Destinations Australia ශිෂ්‍යත්ව සඳහා දේශීය සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීම ඇරඹේ

International students in NSW

Source: SBS

මෙවර මේ හරහා 2023 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන දේශීය හා ජාත්‍යන්තර සිසුන් 480 ක් සඳහා වසරකට එක් සිසුවෙකුට ඩොලර් 15,000 දක්වා ශිෂ්‍යත්ව අරමුදල් ලබා දෙයි.


Destinations Australia ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් බාරගැනීම දැන් ක්‍රියාත්මක වේ.

ඔස්ට්‍රේලියාවේ දේශීය සහ ජාත්‍යන්තර සිසුන් සඳහා මෙය විවෘතය. 

Destination Australia ශිෂ්‍යත්ව වැඩසටහන

Destination Australia දේශීය සහ ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ඉගෙනීමට සහ ජීවත් වීමට ශිෂ්‍යත්ව පිරිනැමීම පිණිස සුදුසුකම් ලත් තෘතීයික අධ්‍යාපන සැපයුම්කරුවන්ට අරමුදල් සපයයි.

මෙම වැඩසටහන වර්ධනයට සහ තිරසාරත්වයට දායක වන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ක්‍රියාත්මක තෘතීයික අධ්‍යාපන සපයන්නන්ට සහාය වේ.

මෙය ඔස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි සිටින සිසුන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනය, පුහුණුව සහ පර්යේෂණ සිදු කිරීමට සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ජීවිතය අත්විඳීමට අවස්ථාව ලබා දෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
තවද මේ හරහා ජාත්‍යන්තර සිසුන්ගේ සමාජ, සංස්කෘතික සහ ආර්ථික ප්‍රතිලාභ ඒ ඒ ප්‍රාදේශීය කලාපවල හුවමාරු කරගැනීමද සහතික කරයි.

මෙවර මේ හරහා 2023 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන දේශීය හා ජාත්‍යන්තර සිසුන් 480 ක් සඳහා වසරකට එක් සිසුවෙකුට ඩොලර් 15,000 දක්වා ශිෂ්‍යත්ව අරමුදල් ලබා දෙයි.

සුදුසුකම් ඇති සිසුන් ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?

සුදුසුකම් ඇති සිසුන්ට මෙම වැඩසටහන සඳහා තෝරාගත් අධ්‍යාපන සපයන්නන් සමඟ සෘජුවම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට හැකිය.

Destination Australia ශිෂ්‍යත්වයක් සඳහා සුදුසුකම් ලැබීමට, සිසුන් ඔවුන්ගේ ශිෂ්‍යත්ව කාලය සඳහා පහත සඳහන් නිර්ණායක සපුරාලිය යුතුය:
  • 2023 අධ්‍යයන වර්ෂයේදී අනුමත අධ්‍යාපන සැපයුම්කරුවෙකු සමඟ පූර්ණ කාලීන අධ්‍යයන පාඨමාලාවක් ආරම්භ කළ යුතුය
  • අදාළ පාඨමාලාව පළමු වසරේ සිට සිව්ව්ව්න වසර දක්වා කාල සීමාවක් සහිත Certificate IV සිට ආචාර්ය උපාධිය දක්වා ඔස්ට්‍රේලියානු සුදුසුකම් රාමු මට්ටම් වලින් එකක් විය යුතුය
  • අධ්‍යයන කාලය ආරම්භයේදී සහ එම කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක පදිංචි වී සිටිය යුතුය

ජාත්‍යන්තර සිසුන් සඳහා
  • ශිෂ්‍යත්ව කාලය සඳහා වලංගු ශිෂ්‍ය වීසා බලපත්‍රයක් පවත්වාගෙන යා යුතුය
  • CRICOS හි ලියාපදිංචි පූර්ණ කාලීන අධ්‍යයන වැඩසටහනක පාඨමාලාවක් කිරීමට බාරගත යුතුය

වැඩි විස්තර සඳහා, සිසුන් තමන් කැමති මේ සඳහා තෝරාගත් අධ්‍යාපන සැපයුම්කරුවකු සම්බන්ධ කර ගත යුතුය.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service