබාගත හැකිය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ACT විසින් ඔබේ Matrix ශ්‍රේණිගත කරනු ලබන්නේ ඔබ හිමිකම් පෑ ලකුණු ගණන අනුවය.
ප්‍රමාණවත් තරම් ඉහළ ශ්‍රේණිගත කිරීම් ඇති අයට ACT නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා කරනු ලැබේ.
ACT 491 නාමයෝජනා නිර්ණායක
දැනට ACT හි පදිංචිව සිටින අයදුම්කරුවන් සැපිරිය යුතු සුදුසුකම් සහ අවශ්‍යතා
ඔබ පහත සඳහන් එක් අවශ්‍යතාවක් හෝ සැපිරිය යුතුය.
01. ඔබගේ නම් කරන ලද රැකියාව/ වෘත්තීය නවතම ACT Critical Skills ලැයිස්තුවේ තිබිය යුතුය.
02. ACT සේවා යෝජකයෙකු විසින් අනුග්‍රහය දක්වන 457/482 වීසා බලපත්‍රයක මූලික හිමිකරු ඔබ විය යුතුය:
- ඔබ 457/482 වීසා බලපත්‍රයක් දරන්නකු ලෙස පසුගිය මාස තුන සඳහා අනුග්‍රාහක ACT සේවා යෝජකයා විසින් නම් කරන ලද රැකියාවේ කැන්බරා හි සේවය කර තිබිය යුතුය
- ඔබගේ නම් කරන ලද රැකියාව/ වෘත්තීය නවතම ACT Critical Skills ලැයිස්තුවේ තිබීම අවශ්‍ය නොවේ.
03. ඔබ ACT හි පිහිටා ඇති සුදුසුකම් ලත් ලියාපදිංචි ව්‍යාපාරයක බහුතර හිමිකරු වන අතර ඔබ සුළු පරිමාන ව්‍යාපාර හිමිකරු කාණ්ඩයේ Matrix ලකුණු සඳහා හිමිකම් කියයි.
- මෙවැනි ව්‍යාපාර වර්ග මේ සඳහා සුදුසුකම් නොලබයි: sub tenancy, ride-share, කුලී රථ, භාණ්ඩ හෝ ලියුම් බෙදා හැරීම, කුරියර් සේවා හෝ ACT වීසා නාම යෝජනා සඳහා සුදුසුකම් ලැබීමට මීට පෙර භාවිතා කරන ලද පසුව විකුණා ඇති ව්‍යාපාර.
- ඔබගේ නම් කරන ලද රැකියාව/ වෘත්තීය නවතම ACT Critical Skills ලැයිස්තුවේ තිබීම අවශ්‍ය නොවේ.
ඔබ පසුගිය මාස තුන (3) තුළ ACT හි ජීවත් විය යුතු අතර ආරාධනා කරන දිනය දක්වා දිගටම සිටිය යුතුය. ඔබගේ බැංකු ප්‍රකාශ / ගණුදෙණු ඉතිහාසය ඇතුළු ඔබ ACT වෙත පැමිණි දිනයේ සිට ආරාධනා කරන දිනය දක්වා ACT බැංකු ක්‍රියාකාරකම් වාර්තා කළ යුතුය.
ඔබ පසුගිය මාස තුන (3) තුළ ACT හි රැකියාවක් කළ යුතුය. ඔබ Matrix ඉදිරිපත් කරන දිනය දක්වා වූ සති 13 ක කාලයකදී සෑම සතියකම අවම වශයෙන් සතියකට පැය 20ක් හෝ රැකියාව කළ යුතුය.
Skilled රැකියා ලැයිස්තුවේ රැකියාවක් ආශ්‍රිත වලංගු skills assessment එකක් තිබිය යුතුය
ඒ ඒ රැකියාව සඳහා නිර්දේශ කර ඇති ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය
විදේශීය අයදුම්කරුවන් සැපිරිය යුතු සුදුසුකම් සහ අවශ්‍යතා
- ඔබගේ නම් කරන ලද රැකියාව/ වෘත්තීය නවතම ACT Critical Skills ලැයිස්තුවේ තිබිය යුතුය.
- ඔබගේ නම් කරන ලද රැකියාවේ ඔබට අවම වශයෙන් වසර තුනක පූර්ණ කාලීන, පශ්චාත් උපාධි සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
- Skilled රැකියා ලැයිස්තුවේ රැකියාවක් ආශ්‍රිත වලංගු skills assessment එකක් තිබිය යුතුය.
- ඒ ඒ රැකියාව සඳහා නිර්දේශ කර ඇති ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය.