ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතාව ලබාදෙන Skilled වීසා මොනවාද කියා මධ්‍යම රජය හෙළි කරයි, ලැයිස්තුව මෙන්න

Home Affairs revealed Skilled visa processing priorities

Source: SBS

අමාත්‍යාංශ උපදෙස් අංක 100 මගින් නිකුත් කළ මෙම නව විධානයට අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ ආශ්‍රිතව ඇති Skilled වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි


ඔස්ට්‍රේලියාවේ skilled වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දීම පිණිස නව අමාත්‍ය විධානයක් 2022 ඔක්තෝබර් 28 දින සිට බලාත්මක විය.

මේ බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

Skilled වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දීම

අමාත්‍යාංශ උපදෙස් අංක 100 මගින් නිකුත් කළ මෙම නව විධානයට අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ ආශ්‍රිතව ඇති Skilled වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි.

සලකා බැලීමට තිබෙන ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රමාණය විශාල ලෙස ගොඩ ගැසී ඇති බැවින් අයදුම්කරුවන් තම වීසා බලපත්‍රය ලැබෙනතෙක් බලා සිටීමේ කාලය අවම කරවීමට මධ්‍යම රජය ගෙන ඇති වැඩපිළිවෙලෙහි මෙය තවත් එකක් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව 2022 ජුනි 1 සිට වීසා අයදුම්පත් 2,780,000 කට වැඩි ප්‍රමාණයක් සලකා බලා අවසන් කර ඇත.

මෙයට temporary skilled වීසා අයදුම්පත් 43,000කට අධික සංඛ්‍යාවක් සහ ස්ථිර skilled වීසා අයදුම්පත් 47,000කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.

අමාත්‍යාංශ උපදෙස් අංක 100 විධානයට අනුව:

  • සෞඛ්‍ය සේවා සහ ගුරු වෘත්තීන් මෙන්ම offshore හෙවත් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට යොමු කරන ලද ස්ථිර සහ තාවකාලික වීසා අයදුම්පත් සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දෙයි.
  • විදේශීය සේවකයින් බඳවා ගැනීමට අපේක්ෂා කරන සුළු පරිමාන ව්‍යාපාරවලට උපකාර ලබාදෙයි. එය සියලු වෘත්තීන් සඳහා වීසා අයදුම්පත් සැකසීම වේගවත් කරන අතර එම ක්‍රියාවලිය සරළ කරවයි. මෙම වෙනස, විශේෂයෙන්ම ශ්‍රම වෙලඳපොල අවශ්‍යතාවලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති තීරණාත්මක Temporary Skill Shortage වීසා අයදුම්පත් ඉක්මනින් සැකසීමට ඉඩ සලසයි.
  • විශ්වාසදායක සේවා යෝජකයින් සහ ආර්ථික ඵලදායිතාව ඉහළ නංවන ප්‍රධාන ව්‍යාපාර ලෙස සියලුම අංශවල පිළිගත් අනුග්‍රාහකයින් සඳහා ප්‍රමුඛතාවය යළි ලබාදෙයි. මෙම වීසා අයදුම්පත් කාර්යක්ෂමව සැකසීම මගින් අනෙකුත් අයදුම්පත් සලකා බැලීමට වැඩි ධාරිතාවක් දෙපාර්තමේන්තුවට ලැබේ.
  • Skilled වීසා අයදුම්පත් සලකා බැලීමට ප්‍රධාන නිර්ණායකයක් ලෙස මෙතෙක් තිබූ Priority Migration Skilled රැකියා ලැයිස්තුව (PMSOL) සහ තීරණාත්මක අංශ (critical sectors) අහෝසි කෙරේ.
    • PMSOL යල් පැන ගිය එකක් වූ අතර එය ඔස්ට්‍රේලියාව පුරා දක්නට ලැබෙන තීරනාත්මක ශ්‍රම බලකායේ හිඟය තවදුරටත් පිළිබිඹු නොකරයි.
    • වීසා අයදුම්පත්වල සැකසුම් කාලය අඩු කිරීම සඳහා රජය අතිරේක අරමුදල් සහ කාර්ය මණ්ඩලය කැප කර ඇති බැවින් PMSOL හි හෝ තීරණාත්මක අංශවල වීසා අයදුම්පත් ඉදිරියටත් කාර්යක්ෂමව සලකා බැලෙනු ඇත.
    • PMSOL හි තිබූ රැකියා අංශවලට PMSOL හි නොතිබූ බොහෝ රැකියා තිබුණි. මෙම වෘත්තීන්වලට අදාළ වීසා අයදුම්පත් දැන් වේගවත්ව සැකසීමට හැකි වනු ඇත, සමස්තයක් ලෙස වඩා හොඳ සේවාවක් ලබා ගත හැක.
  • ප්‍රමුඛතා සංඛ්‍යාව අඩු කරයි, එය කාර්යක්‍ෂමතාව වැඩි කරන අතර අයදුම්පත් සැකසුම් කාලය අඩු කිරීමට සහාය වේ.

මෙම නව ප්‍රමුඛතා තවමත් තීරණය කර නොමැති සියලුම skilled වීසා නාමයෝජනා සහ වීසා අයදුම්පත් මෙන්ම නව අයදුම්පත් සඳහා අදාළ වේ.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතාව ලබාදෙන Skilled වීසා මොනවාද කියා මධ්‍යම රජය හෙළි කරයි, ලැයිස්තුව මෙන්න | SBS Sinhala