ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රීඩාංගණ කිහිපයක්ම ක්‍රීඩා ලෝලීන්ගේ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගන්නා බව හෙළිවෙයි

Australian stadiums are using facial recognition on fans

The Melbourne Cricket Ground (MCG) Source: AAP

ඔස්ට්‍රේලියාවේ අදාළ ක්‍රීඩාංගනවලට පැමිණෙන බොහෝ පිරිස් තමන් නිරීක්ෂණය කරන බව නොදැන සිටීම සහ ඉන් ඉවත් වීමට අවස්ථාවක් ලබා නොදීම මෙහිදී ඇති ගැටලුව බව CHOICE පාරිභෝගික දත්ත උපදේශක Kate Bower පැවසුවාය.


ඔස්ට්‍රේලියාවේ විශාලතම ක්‍රීඩාංගණ හතරක් ඒවායේ ක්‍රීඩා තරග සහ විවිධ ඉසව් සඳහා සහභාගිවන්නන් හඳුනා ගැනීමට සහ ලුහුබැඳීමේ පහසුව පිණිස අදාළ පුද්ගලයින්ගේ අනුදැනුමකින් තොරව facial recognition හෙවත් මුහුණු හඳුනාගැනීමේ කැමරා භාවිතා කරන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයේ තොරතුරු වෙබ් අඩවිය මේ බව සඳහන් කර ඇත. 

ඔස්ට්‍රේලියාවේ විශාලතම ක්‍රීඩාංගණ හතරක මුහුණු හඳුනාගැනීමේ කැමරා

ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයේ තොරතුරු වෙබ් අඩවියට අනුව මෙලෙස මුහුණු හඳුනාගැනීමේ කැමරා භාවිත කරන ඔස්ට්‍රේලියාවේ විශාලතම ක්‍රීඩාංගණ හතර පහත පරිදි වේ.
  • මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය (MCG)
  • සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය (SCG)
  • සිඩ්නි නුවර Qudos Bank Arena
  • සිඩ්නි නුවර Allianz ක්‍රීඩාංගනය
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

CHOICE පාරිභෝගික කණ්ඩායම විසින් කරන ලද පරීක්ෂණයකදී ඉහත ක්‍රීඩාංගන සියල්ලම අදාළ තාක්ෂණය භාවිතා කරන බව සොයා ගන්නා ලදී.
A general view of SCG
SYDNEY, AUSTRALIA - OCTOBER 22: A general view is seen during the ICC Men's T20 World Cup match between Australia and New Zealand at Sydney Cricket Ground on October 22, 2022 in Sydney, Australia. Credit: Jason McCawley-ICC/ICC via Getty Images

මුහුණු හඳුනාගැනීමේ කැමරා තාක්ෂණය භාවිත නොකරන ක්‍රීඩාංගන

මේ අතර මුහුණු හඳුනාගැනීමේ කැමරා තාක්ෂණය භාවිත නොකරන බවට පහත ක්‍රීඩාංගන තහවුරු කර තිබේ.
  • සිඩ්නි නුවර Accor ක්‍රීඩාංගනය
  • මෙල්බර්න් නුවර Marvel ක්‍රීඩාංගනය
  • Parramatta හි Commbank ක්‍රීඩාංගනය
  • පර්ත් නුවර Optus ක්‍රීඩාංගනය
නමුත් පර්ත් නුවර RAC Arena සහ බ්‍රිස්බේන් නුවර Suncorp ක්‍රීඩාංගනය එම තාක්ෂණය භාවිත කරනවාද නැතිද යන්න තවමත් අපැහැදිලි බවද වාර්තා වේ.

මුහුණු හඳුනාගැනීමේ කැමරා තාක්ෂණය භාවිත කිරීමට හේතු

පාපන්දු තරඟ සහ අනෙකුත් ක්‍රීඩා ඉසව්වල ප්‍රචණ්ඩ ගැටුම් හටගැනීමේ දිගු ඉතිහාසය සැලකිල්ලට ගෙන, ලොව පුරා ක්‍රීඩාංගනවල මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයන් භාවිතා කර ඇත.

එහිදී ක්‍රීඩාංගනවලට පැමිණෙන පිරිසගේ සජීවී වීඩියෝ ප්‍රවාහයන් විශ්ලේෂණය කිරීමට ඉතා ප්‍රශස්ත AI ඇල්ගොරිතම භාවිතා කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ක්‍රීඩාංගනවලට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ව ප්‍රසිද්ධ හොරුන්ව හෝ නීති විරෝධී පුද්ගලයින්ව මෙන්ම නීතියේ රැහැනට හසු කරගැනීමට සොයන අපරාධකරුවන්ව සොයාගැනීමට හැකියාව ලැබේ.

Corsight, Oosto, සහ FaceFirst වැනි මුහුණු හඳුනාගැනීමේ කැමරා තාක්ෂණය එළිදක්වා ඇති සමාගම් පවසන පරිදි දැනටමත් දන්නා කරදර ඇති කරන්නන් හඳුනා ගැනීමට සහ හදිසි අවස්ථා හඳුනා ගැනීමට මෙම තාක්ෂනය යොදා ගන්නා අතර FaceFirst මගින් ඉහළ වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන්ට ආහාර සැපයීමෙන් "වඩා හොඳ VIP අත්දැකීමක්" අදාළ පුද්ගලයින්ට ලබා දීමටද මේ හරහා සිදු කළ හැකිය.

බොහෝ පිරිස් තමන් නිරීක්ෂණය කරන බව නොදනී

ඔස්ට්‍රේලියාවේ අදාළ ක්‍රීඩාංගනවලට පැමිණෙන බොහෝ පිරිස් තමන් නිරීක්ෂණය කරන බව නොදැන සිටීම සහ ඉන් ඉවත් වීමට අවස්ථාවක් ලබා නොදීම මෙහිදී ඇති ගැටලුව බව CHOICE පාරිභෝගික දත්ත උපදේශක Kate Bower පැවසුවාය.

එම තාක්ෂණය භාවිතා කරන්නේ කුමක් සඳහා දැයි ඔවුන්ට අදහසක් නැති බවත් එලෙස ලබා ගන්නා වීඩියෝ පට සහ තොරතුරු කොපමණ කාලයක් ගබඩා කර ඇත්ද, කෙතරම් ආරක්ෂිතව ගබඩා කර ඇත්දැයි ඔවුන්ට අදහසක් නැති බවත් ඇය සඳහන් කළාය.

බොහෝ ක්‍රීඩාංගනවලට ඇතුළත් වීමේදී පනවා ඇති නියමයන් සහ කොන්දේසිවල "ජීව දත්ත" එකතු කරන බව දන්වා තිබෙන නමුත් පාරිභෝගිකයින්ට ඒ පිළිබඳ සොයාගත හැක්කේ වචන දහස් ගණනක් දිගට දිවෙන දිගු ලේඛන පරීක්ෂා කිරීමෙන් පමණක් බව CHOICE පාරිභෝගික කණ්ඩායම අනතුරු ඇඟවීය.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රීඩාංගණ කිහිපයක්ම ක්‍රීඩා ලෝලීන්ගේ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගන්නා බව හෙළිවෙයි | SBS Sinhala