ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මාර්ගය සකසන රැකියා වීසා බලපත්‍රයක් වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled Work Regional (Provisional) වීසා (Subclass 491) පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.
ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය.
2022-23 වසර සඳහා 491 වීසා ආශ්‍රිත වැඩිම කෝටාවක් හිමිව ඇත්තේ ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර එම අගය 6,168 කි.
වසර 3 කට පසු අදාළ සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව මෙම 491 වීසා දරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සපයන 191 වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
නිව් සවුත් වේල්ස් 491 වීසා නාමයෝජනා
මෙම වීසා බලපත්‍රය සඳහා නිව් සවුත් වේල්ස් වීසා නාමයෝජනා ලබාදෙන මාර්ග දෙකක් තිබේ:
- Regional Development Australia (RDA) කාර්යාලයකට සෘජුවම අයදුම් කිරීම
- Investment NSW මගින් අයදුම් කිරීම සඳහා ආරාධනාවක් කිරීම
Regional Development Australia (RDA) කාර්යාලයකට සෘජුවම අයදුම් කිරීම යටතේ නාමයෝජනා ප්‍රවාහ දෙකක් ඇත.
- නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාපයක පදනම් වූ සේවා යෝජකයෙකු සමඟ රැකියා කිරීමේ ඉතිහාසයක් තිබීම
- අදාළ නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාපයට ඔබගේ කුසලතා අවශ්‍ය වීම
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නිව් සවුත් වේල්ස් 491 වීසා නාමයෝජනා නිර්ණායක
නිව් සවුත් වේල්ස් 491 වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබීමට, ඔබ මෙම වීසා බලපත්‍රය සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුව විසින් දක්වා ඇති පහත සඳහන් සියලුම සුදුසුකම් සපුරාලිය යුතුය.
- වයස අවුරුදු 45 ට අඩුවීම
- වලංගු skills assessment එකක් තිබිය යුතුය
- ඔබේ වෘත්තීය අදාළ skilled occupation ලයිස්තුවේ තිබිය යුතුය
- ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ක්‍රමයට අනුව ලකුණු 65 ක් තිබිය යුතුය
- අදාළ වෘත්තියට අනුකුලව ප්‍රකාශ කර ඇති පරිදි ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය
ඊට අමතරව, නිව් සවුත් වේල්ස් 491 වීසා නාමයෝජනා මාර්ගය හෝ නිව් සවුත් වේල්ස් 491 වීසා නාමයෝජනා අපේක්ෂා කරන ප්‍රවාහය සඳහා පහත සඳහන් සියලු සුදුසුකම් සපුරාලිය යුතුය.
නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාපයක පදනම් වූ සේවා යෝජකයෙකු සමඟ රැකියා කිරීමේ ඉතිහාසයක් තිබීම
- මෙම මාර්ගය යටතේ අයදුම් කිරීමට, ඔබ දැනට NSW හි නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක ජීවත් වෙමින් රැකියා කරමින් සිටිය යුතු අතර, පසුගිය මාස 12 පුරාවට එය නොකඩවා කර තිබිය යුතුය.
- එම රැකියාව ඔබේ වලංගු skills assessment එක ආශ්‍රිත රැකියාවක් විය යුතු අතර වසටකට ආදායම් බදු සහිත ආදායම $53,900 ක් විය යුතුය.
- එමෙන්ම ඔබගේ නම් කරන ලද රැකියාව 491 Skilled Work Regional වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලැබිය යුතුය.
අදාළ නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාපයට ඔබගේ කුසලතා අවශ්‍ය වීම
- මේ සඳහා සුදුසුකම් ලැබීමට ඔබගේ වෘත්තීය Stream B skills ලයිස්තුවේ තිබිය යුතුය.
- එමෙන්ම දැනට NSW හෝ ඔස්ට්‍රේලියාවෙන් පිටත වෙනත් රටක මාස තුනක කාලයක් සඳහා අඛණ්ඩව පදිංචිව සිටිය යුතුවීම.
ඔබ මීට පෙර NSW විසින් කිසියම් නිපුණතා වීසා බලපත්‍රයක් සඳහා නම් කර ඇත්නම් මෙම වීසා බලපත්‍රය සඳහා NSW නම් කිරීම සඳහා ඔබ සුදුසුකම් නොලබයි.