ඔස්ට්‍රේලියාවේ නත්තල සහ අවුරුදු අතර දියේ ගිලී පුද්ගලයන් 17 දෙනෙකු මරුට, මුහුදට බැසීමට කලින් මේ ගැනත් දැනගන්න

නත්තල් දින සිට නව වසර උදාවන කාලය දක්වා ඔස්ට්‍රේලියාවේ දියේ ගිලී මිය යාම් 17 ක් වාර්තා වී තිබේ.

A lifeguard patrolling a beach

Lifeguards are warning about the dangers of rip currents this summer. Source: AAP / David Moir

ඔස්ට්‍රේලියාවේ මේ ග්‍රීෂ්ම සෘතුවේදී දියේ ගිලී මිය යාම් වැඩිවෙමින් පවතින නිසා මුහුදේ දිය නෑමට හෝ පිහිණීමට හෝ ජල ක්‍රීඩා කිරීමට හෝ යන පිරිසට ජීවිතාරක්ෂකයෝ අනතුරු අඟවති.

නත්තල් දින සිට නව වසර උදාවන කාලය දක්වා ඔස්ට්‍රේලියාවේ දියේ ගිලී මිය යාම් 17 ක් වාර්තා වී තිබේ.

2022 දෙසැම්බර් 25 සිට සාමාන්‍යයෙන් දිනකට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා 100කට වඩා වැඩි පිරිසක් දියේ ගිලීම්වලින් මුදාගැනීම් සිදු කර ඇති බව NSW Surf Lifesaving Australia හි ප්‍රධාන විධායක නිලධාරී Steven Pearce, SBS පුවත් වෙත පැවසීය.

2019 වසරෙන් පසු එය ඉහළම අගය බවද ඔහු ප්‍රකාශ කළේය.
Surf Lifesaving Australia ට අනුව වසරකට අවම වශයෙන් දියේ ගිලී මිය යන 21 දෙනෙකුටවත් rip currents වගකිව යුතු බව ගණන් බලා ඇත.

ඔස්ට්‍රේලියානුවන් මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් කිසියම් වේලාවක හෝ rip current එකකට නොදැනුවත්වම හසු වී ඇති බවත් එයින් 25% කටවත් බේරාගැනීමට හෝ දිවි ගලවා ගැනීමට සහය වීමට හෝ අවශ්‍ය වී ඇති බවත් 2021 වාර්තාවකින් හෙළි විය.

Rip current යනු කුමක්ද, Rip current එකකට හසු වුවහොත් ඔබට කුමක් කළ හැකිද? මෙම ලිපියෙන් විමසා බලමු.

Rip current යනු කුමක්ද සහ ඒවා මෙතරම් මාරාන්තික වන්නේ ඇයි?

Rip current යනු ඔස්ට්‍රේලියානු වෙරළ තීරයේ දක්නට ලැබෙන වඩාත් සුලභ හා භයානක උපද්‍රවයකි.

Rip current එකක් යනු වඩදිය චලනයන් සහ සාගර පතුලේ භූගෝලීය පිහිටීම නිසා ඇතිවන දිය වැලක් බව NSW Surf Lifesaving Australia හි ප්‍රධාන විධායක නිලධාරී Steven Pearce පැවසීය.

"එය මුහුදු ජලය වැලි ඉවුරු අතරට සහ පිටතට ගමන් කරන ධාරාවක් වන අතර වෙරළෙන් ඉවතට, මුහුදට දැඩි ඇදීමක් ඇති කරයි, පසුව නැවත වෙරළට කැඳවයි." යනුවෙන් ඔහු එය තවදුරටත් පැහැදිලි කළේය.
Rip current සම්බන්ධව ඇති පොදු මිථ්‍යාවන්ගෙන් එකක් නම්, Rip current එකකට හසු වූ අවාසනාවන්ත අය මුහුදට බොහෝ දුරට ගෙන යනු ඇති බවය.

"ඇත්ත වශයෙන්ම, ඔවුන් මීටර් එකක් සිට 200 ක් දක්වා වෙරළෙන් පිටතට ගෙන යනු ඇති, නමුත් පසුව නැවත වෙරළ දෙසට භ්‍රමණය වෙමින් ගෙන එනු ලබනවා” යනුවෙන් Pearce පැවසීය.

බලවත් Rip current එකකට හසු වූ පසු, එයින් මිදී නැවත වෙරළට පැමිණීම දුෂ්කර විය හැකිය.

ඔබ Rip current හඳුනා ගන්නේ කෙසේද?

පිහිනීමට ආරක්ෂිත ඉඩක් සෙවීමේදී ඔවුන්ව රැවටිය හැකි වීම Rip currentවල ස්වභාවය වේ.

මුහුදේ වඩාත් චංචල රළ මත සිනිඳු, මෘදු පෙනුමක් ඇති නිශ්චල ස්ථාන Rip current සොයා ගත හැකි ස්ථාන වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
"ඔබ එයට මඳක් සමීප වුවහොත් එය පහසුවෙන් හඳුනාගත හැකියි, එම දියවැල් වැලි සහ රොන්මඩ සෝදාගෙන පිටතට ඇද දමනු දැකිය හැකියි" යනුවෙන් NSW Surf Lifesaving Australia හි ප්‍රධාන විධායක නිලධාරී Steven Pearce පැවසීය.

ඔබ Rip current එකකට හසු වුවහොත් කුමක් කළ යුතුද?

Rip current එකක් ඇති විට හැකි තරම් සන්සුන්ව සිටීමට උත්සාහ කිරීම අවශ්‍ය වේ.

ඔබට සහාය අවශ්‍ය බව වෙරළේ සිටින ජීවිතාරක්ෂකයින්ට දැනුම් දීම සඳහා ඔබේ අත එසවීම සැබවින්ම වැදගත් බව Pearce පැවසීය.

උපකාර පැමිණෙන තෙක් බලා සිටින අතරතුර, ඔබ Rip current එක සමඟ පාවී යා යුතු අතර එයට එරෙහිව සටන් කිරීමට උත්සාහ නොකළ යුතුය.

Rip current චක්‍රීයව චලනය වන නිසා, එය අවසානයේ ඔබව නැවත වෙරළට රැගෙන යාමට ඉඩ ඇත.
විකල්පයක් ලෙස, ඔබට වෙරළට සමාන්තර දිශාවකින් හෝ බිඳෙන රළ සමඟ පිහිනීමට උත්සාහ කළ හැකිය. ඔබට ආරක්ෂිත ජලය වෙත ආපසු යාමට උපකාර කිරීමට රැළි භාවිතා කළ හැකිය.

ඔබ මුර සංචාරය නොකරන මුහ්දූ වෙරළක පිහිනීමට සිදුවී Rip current එකකට හසු වුවහොත් ඔබ උදව් ඉල්ලන අයුරු ඔබේ වාසනාවට වෙරළේ සිටින කෙනෙකු දැක 000 ඇමතිය හැකි බවත් NSW Surf Lifesaving Australia හි ප්‍රධාන විධායක නිලධාරී Steven Pearce පැවසීය.

එවිට එය ජීවිතාරක්ෂකයින්ට දැනුම් දෙනු ඇත.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂිතව පිහිනන්නේ කෙසේද?

රාජකාරියේ යෙදී සිටින ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම් පිළිපැදීම පිහිනීමේදී ආරක්ෂිතව සිටීමට හොඳම ක්‍රමය වේ. ඔවුන් සෑම විටම ඔවුන්ගේ රතු සහ කහ කොඩි අතර පිහිනීමට ආරක්ෂිතම ස්ථානය සලකුණු කරනු ඇත.

එම ස්ථාන භයානක දිය වැල්වලින් බොහෝ දුරස් වේ.

රතු සහ කහ පැහැති කොඩි වලින් මුහුදේ පිහිනීමට ආරක්‍ෂිත ස්ථාන බොහෝ දුරට සලකුණු කර තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Michael Bonning ද ජලයේ සිටින දරුවන් අධීක්ෂණය කිරීමේදී සුපරීක්ෂාකාරී වීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

"ඔබේ ප්‍රථමාධාර සහ CPR ගැන විමසිලිමත් වීමද හොඳ අදහසකි," වෛද්‍ය Michael Bonning පැවසීය.

හදිසි අවස්ථාවක කළ යුතු දේ දැන ගැනීම ජීවිතය සහ මරණය අතර වෙනසක් ඇති කළ හැකි බව ඔහු පැවසීය.

Share

Published

By Eleanor Gerrard, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service